The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වහාම මැතිවරණයකට යා යුතුමයි - (කැලුම් පාලිත මහීරත්න)

T

The Leader Desk

June 4, 2022 • 8:54 AM

 වහාම මැතිවරණයකට යා යුතුමයි - (කැලුම් පාලිත මහීරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයාට ද යම් සිහිනයක් තිබුණා නම් එයද කුඩුපට්ටම් වී හමාරය.
  • නමුත් ඛේදවාචකය ඇත්තේ එතන නොවේ.
  • ලක්ෂයක් ජනතාව පත්කල ඔළුගෙඩි ටික තාම පාර්ලිමේන්තුවේ එලෙසින්ම දිලිදිලි තිබීමයි.
  • ජනාධිපතිවරයාගේ බලතල අහෝසි වන වන තරමට පාර්ලිමේන්තුවේ සිටින කළු පාට කුරුල්ලා සතුටු වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයාට ද යම් සිහිනයක් තිබුණා නම් එයද කුඩුපට්ටම් වී හමාරය. හොරා කන්නන් ගෙන් කොමිස් ගසන්නන් ගේ සිහින සිහින ද කුඩුපට්ටම් වි හමාරය. මැති ඇමතිකම් කුණු මාළු ගානට හැටි හමාරය. තමන්ගේ ඇමති කම විපක්ෂ මන්ත්‍රී කෙනෙකුට දීමට තරම් මැති ඇමතිවරුන් නන්නත්තාර වී ය හමාරය.

නමුත් ඛේදවාචකය ඇත්තේ එතන නොවේ. 69 ලක්ෂයක් ජනතාව පත්කල ඔළුගෙඩි ටික තාම පාර්ලිමේන්තුවේ එලෙසින්ම දිලිදිලි තිබීමයි. කළු පාට කුරුල්ලෙක් තාමත් පාර්ලිමේන්තු වටේ සැරිසැරිමයි.


WhatsApp Image 2022 06 04 at 12.12.21 PM          සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවකි


හැට නම ලක්ෂයක් ජනතාව මේ වන රජයට විරෝධය පෑවත් රජය එය එතරම් තැකීමකට නොගන්නේ මෙන්න මේ ඔළුගෙඩි ටික තාමත් තමන් සන්තකයේ තිබෙන නිසාය. දහනමය බලගන්වනට අලුත් අලුත් අගමැතිවරයා කටයුතු කරන මේ වෙලාව අතිශය භයංකර ය. ජනාධිපතිවරයාගේ බලතල අහෝසි වන වන තරමට පාර්ලිමේන්තුවේ සිටින කළු පාට කුරුල්ලා සතුටු වනු ඇත. පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලැබුණු තැන අළුපාට කුරුල්ලාට ද වැඩි බලයක් ලැබෙනු ඇත.

මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයත් සමගින් සමගින් අලුත් අගමැතිවරයාට ගෙදර යෑමට ඇති ඉඩ වැඩ යෑමට ඇති ඉඩ කඩ වැඩිය. රට තුළ මොන තරම් විරෝධයක් තිබුණත් පාර්ලිමේන්තුව ඇතුළේ වැඩි බලයක් ඇත්තේ පොහොට්ටුවට බව ඉතාමත් පැහැදිලිය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වෙන්නේ කවදාද ? අගමැතිවරයාට වැඩි බලතල ලැබෙන්නේ කවදාද ? එදාට අලුත් අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එසවෙන එක වැලැක්විය නොහැකි වනු ඇත. එදාට අලුත් අගමැතිවරයාට පක්ෂව ඉතුරු වන්නේ අලුත් අගමැතිවරයා පමණක් වන්නට පුළුවන.

එවන් මොහොතක අලුත් අගමැතිවරයා සජබ ය අතර ඇති සීතල යුද්ධය උණුසුම් වනු ඇත. ශ්‍රීලනිපය ය ද සීතල වතුර බින්දුවක් බොනු ඇත.


අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ වැඩි බලතල හිමි වූ සැනින් පොහොට්ටුව තමන්ගේ අලුත් අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ පත් කර ගැනීමට කටයුතු කිරීම සුටුස් ගා කරනවා නොඅනුමානය.


ඒ වන විට රටේ ජනතාවට කළ හැකි දෙයක් නොවනු ඇත. ඒ වන විට රටේ ජනතාවගෙන් බහුතරයක් පෝලිම්වල ය. මේ ආණ්ඩුව මෙසේ තිබෙන තුරු ජනමතය ට ඉඩක් ලැබෙන්නේ නැත.

එම නිසා කෙසේ හෝ හිඟා කා හෝ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා ජනමතය තීන්දු කර ගත යුතු කාලය එළඹ ඇත. එසේ නොවුනහොත් අප කැමැති වුවත් නොවුනත් පාර්ලිමේන්තුව තුළ අගමැති ධුරයමාධ්‍යවේදී  පික්පොකට් ගැසීම වළක්වා ගත නොහැකි වනු ඇත.

(කැලුම් පාලිත මහීරත්න)
(නිදහස් මාධ්‍යවේදී)
kalum.palitha@gmail.com

Kalum palitha 060619 2




 

 

 

 

 

 

Leader Whats app

  6

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...