The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විජේදාස රාජපක්ෂ: ධෛර්යවන්තයින්ට ඉරණම සරදම් නොකරනු ඇත

T

The Leader Desk

May 23, 2022 • 5:18 AM

විජේදාස රාජපක්ෂ: ධෛර්යවන්තයින්ට ඉරණම සරදම් නොකරනු ඇත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන සංශෝධනය ලියන්නේ ඒ විජේදාස ම ය.
  • මේ 21 කේ අභියෝගය මට පෙනෙන ආකාරයයි.
  • ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයෙන් ලැබුණු අති විශාල බලය අනිවාර්යයෙන්ම අගමැති සහ කැබිනට් මණ්ඩලයට හිමි කර දීම 21 හි ප්‍රමුඛ අරමුණයි.
  • එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු අතර, එයට කිසිවෙකුත් විරුද්ධ නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අතිශෝක්තියක් නොවේ.

21 වන සංශෝධනය ලියන්නේ ඒ විජේදාස ම ය. මේ 21 කේ අභියෝගය මට පෙනෙන ආකාරයයි.

ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයෙන් ලැබුණු අති විශාල බලය අනිවාර්යයෙන්ම අගමැති සහ කැබිනට් මණ්ඩලයට හිමි කර දීම 21 හි ප්‍රමුඛ අරමුණයි.  එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු අතර, එයට කිසිවෙකුත් විරුද්ධ නොවනු ඇත.

අඬු කඩා, ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ වොෂින් මැෂින් බවට පත් කර ඇති කොමිෂන් සභා නැවත ශක්තිමත් කිරීමට විජේදාස මහතා ට සැබෑ උනන්දුවක් ඇත.  මෑතක දී අධිකරණ කටයුතුත්කට අදාලව අප හමුවූ අවස්ථාවේ දී ද අපි මේ ගැන කතා කළෙමු.  

විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් කොමිසම, විගණන කොමිසම බලාත්මක කෙරෙන උත්සාහයක් එහි අන්තර ගත වනු ඇත්තේය.

 

රනිල් වික්‍රමසිංහ අගැමති ධූරය බාර ගැනීමේ එකම පූර්ව කොන්දේසිය හදිසි මැතිවරණ නොපැවැත්වීම යි.  19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වනවා කියන්නේම, වසර 4 ½ කට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා ඇති බලය (එනම් ලබන වසර මුල පාර්ලිමේන්තුව විසිරවීමේ ජනාධිපති බලය) නැති කිරීමය. ඉන් පසු මැතිවරණ නැත.

 

බැසිල් හා ද්විත්ව පුරවැසි භාවය !!!

wije

පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ බැසිල් රාජපක්ෂ අත ය.  21 න් ද්විත්ව පුරවැසියන් ඉවත් කිරීම යථාර්ථයක් නොවන්නේ මේ නිසාය. නමුත්, විජේදාස රාජපක්ෂට ද්විත්ව පුරවැසි භාවය ඉස්සරහට දමා 21 හි අනෙකුත් වගන්ති සම්බන්ධයෙන් කේවල් කිරීමේ බලය ඒ නිසාම ලැබෙන්නේය. මාගේ අදහස, මේ කේවල් කිරීමෙන් විජේදාස රාජපක්ෂ ජයගනු ඇතිය යන්නය.

විජේදාස මගේ මිතුරෙකු හෝ දේශපාලන මිතුරෙකු නොවේ. ඔහු වරක් මට මහ ලොකු මුදලක් ඉල්ලා එන්තරාවාසියක් ද එව්වේය. විජේදාස දක්ෂයෙකි. කේවල් කිරීමේ සුක්ෂමයෙකි. දැන් මාස දෙකකට පෙරත්, විජේදාස 21 වන සංශෝධනය ගැන වැඩ කරමින් සිටියේය. ඔහුගේ තර්කය වූවේ, 19 වැරදුණු තැන් හදා ගැනීම සහ දේශපාලන කුණාටුවකින් කැලැතුණු ජලයේ අමෘතය මතු වන මොහොත අල්ලා ගත හැකි බවයි.  

19 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කර දිනයේ අවසන් පැය කිහිපය මට අද මෙන් මතක ය. මුළු ආණ්ඩුවට මේ සංශෝධනය සම්මත නොවන්නේ යැයි සලකා ඡන්දයකට නොයන්නට හිත හදා ගත්තේය. විජේදාස, ගේම අතහැරියේ නැත. ඔහු ජනපති මෛත්‍රීත්, අගමැති රනිල් වික්‍රමසිංහ ගේ අතින් රාජපක්ෂ කඳවුර සමඟ සාකච්ඡා කිරීමේ බලය තම අතට ගත්තේය. 19 සම්මත වූවා පමණක් නොව, කාරක සභා අවස්ථාවේ දී පැය 5 කට වැඩි මැරතන් සංශෝධනයක් දුවවන්නට ඔහුට හැකි විය.

එම සංශෝධන අනුමැතිය පසු දින දක්වා කල් තැබුවේ නම්, 19 යේ තටු තවදුරටත් කැපෙන්නට හොඳටම ඉඩ තිබුණි.

19 සම්මත වූ පසුව විජේදාසට පාර්ලිමේන්තුවේ දී ඒ ගැන ප්‍රසිද්ධ ස්තුතියක් හෝ ලැබුණේ නැත.

මම ඇති තරම් විජේදාස රාජපක්ෂ විවේචණය කර ඇත්තෙමි. නමුත්, 21 ගොඩ දාන්නට හැකි වන්නේ නම් ඒ විජේදාසටම පමණී.

 

පාර්ලිමේන්තු විපක්ෂයේ 65 දෙනා 21 ට පක්ෂ වනු ඇත. දෛවයේ සරදමකට දෝ, එදා මෙන් අදත් මේ කඩුල්ලට පනින්නට ඔහු ට සිදුවන්නේ රනිල් සහ මෛත්‍රීපාල සිරිසේන බැලන්ස් කර ගනිමිනි. අනෙක් පැත්තෙන්, බැසිල් රාජපක්ෂ මෙල්ල කර ගනිමිනි.

 

කැබිනට් මණ්ඩලයට අවශ්‍ය දක්ෂයින් ය. දෛවය දෙවනි වරටත් විජේදාස ගේ දක්ෂතාවය පරීක්ෂාවට ලක් කරනු ඇත. රටේ අනාගතය වෙනුවෙන්, ජනපති බලතල අඩු, කොමිෂන් සභා ශක්තිමත් වන රටක් වෙනුවෙන් 21 සම්මත වනු දැකීම මගේ පැතුමය.  



බැසිල් කාගේ බලාපොරොත්තුව ද? - රජිත් කීර්ති තෙන්නකෝන්(රජිත් කීර්ති තෙන්නකෝන්)
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය -විධායක අධ්‍යක්ෂ
දකුණ හා ඌව හිටපු ආණ්ඩුකාර

rajith_tennakoon@yahoo.com


සබැඳි පුවත් :


21 සංශෝධනයට ජනපතිගෙන් බාධාවක් නැහැ - අධිකරණ ඇමති

  

Leader Whats app

  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...