The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 6, 2022 • 4:56 AM

බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදායම් බද්ද 18% දක්වා අඩුකළා.
  • වැට් බදු අයකරන ආදායම් සීමාව කාර්තුවකට මිලියන තුනේ සිට මිලියන 75 දක්වා ඉහළ නැංවූවා.
  • මෙමගින් රජයට 2020දී පමණක් බදු ආදායම රුපියල් බිලියන 500කින් පමණ අඩු වූ බව වාර්තා වෙනවා.
  • රජ‍යේ බදු ආදායම 2020දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.1%යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආදායම් බද්ද 18% දක්වා අඩුකළා.

වැට් බදු අයකරන ආදායම් සීමාව කාර්තුවකට මිලියන තුනේ සිට මිලියන 75 දක්වා ඉහළ නැංවූවා.

මෙමගින් රජයට 2020දී පමණක් බදු ආදායම රුපියල් බිලියන 500කින් පමණ අඩු වූ බව වාර්තා වෙනවා. කොවිඩ් අධිවසංගතයේ බලපෑමත් එයට එල්ලවුණා.

රජ‍යේ බදු ආදායම 2020දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.1%යි.

2021දී  7.7%යි.

1990දී  20.4%යි.

රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා වැට් බද්ද 12% දක්වාත් විදුලි සංදේශ බද්ද 11.25 සිට 15% දක්වාත් වැඩිකර තිබෙනවා. පුද්ගල ආදායම් බදු අය කරන සීමාව රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කර තිබෙනවා.

වැට් බද්ද වැඩිකිරීම නිසා මේ වන විටත්, වෙළඳපොළේ භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළනංවා තිබෙන ආකාරය දැකිය හැකියි. එමගින් ජනතාව දැඩි පීඩනයකට ලක්වෙනවා.


කෙසේ වෙතත්, මේ බදු ඉහළ නැංවීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ජාත්‍යන්තර ආයතනවල සහාය ලබාගැනීමේදී මෙන්ම ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡාවලදීත් රාජ්‍ය ආදායම් ඉහළනංවාගැනීමේ ක්‍රියාමාර්ග ප්‍රයෝජනවත් වෙනවා.




2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද?

ආදායම් නැතුව වියදම් කරන්න පුළුවන්ය කියල රටේ මුදල් ඇමති හිතුවට ගමේ බේබිනෝනාවත් හිතන්නෙ නැහැ.


සජිතසාත්මිකතාව - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

{gallery}radicalcenter2022531{/gallery} 

 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...