The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංදර්ශනය හා සමතුලනය - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 11, 2022 • 2:59 PM

සංදර්ශනය හා සමතුලනය - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි දෝ යන්න සැක සහිත ය.
  • සමහරු ඉන් හඟින්නේ සැබෑ පෙණුමෙන් වියුක්ත රැවටිලිකාර මායාවක් බව ය.
  • ප්‍රේක්ශාව යන පදය ස්පෙක්ටකලයට තම කණ්ඩායම කලක් තිස්සේ භාවිතා කළ බව එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් මට කීවේ ය.
  • කෙසේ වෙතත්, මගේ තේරුම් පමණින්, ස්පෙක්ටකල කේන්ද්‍රීය සංකල්පයේ අරුත වන්නේ නිදහස් ආර්ථිකයක හදවත වන වෙළෙඳ පොළ සමස්ත සමාජය සිසාරා තම පරමාධිපත්‍ය නව උපක්‍රම මගින් ස්ථාපිත කරනාකාරය හා ඉන් සමාජයේ සිතුම් පැතුම් හා හැසිරීම් තමනට රිසි ලෙස හසුරුවණ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):



සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි දෝ යන්න සැක සහිත ය. සමහරු ඉන් හඟින්නේ සැබෑ පෙණුමෙන් වියුක්ත රැවටිලිකාර මායාවක් බව ය.

ප්‍රේක්ශාව යන පදය ස්පෙක්ටකලයට තම කණ්ඩායම කලක් තිස්සේ භාවිතා කළ බව එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් මට කීවේ ය.

කෙසේ වෙතත්, මගේ තේරුම් පමණින්, ස්පෙක්ටකල කේන්ද්‍රීය සංකල්පයේ අරුත වන්නේ නිදහස් ආර්ථිකයක හදවත වන වෙළෙඳ පොළ සමස්ත සමාජය සිසාරා තම පරමාධිපත්‍ය නව උපක්‍රම මගින් ස්ථාපිත කරනාකාරය හා ඉන් සමාජයේ සිතුම් පැතුම් හා හැසිරීම් තමනට රිසි ලෙස හසුරුවණ බව ය.

මේ උපක්‍රම අතර ජන මාධ්‍ය, අලෙවිකරණය හා ප්‍රචාරණය කේන්ද්‍රීය කාර්ය භාරයක් ඉටු කරයි. විශේෂයෙන් යමක රුව හා පෙනුම ආකර්ශණයක විලස භාවිතා කිරීම ඉන් සිදු කෙරේ.

ස්පෙක්ටකල අදහස, මාක්සියානු සංකල්පයක් වන 'ෆෙටිෂිසම් ඔෆ් ද කොමෝඩිටීස්' හෙවත් භාණ්ඩික අර්චනය නොහොත් බඩු  මුට්ටුවලට ඇති ගිජුකම, ඇසුරින් පරිනාමය වුණු එකක බව ද කියැවේ.



සංදර්ශන සමාජයක මතුපිට පෙනුම හෙවත් පොත්ත අන්තර්ගතයට වඩා වැදගත් වේ. භාණ්ඩයක හෝ සේවාවක උපයෝගිතාවය හෙවත් නෛසර්ගික ප්‍රයෝජනයට වඩා, වෙළෙඳ පොළ විසින් නිර්මාණය කර ආරෝපිත ව්‍යංග වටිනාකම ඉහල යෑම මාක්සියානු විවේචනයට බඳුන් වේ.    

   

තරමක් පරණ වුව ද යට කී අදහස් ගැන මට මතක් වුණේ 'අරගලය' ආශ්‍රිත ඉමේජරි හෙවත් රූප, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල පළ වන, ගැන මෙණෙහි කිරීමේ දී ය. සමහර ඒවා නම් අහිංසක සෙල්ෆි ය. නම ලකුණු කිරීම හෙවත් 'මාත් එතැන හිටියා' යන්නට වඩා යමක් ඉන් නොකියැවේ.

අනෙක් රූප වන්නේ යමෙකු විසින් අනෙකෙකු හෝ පිරිසකගේ හෝ යම් අවස්ථාවක කැමරාවට හසු කර ගන්නා ඒවා ය. මෙහිලා හුදෙක් වාර්තා ජායාරූපකරණයට වඩා ඔබ්බට ගිය දෙයක් අපට මේ රූප තුලින් දැක ගත හැක. එනම් ඒ රූප, රූපය හසු කරගන්නා විසින් රාමු කරගන්නා ආකාරය යි. ඉන් අපට යමක් උගුරෙන් පහලට තල්ලු කරන්නට ඔහු හෝ ඇය (හෝ යම් සංවිධානයක් / කණ්ඩායමක්) ගන්නා උත්සාහය යි.

මීට ප්‍රතිචාරී ව රූපයට හසු වෙන්නා ද යම් ආකාරයක අනුකූලතාවයක් දැක්වීම යි. රූප ප්‍රතිනිර්මාණය වැඩි වෙත් ම යට කී අනුකූලතාව ද වැඩිවේ. මට මේ අවස්ථාවේ මතක් වන්නේ මහේල ජයවර්ධනගේ එකල බිරිඳ ක්‍රීඩා නාලිකා කැමරා හසු කරගන්නා ආකාරයත් කලක් යත් ම එම මහත්මිය තුල කැමරාවට අනුකූලතාවයක් දැක්වීමත් ය.


සති කිහිපයකට පෙර යාන්තමින් විලි වසාගෙන විශාල කුරුසයක් කරේ හොවා ගෙන තාර පාරේ දුෂ්කර ගමනක ගිය අයෙකුගේ රූප ද ඊට සමගාමී ව ගෙලේ වැලක් දමා හාමතින් සිටි අයෙකුගේ රූප ද මතකයට නැගේ.      


'අරගලය' ලෙස දින පනහකට පමණ පෙර සිට අප කියනට පුරුදු වුණු සංසිද්ධිය ආදරය හා නිර්ප්‍රචණ්ඩ වැනි ගුණාංග වලින් බෞතීස්ම කළ එකක් විය. එය නරක දෙයක් නොවේ. එහෙත් මේ තත්ත්වය තුල එක්තරා ආකාරයකට අරගලය හුදු ආභිචාර ම ය අවකාශයක් බවට පත් කරලීය.  එනම් එහි ඇති සංඛේතීය සංස්කෘතික හා ලොජිස්ටිකමය කාරණා ඒවායේ ම හිර වී ඒවා කිරීම ම අරගලය ලෙස වටහා ගැනීම යි.  



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සම්මේලනය..

මේ තත්ත්වය යම් තරමකට වෙනස් කළේ අන්තරය ලෙස කෙටි නමකින් හඳුන්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සම්මේලනය යි.

මීට වසර කිහිපයකට පෙර විසම්මුතියක ප්‍රතිඵලයක ලෙස ජවිපෙන් දික්කසාද වී පෙසප ලෙස නව දේශපාලන කණ්ඩායමක් පිහිටුවා ගන්නට යද්දී ඒ පිරිස අන්තරේ බිලිඳාව ද කර ගහන් ගිය හ.

ආපසු හැරී බැලීමේ දී කෙනෙකුට වැටහෙන්නේ පෙසපේ කර ගහන් ගියේ ජවිපෙ තිබූ ජවය බව යි. ඉන් අනතුරු ව ජවිපෙ, ජීවන විලාසිතා පන්නයේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාජබාකාරයෙන් රූපාන්තරණය වීම ඒ අර්ථයෙන් තාර්කික ය. පෙසපේහි නාහෙට නාහන ජවය සමග ජවිපෙට හැරෙන්නවත් බැරි ය. මහින්ද-අගමැති සිටි විජේරාම නිවෙස වට කිරීමෙන් අන්තරේ හා ඒනයින් පෙසපෙ තම බලය පෙන්වී ය.

dferaw
අන්තරේ තම සුපුරුදු නාහෙට නාහන ශෛලියෙන් මිදුණු විශේෂ අවස්තාවක විය. එනම් පොලීසිය සමග කරන බැරියර් තල්ලු කිරීමේ ඉසව්වට අමුතු ක්‍රීඩකයෙකු කැඳවීම ය. තරුණ කාන්තාවක වූ ඇය, වෛද්‍ය ශිෂ්‍යාවකි. ඕ කිවිඳියක් කියා ද කියැවේ. අන්තරේ එකාකෘතික මුහුණුවරින් හා ඇඳ පැළඳුම්වලින් සපුරා වෙනස් ඈ අමුතු එකියක විය. මේ තරුණිය හැඳ සිටියේ නවත ම විලාසිතාවක් වන බෙල්බොටමැති ඩෙනිම් ඕවරෝලයකි. දෙපය සරසා තිබුණේ සන්නාමිත හෙවත් බ්‍රෑන්ඩඩ් 'නිව් බැලන්ස්' ට්‍රේනර් සපත්තු ජෝඩුවකි. බැරියරය වෙත බිලාල-ගමණින් පැමිණි ඕ,  බැරියරයේ යටි තට්ටුවට එක පාදයක් සීරුවෙන් තබා,  අනෙක් පාදය රුසියානු බැලරීනාවක මෙන් අහස දෙසට ඔසවා, එක අතකින් රතු රෝස මලක් පොලිස් කොස්තාපල්වරකුට ප්‍රදානය කළේ කැමරා දහසක කාච විවර කරමිණි.      

මෙය ද එක්තරා සංදර්ශනයක් ලෙස ඇතැමෙකුට පෙනෙන්නට පුළුවන. එය එසේ වීමට ද ඉඩ ඇත. එහෙත් මෙය මා දකින්නේ ඇය නියෝජනය කරන දේශපාලන දහරාවේ විශේෂ අවස්තාවක් ලෙස ය. ඇයගේ ට්‍රේනර් සපත්තු ජෝඩුව සන්නාමිත 'නිව් බැලන්ස'යක් වීම අහම්බයක් විය හැක. එහෙත් 'නිව් බැලන්ස්' හෙවත් 'නව සමතුලිතතාව' දේශපාලන සන්දර්භයේ අන් කවරදාටත් වඩා අදට අදාළ ය.

අන්තරය නියෝජනය කරන පෙසපෙය අන්තර්ගතයෙන් (විශ්ලේෂණය හා ඉදිරි දැක්ම) ද  අනෙකුත් දේශපාලන පාර්ශව සමග කරන  ආශ්‍රය ද යම් නව සමතුලිත තත්වයක් තුල කළ හැකි ද යන්න බැරියර සොයුරියගේ ස්පෙක්ටැකියුලැර ම ය පොටෝව දකිද්දී මට නිකමට සිතේ.

Udan(උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com



(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



රට වෙනුවෙන් එකතුවන්න 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...