The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද? අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 4, 2022 • 5:50 PM

රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද? අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි.
  • අප මොන නැටුම් නැටුවත් හිඟාකෑම එතරම් සාර්ථක වන්නේ නැති බව දැන් පෙනේ.
  • සම්භාව්‍ය ධනවාදය හෝ ජාතික සමාජවාදය වැනි ෆැන්ටසි ඔලුවේ තියාගත් අයට කරන්නට පුළුවන් අටමගලයක් නැත.
  • අප හැමෝම තක්කඩින් බවට පත්විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි.

අප මොන නැටුම් නැටුවත් හිඟාකෑම එතරම් සාර්ථක වන්නේ නැති බව දැන් පෙනේ. සරලව කිවහොත්, කිසිදු රටක් අපට මේ අවස්ථාවේදී පොසොන් එකට අනුරාධපුරේ තිබෙන්නා වැනි තුන්වේල බත් දන්සල් දෙන්නේ නැත.

එහෙත්, ලෝක ආහාර වැඩසටහන හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනවලින් ආහාර, බෙහෙත් ආදී සීනි හකුරු සමග බෙලිමල් මට්ටමේ දන්සල් පමණක් ලබාගත හැකිය.

ඇමරිකන් කඳවුර අපට උදව් කරන්නේ ඉන්දියාව හරහා පමණි. ඒකත් චීනය දුරින් තියාගැනීම සඳහාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන වුව ඕනෑවට වඩා ලොකු බලාපොරොත්තු තබාගැනීම එතරම් යථාර්ථවාදී නැත.



අප සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගත්තත්, සර්වභක්ෂක ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් වෙනසක් නැත. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා අභ්‍යන්තර කාරණා මිස අපට පිටින් ආධාර ලබාගැනීමට මාර්ග නොවේ.



එහෙත්, අපට විසඳුම් තිබේ. ඒ වනාහි රට ගිනිතැබීම නවත්වා, පාරිභෝජනවාදය පාලනය කරගෙන, දූෂණය හා නාස්තිය අවම කරගෙන, තියෙන දෙයක් විකුණාගෙන, ආයෝජන ගෙන්වාගෙන, නිකං කකා ඉන්න රජයේ සේවය වෙනුවට රටේ හැම කෙනාම ව්‍යවසායකත්වය දෙසට යොමුකරගෙන, සංචාරකයන් ගෙන්වාගෙන, ඔවුන්ට ඔවුන් කැමති යටිතල පහසුකම් සපයා, අතට අහුවන මොනවා හෝ බිස්නස් කර හෙමින් සැරේ නැගිටීමයි.



සම්භාව්‍ය ධනවාදය හෝ ජාතික සමාජවාදය වැනි ෆැන්ටසි ඔලුවේ තියාගත් අයට කරන්නට පුළුවන් අටමගලයක් නැත. 2019ට පෙර අප ගුණය ගැන සිතන්නට හැකි රටක් වෙමින් තිබිණි. දැන් මූලික අවධානය යොමුකරන්නට සිදුවන්නේ ප්‍රමාණය ගැනය.

අපට ගොඩයන්නට අවශ්‍ය නම්, රාමුවෙන් පිට සිතන්නට පුළුවන් තක්කඩි නායකත්වයක් අවශ්‍යය.

අප හැමෝම තක්කඩින් බවට පත්විය යුතුය. රනිල්ගේ තක්කඩිකම පවා ප්‍රමාණවත් නැතැයි මට සිතේ. බැසිල්ගේ තක්කඩිකම ඕනෑවට වඩා වැඩිය. අනුරලා ද අපට ගැලපෙන තක්කඩි පිරිසකි. එහෙත්, ඔලු මඤ්ඤංය.

Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

 

 

රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...