The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැසිල් හා රනිල් සටන - (විමලේගේ සටහන)

T

The Leader Desk

May 30, 2022 • 8:20 AM

බැසිල් හා රනිල් සටන - (විමලේගේ සටහන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තම තත්ත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත විසිඑක් වන සංශෝධනය හා ජනතාවගේ ජීවන ප්‍රශ්න එකම හුයක ගැටගැසී තිබීමයි. බොහෝවිට එකක් නැතුව අනෙක සාර්ථක වන්නට විදිහක් නැහැ.
  • ඌරා වළේ මේ ජරාජීර්ණ තත්ත්වය වෙනස් කරන්න ජනාධිපති උත්සාහ කරනවාද ?
  • නැහැ.20 න් තරකරගත් බලතල කප්පාදු වෙනවට ඔහු කැමැති වෙන්න විදිහක් නැහැ.
  • ගෝඨාභයගේ බෙල්ල හොඳටම හිර වුණ වෙලාවෙ ඔහු විධායකය අහෝසි කිරීමට කැමති බව කිව්වට ඒක බොක්කෙන් කරපු ප්‍රකාශයක් කියලා කියන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

යුතු බවයි.

ඇත්තම තත්ත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත විසිඑක් වන සංශෝධනය හා ජනතාවගේ ජීවන ප්‍රශ්න එකම හුයක ගැටගැසී තිබීමයි. බොහෝවිට එකක් නැතුව අනෙක සාර්ථක වන්නට විදිහක් නැහැ.


එහෙම වෙන්නේ කොහොමද?


21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී ජයග්‍රහණය කරයිද? පාර්ලිමේන්තුව රනිල්ගේ නොවේ. එය ජනාධිපති ගේ ද නොවේ. වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරයේ පොල්මංකාරයා බැසිල්.. බැසිල් නමැති බෙරකාරයා ගේ පදයට පාර්ලිමේන්තුවේ පොහොට්ටු නැට්ටුවෝ නටනු නියතයි.

21 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධුරයේ බලතල අඩු කෙරෙනවා. ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතත්වය අහිමිවෙනවා. මේ කරුණු දෙක මගින් පමණක් රාජපක්ෂලාගේ අධිකාරිත්වය බිඳ වැටෙනවා. බැසිල් නමැති ද්විත්ව පුරවැසියා පාර්ලිමේන්තුවෙන් එළියට වීසි වෙනවා. 20 න් තවත් බලතල  වැඩි කරගත් ජනාධිපතිගේ තටු කැපෙනවා.. ඊට එරෙහිව බැසිල්  ඔහුගේ කුප්‍රකට බලඇණි මෙහෙය වනවා නියතයි.
 
 
එළාරගේ ප්‍රබලම සෙනෙවියා දීඝජන්තු. දීඝජන්තු අත සතුරා මඩින සුවිශේෂී අවියක් තිබුණා. ඒකෙ නම යගදාව. එම අවියෙන් ඕනෑ ම ජගතකු මෙල්ල කළ හැකියි. බැසිල් රාජපක්ෂ එළාරගේ දීඝජන්තුවා හා සමානයි. බැසිල් නම් දීඝජන්තුවාගේ අවිය වරදාන සහ වරප්‍රසාද. ඒවාට නොනැමෙන පාක්ෂිකයන් මෙන්ම විපාක්ෂිකයන්ද දුර්ලභයි. බැසිල් නම් දීඝජන්තුවා සටනේ යම් තීරණාත්මක තැනක දී ඇමෙරිකාවට පලා යන තුරුම කුප්‍රකට දේශපාලන සැලසුම් වල නිරත වනු නොඅනුමානයි.
 
 
මේ මොහොතේ තිබෙන්නේ පොහොට්ටුවේ පොල්මංකාර බැසිල් සහ හුදකලා රනිල් අතර ඌරාවළේ සටනක්. ඌරා වල තමයි පාර්ලිමේන්තුව. මේ ඌරාවළේ සටනෙන් දිනන්නෙ බැසිල්.  මොකද ඌරා වල බැසිල්ගේ නිසා. ඌරා වළේ මේ ජරාජීර්ණ තත්ත්වය වෙනස් කරන්න ජනාධිපති උත්සාහ කරනවාද ? නැහැ.20 න් තරකරගත් බලතල කප්පාදු වෙනවට ඔහු කැමැති වෙන්න විදිහක් නැහැ.

ගෝඨාභයගේ බෙල්ල හොඳටම හිර වුණ වෙලාවෙ ඔහු විධායකය අහෝසි කිරීමට කැමති බව කිව්වට ඒක බොක්කෙන් කරපු ප්‍රකාශයක් කියලා කියන්න බැහැ.

21 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ දී පරාජය වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?


රනිල් වික්‍රමසිංහට තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳෙන්නට නොහැකි වෙනවා. ඒක රනිල්ගේ දේශපාලන සතුරන්ට සතුටට කාරණයක් විය හැකියි. එහෙත් එමගින් පොදු ජනයා තවදුරටත්  පීඩාවට පත්වෙනවා. ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව තව තවත් මහජන විරෝධයට ලක් වෙනවා. විශේෂයෙන්ම ඉන් මතුවන දේශපාලන අස්ථාවරත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල තවත් ඈතට පාවෙලා යන්න ඉඩ තියෙනවා.



එතකොට කොහොමද ජනතාවට සහන දෙන්නෙ ???


එතකොට කොහොමද ජනතාවට සහන දෙන්නෙ. 21 වැනි සංශෝධනය සහ ජීවන ප්‍රශ්න විසඳීම එක හුයක ඇමිණී තිබෙන්නේ එතනින්.

21 පරාජය වෙලා රනිල් ආපසු හැරුණොත් ඒ සමගම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩිම කැමැත්ත ඇති පුද්ගලයා අගමැති බවට පත්වෙනවා. ඒ බැසිල්. එවිට මහජන අරගලය තව උග්‍ර වෙලා රට තව තවත් ආරාජිකත්වයට ඇද වැටෙනවා. ඒ කියන්නේ පැදුරෙන් බිමට වැටෙනවා.
 
 
ජනාධිපතිගේ බලතල කප්පාදුවී පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයකුයි රටට අවශ්‍ය. එවිට අධිකාරි බලයක් සහිත ජනාධිපතිවරයෙක් වෙනුවට පාලිත බලයක් ඇති සහයෝගීතාවාදී අගමැතිවරයෙක් රටට ලැබෙනවා. මූල්‍ය විනිවිදභාවය හා මූල්‍ය පාලනය වෙනුවෙන් වත්මන් අගමැති යෝජනා කර ඇති කාරක සභා ක්‍රමය එවැනි සහයෝගිතාවාදී ලක්ෂණයක්.
 
 
කාරක සභා සඳහා පුළුල් නියෝජනයක් ඇතිකර ගැනීමට යත්න දැරීමත් ඒ සහයෝගිතාවාදය පිළිබිඹු කිරීමක්.

මේක ප්‍රතිසංස්කරණවාදී ලෝකයක්. ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කළ හැක්කේ ඉන් එහා කොන්දේසි විරහිත අරගලයකට ජනතාව සූදානම් වුණොත් විතරයි. එතෙක් ප්‍රතිසංස්කරණවාදී ඔරුවේ නැගී මේ චණ්ඩ මුහුද තරණය කරන්නම වෙනවා.



සිංහයා නිදහස් කර අලුත් විදියකට හිතමු - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
රාවය හිටපු කර්තෘ
wimale.ravaya@gmail.com


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...