The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බ්‍රේකිං පොයින්ට් එක - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 11, 2022 • 5:18 AM

 බ්‍රේකිං පොයින්ට් එක - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පොලිස් නිලධාරීන් ද ඉන්නේ වෙහෙසට පත්වෙලාය.
  • ඉතින් ඌ ඒ ලැබුණු අවස්ථාවේ දෙන්නං ජම්බු කියා මෙහෙම කරන තැනට ගොස් ඇත.
  • එය අරගලයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියා සිහිබුද්ධියෙන් සිතාබලන්න.
  • ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේ අණකරන්නට දෙයක් නැත. මේ පොලිස් නිලධාරීන් ද ඉන්නේ වෙහෙසට පත්වෙලාය. කලකිරිලාය. දරු පවුල්කරුවන් වන බහුතරයක් පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ පොඩි පඩියකි. අතිකාල, බටා ආදියට දැන් තර්ජන එල්ලවී තිබේ.

අතට ලැබෙන පඩිපත ණය තුරුස් ගෙවා ගෙදර කෑම බීම ටික සපයාගන්නටත් මදිය. වෙන වැඩක් කරන්නට වෙලාවක් ද නැත. ඒ මදිවාට උද්ඝෝෂණය.

එක එක පඬිවරු මූණ ඉස්සරහට ඇවිත් ජීවිතය ගැන දේශනා පවත්වති. බැරියර් පෙරළති. කඩති; බිඳිති. උපරිමයෙන් කෝපාවිෂ්ට කරති. සියල්ල ඉවසා සිටිය යුතුය. වෙඩිතියන්නට අණ ලැබෙන්නේ නැත. පහරදෙන්නට පවා අණක් ලැබෙන්නේ නැත. කඳුළු ගෑස් පමණි.

ඉතින් ඌ ඒ ලැබුණු අවස්ථාවේ දෙන්නං ජම්බු කියා මෙහෙම කරන තැනට ගොස් ඇත. එය අරගලයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියා සිහිබුද්ධියෙන් සිතාබලන්න.

දැන් මේ පොලිස්කාරයන්ගේ රතුඉර පැනලාය. දැන් උන් බලාඉන්නේ අවස්ථාවක් ලැබෙන තෙක්ය.

අරගලයට ද දැන් කඳුළුගෑස්වලින් එහා යමක් අවශ්‍යය. නැතිනම් අරගලය දියවී යයි. පොලිසිය ද කඳුළුගෑස් ඇඟට දමාගසන තැනට ඇවිත්ය.


ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය උපරිම ආතතියෙන් යුත් මොහොතකි. කාගේ හෝ එක් පුංචි චලනයකින් බලතුලනය බිඳී යනු ඇත. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.


 

AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බ්‍රේකිං පොයින්ට් එක - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader