The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂ සනුහරේ හැංගිමුත්තම් නාඩගම - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

June 12, 2022 • 7:05 AM

රාජපක්ෂ සනුහරේ හැංගිමුත්තම් නාඩගම - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පරපුර හැප්පුණේ ලේසි පාසි පුතයන් සමග නොවේ.
  • පවුලේ සැවොම සමග පලා යන්නට පෙර ඔහු මුළු රටම ගිනි තැබුවේ හනුමන්තාට දෙවන නොවන ලෙසට ය.
  • එසේ නොවේ නම් යට කී ආකාරයේ මුග්ධ කතාවක් නොකරනු ඇත.
  • තිස් ගණනකට ආසන්න පිරිසක් රෝහල් ගතකිරීමට සිදුවූයේ ද, අරගල භූමියේ පිහිටවා තිබූ සිතුවම් කුටිය ප්‍රමුඛ තවත් කූඩාරම් ප්‍රමාණයක් ගිනිබත් වූයේ අරලියගහ මන්දිරයේ සිට එතැනට ගිය පිරිස අමා මහා පෙළහර පෑ නිසා වන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ය.

ඒ පරපුර හැප්පුණේ ලේසි පාසි පුතයන් සමග නොවේ. ජිනිවා මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද රාජපක්ෂ පරපුර ගේම ඉල්ලුවේ ය. ඒ නිකම්ම නිකං නොවේ; රහසඟේ කෙළවරක් ද අණ්ඩ කෝෂය ද ප්‍රදර්ශනය වන පරිදිසරමේ එක් කෙළවරක් ඔසවාගෙන ය.

එහෙව් රාජපක්ෂ පරපුරේ ප්‍රධානියා හෙවත් ලංකාවේ බිහි වූ අමානුෂික ම, මුග්ධ ම, නින්දිත ම රාජපක්ෂවරයා පසුගිය මැයි දහ වන දිනට එළිවන්නට පෙර රටේ මහජනතාවට බියෙන් පලා ගියේ සිය පවුල ද සමග ය. එසේ ගොස් සැඟව සිටියේ ද මහජනයාගේ මුදලෙන් නඩත්තු කෙරෙන ත්‍රිණණාමල නාවුක හමුදා මුලස්ථානයේ ය.

පවුලේ සැවොම සමග පලා යන්නට පෙර ඔහු මුළු රටම ගිනි තැබුවේ හනුමන්තාට දෙවන නොවන ලෙසට ය. ඒ රාජපක්ෂ දියවන්නා ගුබ්බෑයමේ සිට කට ඇරියේ පසුගිය නව වන දින ය. මාසයක් වසාගෙන සිටි කට ඇර පැවසුවේ ද තුප්පහි කතාවක් ම ය.


මහින්ද රාජපක්ෂට අනුව අරගලකරුවන් ලේ පිපාසිතයෝ ය; වෛරයෙන් සිත් දූෂණය වූවෝ ය. එසේ නොවේ නම් යට කී ආකාරයේ මුග්ධ කතාවක් නොකරනු ඇත. ඔහුට අනුව රටේ විවිධ ප්‍රදේශවලින් අරලිය ගහ මන්දිරයට පැමිණියේ ශාන්තුවරු ය; ඒ ශාන්තුවරු අරගලකරුවන් සිටි ගෝඨා ගෝ ගමට ගොස් කළේ මෛත්‍රී භාවනාව ය. තිස් ගණනකට ආසන්න පිරිසක් රෝහල් ගතකිරීමට සිදුවූයේ ද, අරගල භූමියේ පිහිටවා තිබූ සිතුවම් කුටිය ප්‍රමුඛ තවත් කූඩාරම් ප්‍රමාණයක් ගිනිබත් වූයේ අරලියගහ මන්දිරයේ සිට එතැනට ගිය පිරිස අමා මහා පෙළහර පෑ නිසා වන්නට ඇත.



තව ද මේ මහින්ද රාජපක්ෂට අනුව බල තන්හාවෙන් උමතුව, සැලසුම් සහගතව කරළියට රැගෙන ආ 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිති මුසල්මානු ජනතාවගේ දේපළ ගිනිබත් කළේ ද, වඳ පෙති, වඳ කොත්තු, වඳ යතුරුපැදි ෂීට් කවර, වඳ බ්‍රෙෂියර් සහ වඳ සැත්කම් සාෆිලා බිහි කළේ ද අරගලකරුවන් විය හැකි ය. එසේත් නොවේ නම් ඒ සැලසුම පිටුපස සිටියේ වෛරය, ක්‍රෝධය නොහඳුනන, ශාන්තුවරයෝ විය හැකි ය.

 

රාජපක්ෂලා යනු කොහොමටත් ලජ්ජාවක් ඇති මිනිස් ජීවීන් නොවේ. ඒ පරපුරේ ම ලජ්ජා නහර සියල්ල කපා දා ඇත. මන්ද එවිට ඕනෑම මජර වැඩක් කර කිසිවක් නොකළා සේ මෙන්ම නොදුටුවා සේ  සිටින්නට හැකි ය. ඒ රාජපක්ෂ පරපුරේ ජානමය ලක්ෂණයකි.

 

ඒ පරපුරේ අරුමය නිවැරැදිව දැනගැනීමට රිසි අයෙක් වෙත්නම් විජේසිංහ බෙලිගල්ල විසින් රචිත ‘‘ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්’’ නමැති කෘතිය සොයාගෙන කියවිය යුතු ය. නමුත් පොත සොයාගැනීමට නම් අපහසු විය හැකි ය. මන්ද එම පොත වෙළඳ පොළට පැමිණ මාසයක් ඉක්ම යන්නට මත්තෙන් නිල නොවන මට්ටමෙන් පොත තහනමට ලක් කළ බැවිනි. ඒ, අදාළ කෘතිය ප්‍රකාශයට පත්කළ ආයතනයේ හිමිකරුවාට දුරකතන ඇමතුමක් ලබා දීමෙනි.

එකල ද රාජපක්ෂලාට ඔවුන්ගේ පරපුරේ පැටිකිරිය ලියැවී ඇති පොතක් තහනම් කරනවා යන්න ඒ තරමට ම සරල කටයුත්තකි. මේ මොහොතේ වැස්සට තෙමුණු කුකුලකු සේ සිටින්නේ ද ඒ රාජපක්ෂ පරපුර ය.

https cdn.cnn.com cnnnext dam assets 220405002141 01 sri lanka protest 04042022

තවත් රාජපක්ෂවරයෙකු බලයට පැමිණියේ රට සෞභාග්‍යයෙන් උතුරා යන්නට සලස්වන බව පවසමිනි. ඔහුට කඹුරණ එක් බත් බැළයෙකු එකල පැවසුවේ ඒ රාජපක්ෂ යනු ‘ලී ක්වාන් යූ’ කියා ය. ‘‘Lasantha ...? Who is Lasantha ...?’’ යැයි දත්මිටි කමින් තමා ඉදිරියේ සිටින මාධ්‍යවේදියාගෙන් විමසුවේ ද මේ රාජපක්ෂ ය. ‘අපි තමයි හොඳටම කරේ’ යැයි වහසි බස් දෙඩුවේ ද ඒ රාජපක්ෂ ය. ‘ගම සමග පිළිසඳර’ට ගියේ ද ඒ රාජපක්ෂ ය. අවසාන කාලයේ දී ගමේ පිළිසඳරේ දී ගොවියන්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අසා ගත්තේ ද ඒ රාජපක්ෂ ය. ‘මට වැරදුණා’ යැයි පාපෝච්චාරණය කළේ ද ඒ රාජපක්ෂ ය.

 අවසන රටේ ජනතාව මතු නොව විප්‍රවාසී ශ්‍රී ලාංකිකයෝ බහුතර පිරිසක් ද ‘ගෝ හෝම් ගෝඨා’ යැයි හඬ නගමින් විරෝධය ප්‍රකාශ කළේ ද ඒ රාජපක්ෂට ය.

එතරම් ජනතා විරෝධයක් මතු වුව ද තනතතුර අතැර නම්බු පිටින් ගෙදර යන්නට තවමත් සුදානම් නොමැතිව කූඩැල්ලකුසේ ජනපති අසුනේ එල්ලී සිටින්නේ ද ඒ රාජපක්ෂ ය; අසමත් ජනාධිපතිවරයෙකු ලෙස ආපසු යන්නට නොහැකි යැයි කටමැත දොඩවන්නේ ද ඒ රාජපක්ෂ ය.


තෙවන රාජපක්ෂවරයා දෛදෙනාට ම වඩා බලවත් ය. ඔහු සියල්ල සිදු කරන්නේ යටිබිම්ගතව ය. ඔහු හරියට පැරචුට් කාරයෙක් බඳු ය. කොහේ හෝ සැඟව සිට පැමිණ, දියවන්නා ගුබ්බැයමට රිංගා එහි තිබෙන ඉහළ ම අසුනක මොළ හත සතපවාගෙන, තමා සතුව ඇලඩින්ගේ පහන තියෙනවා ය. ඒ පහනෙන් සිතූ පැතු සම්පත් ලබාගත හැකි ය යනුවෙන් වහසි බස් දෙඩුවේ ද මේ රාජපක්ෂ ය. එහෙව් රාජපක්ෂට ද ඉල්ලා අස්වන්නට සිදුවූයේ රටේ මහජනතාවගේ විරෝධය හේතුවෙනි.



දැන් මේ රාජපක්ෂලා සියලු දෙනා ම මේ ආකාරයට පියවරක් දෙකක් පසුපසට ගෙන සිටින්නේ ඇත්තට ම ද...? නැත... මේ සියල්ල තාවකාලික පියවර ය. මහින්ද රාජපක්ෂ නම් මුග්ධ පාලකයා ඒ බව මේ මස නව වන දින දියවන්නා ගුබ්බැයමේ දී ඔප්පු කළේ ය. ඒ, යට කී පරිදි අරගලකරුවන්ගේ සිත් වෛරයෙන් පිරී ඇතැයි පවසමින් ඔවුන් මර්දනය කළ යුතුය යනුවෙන් නොකියා කියමිනි. ඒ ඔහුගේ විදිය යි.

මහින්ද රාජපක්ෂ යනු උදෙන් ම උපන් දින සුබපැතුම් පතා සවස ඒ පුද්ගලයා අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට එකතු කරන්නට තරම් දක්ෂයෙකි. එහෙවු පුද්ගලයන් වචනයක් දෙකක් කියන විට ම එහි යටි අරුත වටහා නොගන්නට තරම් මෙරට වෙසෙන දේශපාලනිකරණය වූ පුරවැසියේ මොඩයෝ නොවෙති. ඔහු හැරෙන්නේ මොන පැළය කන්නට දැයි ඒ පුරවැසියෝ හොදින් ම දනිති. ඉදින් ඒ රාජපක්ෂට පැවසිය යුත්තේ මහින්ද මහත්තයෝ දැන් හැංගිමුත්තම් සෙල්ලම් කරා ඇති ඔය සෙල්ලම නතර කරන්න යන්න ය.

වසර දෙකහමාරක් තිස්සේ 3/2 බලයක් සහිතව ම රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ, ගම සමග පිළිසදරට කෙසේ වුව ද පුවත්පත් සාකච්ඡාවකට පවා ඉදිරිපත්වීමට අසමත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ, රටට හොඳට ම කෙළවා තිබිය දී පවා ‘මම යන්නෙ නෑ’ යැයි වහසි බස් දොඩන්නේ රාජපක්ෂ පරපුරේ උරුමය වූ ලජ්ජාව සහ බිය හඳුනන්නේ නැති බැවිනි. කොටින්ම කියනවා නම් ලජ්ජා නැති බැවිනි.

ඔවුන්ගේ අසුචි වුව ද ‘හම්මෝ මාර සුවඳයි’ කියන බත් බැළයන්ගේ පවා ලජ්ජා නහර කපා දමා ඇති බව දියවන්නා ගුබ්බෑයමේ කෙරෙන කියන දෑවලින් දැන් හොදට ම පැහැදිලි ය. මේ ගුබ්බෑයම තුළ සිටින දෙසිය විසිපස් දෙනා ම එකිනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ ද රාජපක්ෂලාගේ හැංගිමුත්තම් සෙල්ලමට ආධාර උපකාර වන පරිදි ය.

 

‘කපුටු කාක්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බැසිල් රාජපක්ෂ පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැඳවා කට පුරා සිනාසෙමින් දෙඩෙව්වේ මොනවා ද...? රාජපක්ෂලාගේ නරුම දේශපාලන මෙහෙයුම කුමක් ද යන්න ඔහු කිසිදු ලජ්ජාවක් බියක් නොමැතිව ලොවට හෙළි කළේ ය.

 

ඒ, තමා මෙවර දේශපාලනයට පිවිසියේ තමාට විරුද්ධව පැවති නඩු ජයග්‍රහණය කිරීමට සහ මැදමුලන වලව්වේ ජනේලයේ එල්ලී ජනතාව ඇමතූ මහින්ද රාජපක්ෂ යළි බලයට පත්කිරිම සඳහා ය  යනුවෙන් පැවසීම ය. ඒ සමගම ඔහු රාජපක්ෂ පරපුරට ඡන්දුය දුන් හරක් රැලට ද රෙද්ද උස්සා පස්ස පෙන්නුවේ ‘‘අපිට ඡන්දෙ දුන්නු අයත් මේකට වගකියන්න ඕන’’ යැයි පවසමිනි.

ඒ සියල්ල අවසන ඔහු ද අනෙක් රාජපක්ෂවරු සේ ම හැංගිමුත්තම් කෙළියට මොන තරම් දක්ෂ ද යැයි ඔප්පු කළේ ය. ඒ, ඔහු මින් ඉදිරියට රාජ්‍ය පාලනයට නොපැමිණිය ද දේශපාලනය කරන බවට වහසි බස් දොඩවමිනි. ඒ සමග ම ඔහු පවසා සිටියේ මේ රටේ ‘පුර වස්සෝ’ රාජපක්ෂලා තෙවරක් ම රටේ නායකයන් බවට පත් කළ බවයි. එමෙන් ම අනාගතයේ ද එසේ විය හැකි බවයි.

ඔහු එසේ පැවසුවේ විහිළුවට, උපහාසයට හෝ අපහාසයට නොවේ; ඒ මේ රටේ පවතින තිත්ත ඇත්ත යි. මේ වන විට පහළ ම පංතියේ පුද්ගලයාගේ සිට ඉහළම පංතියේ පුද්ගලයා දක්වා බලපා තිබෙන ප්‍රධාන ම ප්‍රශ්න කිහිපය වන: ගෑස්. ඉන්ධන, කිරි පිටි, සහල් සහ සීනි යනාදිය කරදරයකින් තොරව ලබාගත හැකි මට්ටමට රට පත්වන්නේ කවදා ද එතැන් සිට මේ මොහොතේ රාජපක්ෂවරු පතුරු ගසන අය අතුරෙන් බහුතරයක් යළි රාජපක්ෂ වන්දනාවේ යාම ඒකාන්ත ය.

 රාජපක්ෂවරු ‘‘රනිල් වික්‍රමසිංහ’’ නමැති පලිහට මුවා වී හැංගිමුත්තම් කෙළින්නේ ඒ අවස්ථාව එළඹෙන තුරු ය. රාජපක්ෂවරු මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ දණ නමා සිටිම ද, ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දණ නවා සිටීම ද ඒ හැංගිමුත්තම් කෙළියේ ම කොටසකි.

 

එබැවින් මේ රටේ ජනතාව හොඳින් ම අවබෝධ කරගත යුතු ප්‍රධාන කරුණ වන්නේ රාජපක්ෂ සනුහරේ මේ මොහොතේ රඟ දක්වමින් සිටින ‘‘හැංගිමුත්තම් නාඩගම’’ නාඩගමක් නොව මහපොළොවේ යථාර්ථයක් බවට පත්කළ යුතු බව ය. තවත් සරලව පවසනවා නම් ඔවුන්ට යළි මේ භූමියේ පැළවන්නට ඉඩ නොතැබිය යුතු ය යන්න ය.




ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/06/12


{gallery}radicalcenter2022531{/gallery} 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...