The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 9, 2022 • 5:16 AM

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි.
  • මා මෙම ලිපියේ මතු කර දක්වන්නේ මෙහි ඇති දේශපාලන වැදගත්කම පමණි.
  • කෙසේ වෙතත්, රටේම විදුලිය විසන්ධි කරන බවට ඔවුන් කරන තර්ජනයට ආණ්ඩුව ශක්තිමත්ව මුහුණදිය යුතුය.
  • මණ්ඩලයේ සිටින ඉංජිනේරු ඇතුළු සේවක අතිරික්තය හා වෙනත් දූෂණ මැඩලීම එහි කාර්යක්ෂමතාව ඉහළනැංවීම සඳහා අත්‍යවශ්‍යය.
අකුරු ප්‍රමාණය (Font Size):



විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි.

 

බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.

 

අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම ලිපියේ මතු කර දක්වන්නේ මෙහි ඇති දේශපාලන වැදගත්කම පමණි.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් යනු ලංකාව මුහුණදී තිබෙන බලශක්ති අර්බුදයට වගකිව යුතු ප්‍රධානම පිරිසයි. එහෙත්, ඔවුන් මේ ගැන දක්වන අදහස් වැදගත්ය. සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.

කෙසේ වෙතත්, රටේම විදුලිය විසන්ධි කරන බවට ඔවුන් කරන තර්ජනයට ආණ්ඩුව ශක්තිමත්ව මුහුණදිය යුතුය. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකළ හැකි විප්ලවයට එරෙහි ප්‍රතිවිප්ලවය නියපොත්තෙන් කැඩිය හැකි තැනදීම කඩාදැමිය යුතුය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් සිදුකළ යුතුය. මණ්ඩලයේ සිටින ඉංජිනේරු ඇතුළු සේවක අතිරික්තය හා වෙනත් දූෂණ මැඩලීම එහි කාර්යක්ෂමතාව ඉහළනැංවීම සඳහා අත්‍යවශ්‍යය.

 

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් නගන සුපුරුදු අවලාදය නම් මේ සැරසෙන්නේ මණ්ඩලය විකුණාදැමීමට බවය. අප නම් කියන්නේ රටට බලශක්ති සුරක්ෂිතතාව සැපයීමට අසමත් වී තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය විකුණාදැමුවත් කමක් නැත.

 

බලශක්ති සුරක්ෂිතභාවය ලංකාවේ නිෂ්පාදන කාර්මික විප්ලවයක් සඳහා අත්‍යවශ්‍යය. ආනයනික පෙට්‍රෝලියම් මත රඳාපැවතීම අවම කිරීම සඳහා මාර්ගය වැටී තිබෙන්නේ පුනර්ජනනීය බලශක්තිය හරහාය.

ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු වන සුජීව අබේවික්‍රම ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිණි. “මෙගා වොට් එක බැගින් වූ විදුලි ව්‍යාපෘති 10,000කට බලපත්‍ර නිකුත් කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ හෙක්ටයාර් 20,000කි. එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ව්‍යාපෘති 30ක් පමණ ඇතුළත් වෙයි. ව්‍යවසායකයාට කොටස්වලින් 20%ක් දෙමු. ඉඩම අයිතිකරුට 10%ක කොටස් දෙමු. ඉතිරි කොටස් 70% ඩොලර් ආයෝජනය කළ හැකි විදෙස්ගත ලාංකිකයන්ට හෝ විදේශිකයන්ට ලබා දෙමු. ඒ කාටත් ලාභාංශ ගෙවිය යුත්තේ රුපියල්වලිනි. විදේශීය ආයෝජකයාට දෙන රුපියල්වලින් ලංකාවට පැමිණ සංචාරය කර විනෝද වී යළි සිය රටට යාමට පුළුවන. ලංකාවේ කරන සංචාරය සඳහා ඔහුට අවශ්‍ය මුදල් ලංකාව ඇතුළේ පවතියි. රුපියල් රටින් පිටට ගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොමැති නිසා විදේශිකයා තමන් සතු රුපියල් ලංකාව ඇතුළේදීම වියදම් කරයි. එවැනි ව්‍යාපෘතිවලට කැමැති විදේශිකයෝ ලොව කොතැනත් සිටිති. මා කරන මේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් අපේ ඩොලර් ප්‍රශ්නයට ද විසඳුම් ලැබෙයි. ආහාර අර්බුදයට ද පිළියම් යෙදෙයි. රට පුරා එවැනි ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක වුවහොත් රට පුරා නව රැකියා බිහි වෙයි.”

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් කටයුතු කරද්දී දූෂණ අවම වන පරිදි කටයුතු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත්, මේ වනාහි ලංකාව එඩිතර තීරණ ගත යුතු වකවානුවකි. ආණ්ඩුවට එසේ කිරීමට සිදුවී තිබේ. බලශක්තිය භාරව ශක්තිමත්, එඩිතර, තරුණ ඇමතිවරයකු සිටීම බලාපොරොත්තු ජනිත කරයි. ඡයාරූපයේ සිටින්නේ විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර හා අපේ රටේ අනාගත පරපුරට අයත් සාමාජිකාවන් දෙදෙනෙකි.


සජිතසාත්මිකතාව - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


kjls

සබැඳි පුවත්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...