The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලය සහ පුළුල් බහුජන ව්‍යාපාරය -(රංජිත් හේනායක ආරච්චි)

T

The Leader Desk

June 12, 2022 • 9:57 AM

අරගලය සහ පුළුල් බහුජන ව්‍යාපාරය -(රංජිත් හේනායක ආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබැවින් සාගතයක් අත ලඟ නිසාය.
  • විවිධ දේශපාලන පක්ෂ විසඳුමක් ඇති කිරීමට තමන්ට බලය දෙන ලෙස ඉල්ලා සිටිති.
  • තමන් බලයට පැමිණ විට මේ සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ඔවුන් පවසති.
  • මෙතරම් ගැටුම් වලට මුහුණ දීමෙන් පසුව වුවත් අප පුරුදු වී ඇති මජර සංස්කෘතියෙන් හෝ මජර ක්‍රමයෙන් එළියට යාමක් ගැන දේශපාලකයන් සිතන බවක් වත් දකින්නට නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

නිසාය. එබැවින් සාගතයක් අත ලඟ නිසාය.

රට පුරාම ජනයා පාරට බැස උද්ඝෝෂණය කරයි. විවිධ දේශපාලන පක්ෂ විසඳුමක් ඇති කිරීමට තමන්ට බලය දෙන ලෙස ඉල්ලා සිටිති. තමන් බලයට පැමිණ විට මේ සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ඔවුන් පවසති.

මෙතරම් ගැටුම් වලට මුහුණ දීමෙන් පසුව වුවත් අප පුරුදු වී ඇති මජර සංස්කෘතියෙන් හෝ මජර ක්‍රමයෙන් එළියට යාමක් ගැන දේශපාලකයන් සිතන බවක් වත් දකින්නට  නොමැත. ඔවුන් තම සුපුරුදු කෙළියම කෙළිමින් සිටිති.  

ගෝඨාබය-රනිල් හවුල තම බල දේශපාලන කළෙියේම පොර බදති. ප්‍රශ්න විසඳීමට වඩා ඔවුන්ගේ අවධානය ඇත්තේ බලය තහවුරු කර ගැනීම දෙසටය. ඒ අතරම ඔවුන් අරගල කරුවන් වෙත තම මර්දනයේ හස්තයද මුදාහැර ඇත. මෙම මර්දනය පැමිණ ඇත්තේ සුනාමියක් ලෙසින් නොව හෙමින් ගලන ගංවතුරක් ලෙසිනි. ක්‍රමයෙන් අරගලයේ හුස්ම හිර කිරීම ඔවුන්ගේ අරමුණයි.

 

නමුත් පැහැදිලිවම රටේ ආර්ථිකය අන්තිම බින්දුවටම වැටී ඇත. කිසිවකුට මෙම ප්‍රශ්න තනියම විසඳිය නොහැකි බව පැහැදිලියි. මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට හැක්කේ දේශපාලන පක්ෂ සහ පුළුල් බහු ජනතාව අතර ඇතිවන විවෘත දීර්ඝ සංවාදයකින් සහ සහයෝගිතාවකින් බව මගේ වැටහීමයි.

 

එනමුත් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් නැතිවා මෙන්ම බහු ජනතා සංවිධානයක් ලෙස හෝ ජාලයක් ලෙස එකට එක්වී එකට මෙම ප්‍රශ්න පිළිබඳව දේශපාලන බලවේග වලට බලපෑම් කළ හැකි බලවේගයක් රට තුළ ගොඩනැගී නොමැත.

අද මතුව ඇති මෙම අරගල සහ විරෝධතාවයන් පිළිබඳව මා තුල ඇත්තේ ගෞරවයකි. මෙම අරගල පිළිබඳ මා සතුටු වනවා වුවත් මෙම අරගල පවතින තත්ත්වය තුළින් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව එසේ නැත්නම් විසඳුම් නොලැබෙන බව මගේ වැටහීමයි.

 

"කුස්සියේ විලාපය" හට්ටි මුට්ටි මහපාරට - කොහුවල සිට යළි විරෝධතා ඇරඹෙයි

 

මෙම විරෝධතා සංවිධානාත්මක බවක සිට එසේ නැත්නම් එක ජාලයකට එක් වී එක්තරා වැඩපිළිවෙළක් ඉල්ලා සිටිමින් දේශපාලන බලවේග සමඟ එසේ නැත්නම් රජයට බලපෑම් කළ හැකි බලවේගයක් බවට පත් නොවූවොත් අප දැන් සිටින තත්ත්වයෙන් තවත් අමාරුවට පත් විය හැකි බව මගේ වැටහීමයි. ඒ නිසා අද අපට වෙන කවරදාකටත් වඩා පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවී ඇත.

දැන් මෙම අරගලකරුවන් පුළුල් බහුජන ව්‍යාපාරයක් නොවන්නේද යැයි කෙනෙකු විමසිය හැක. ඇත්තෙන්ම මේ පුළුල් බහුජන නැගිටීමකි. පුළුල් බහුජන නැගිටීමත් හැම පැත්තකින්ම ජනයාගේ එකතුවීම වෘත්තිය සමිති සහ විවිධ ක්ෂේත්‍රයන් වල ජනතාව මේ අරගලයට එක් වී ඇති බවත් සියල්ල ඇත්තය. නමුත් මේ සියලු දෙනා අතර එක්තරා එකඟතාවකට ඒමට යම්කිසි සංවිධාන රටාවක් ඒ තුළ නැති බව අපට පිළිගැනීමට සිදුවේ.

 

එවැනි තත්වයක් තුළින් සිදුවිය හැක්කේ කවුරුන් හෝ තවත් ඒකාධිපතියකු හෝ කණ්ඩායමක් අතට දේශපාලන බලය පත්වීම හෝ ඊටත් වඩා නරක ආකාරයකින් රට අරාජික බවට පත්වීමයි.

 

රට බංකොලොත් වී ඇති බව අද පාලකයෝද පිළිගනිති. එසේ බංකොලොත් වූ රටක ඉදිරියේදී, රටේ බහුජන ව්‍යාපාරයක සහ දේශපාලන බලවේග අතර ඇති වන සන්ධානයක් තුළින් ඇති කරන දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ නොවෙනවා නම් රට විශාල අගාධයකට යා හැක.

එසේ බහු ජන සංවිධාන සහ දේශපාලන බලවේගයන් අතර සන්ධානයක් ඇති වීමෙහි ඇති වැදගත්කම වන්නේ එසේ ඇති වන සන්ධානය සහ සාකච්ඡා තුළින් ගොඩනැගෙන දේශපාලන වැඩපිළිවෙළ මුළු රටම පිළිගත හැකි ආකාරයක එකක් වන බවයි.

පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණයක් වන්නේ කිසිම දේශපාලන බලවේගයකට හෝ කිසි කෙනෙකුට අද ලංකාව පත්වී සිටින මෙම අර්බුදයෙන් ක්ෂණිකව ගොඩ ගත නොහැකි බවයි. වසර ගණනාවක් ඉවසීමෙන් මෙන්ම එක්තරා ප්‍රමාණයකට සියලුම ජනතාවට දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වන කාලසීමාවක් අපට පසු කිරීමට සිදු වනු නොඅනුමානය.

පුළුල් බහුජන ව්‍යාපාරයක සහ දේශපාලන බලවේග අතර ඇති වන සන්ධානයක් තුළින් ඇති කරන සියලුම කොටස් එකඟ වන දේශපාලන වැඩ පිළිවෙලකට ඉදිරියේ බලයට එන කණ්ඩායමට අනවශ්‍ය බලපෑමක් එසේ නැත්නම් ඔවුන් ජනතාව මත ඇති කරන පීඩනය පිළිබඳව ඇඟිල්ල දික් කිරීමට කෙනෙකු ඉදිරිපත් වනු ඇත්තේ අල්පයකි.

ඊට හේතුව නම් දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ සකස් කැරෙන්නේ විවෘත සාකච්ජා මැදින් යථාර්ථයට  මුහුණ දීමට සියලු දෙනා එකට එක් වූ සංධානයක් විසින් බැවිනි.

එසේ නැතුව යම්කිසි එක දේශපාලන කණ්ඩායමක් මෙම බලය අතට ගත්තා යයි සිතමු. එවිට සිදුවන්නේ එම දේශපාලන බලයෙහි විරුද්ධවාදීන් එසේ නැත්නම් විරුද්ධ දේශපාලන බලවේග ඔවුනට එරෙහිව ඔවුන් ගන්නා දේශපාලනික ක්‍රියාදාමයන්ට එරෙහිව ජනයා උසි ගන්වමින් එම තත්වය නැවත මේ පවතින තත්ත්වයටත් වඩා දරුණු තත්වයකට ගෙන ඒමයි.

ඇත්තෙන්ම අද සිදුවී ඇත්තේ එයයි.  



ජනතා නැගිටීම් ඉදිරියේ අන්දමන්ද වූ රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහචරයින් තැන් තැන් වල සැඟවෙමින් නව දේශපාලන වැඩ පිළිවෙලකට එනම් සියලුම පක්ෂවල එකතුවකින් ඇතිකරගන්නා රජයක් සහ බහුජන සංවිධාන වල විද්වත් මණ්ඩලයක උපදෙස් අනුව ක්‍රියාත්මක කරන දේශපාලන වැඩ පිළිවෙලකට යාමට මැයි මස නම වෙනිදා වන විට තිබූ සූදානම කනපිට පෙරළීය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කර ගනු ලැබුණේ එම අවස්ථාව විනාශ කරමිනි.



එයින් සිදු වයේ රාජපක්ෂලාට ආරක්ෂා වීමට රනිල් වික්‍රමසිංහ පලිහක් ලෙස යොදාගැනීමයි. රට තුළ තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ සමග එක්තරා ප්‍රමාණයක බිඳ වැටීමක් සිදු වන අතර රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රශ්න විසඳණු ඇතැයි සිතන තත්වයක් රට තුළ මතු විය. එම තත්ත්වය තුළ උද්ඝෝෂණය ඉදිරියේ බියෙන් සැඟවී සිටි රාජපක්ෂලා නැවත ක්‍රමයෙන් තම සැඟවුණු ගුල් වලින් එලියට එමින් ඔවුන්ගේ පුරුදු දේශපාලනය නැවත අරඹා ඇති බව දැන් පෙනෙන්නට තිබේ.

ඇත්තෙන්ම දැන් ගෝඨාභය රාජපක්ෂ නැවත තමාට පූර්ණ බලය අවශ්‍ය බවත් ඔහුගේ ධුර කාලය අවසාන වන තුරු පාලනය කරන බවත් පවසයි. මේ තත්ත්වය තේරුම් නොගත් විශාල ප්‍රමාණයක් රාජපක්ෂලාගේ ගැලවුම් කරුවා ලෙස පැමිණි රනිල් වික්‍රමසිංහව තමන්ගේ ගැලවුම්කරුවා ලෙස සිතීමම අපට පුරුදු මෝඩ දේශපාලනයේම දිගුවකි.

පළමුව අපේ දේශපාලකයන් බදු වංචාකාර කූඨ හොර ව්‍යාපාරිකයන් වෙනුවෙන් දේශපාලනය පෙළ ගැස්ස වූ අතර බදු ඉවත් කර ඔවුනට තම මලු තරකර ගැනීමට ඉඩ සලසනු ලැබීය. ඔවුන්ගේ සිතැඟි පරිදි රාජ්‍ය දේපළ ඔවුන්ගේ පුද්ගලික දේපළ ලෙස පරිහරණය කිරීමට ඉඩ සැලසීය. දැන් ඔවුන් එතැන නතර නොවී එම ව්‍යාපාරිකයින්ට, එම බදු නොගෙවු හොරුන්ට මැති ඇමතිකම් පුද කරමින් එම හොර ව්‍යාපාරිකයින්ට මුළු රටම භාර දීමට සූදානම් වෙති.


බදු වංචා ඇතුලු හොරකම් වලට හිරගෙදරට යැවිය යුතු මිනිසුන්ට ලොකු ලොකු තානාන්තර දී වගකිවයුතු මැති ඇමැතිකම් දී ඔවුන්ව රජ කරවන මෝඩ රටකට කුසගින්නේ බියකරුබව වටහා ගැනීමට සිදු වන බව නියතය.

ලෝකය පුරා අපට මෙවැනි අර්බුදයන් හිදී දකින්නට ඇති කනගාටු දායක තත්ත්වය වළකා ගැනීමට නම්, ඒ අර්බුදය මහා විනාශයක් කරා ගමන් නො කරවා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

දැනටමත් විශාල අර්බුදයක් බවට පත්වී ඇති බව ඇත්ත නමුත්, එතනින් එහාට එම අර්බුදය තුළම යම් කිසි විසදුමකට ඒමට නම් අප පුළුල් බහුජන ව්‍යාපාරයක සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග වල එකතුවක් අතර සන්ධානයකින් ගොඩනගන දේශපාලනයක් වෙත නැඹුරු විය යුතුය. එසේ නොකර මෙම අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි මගක් නොමැති බව මගේ වැටහීමයි.


අද ඇතිවී ඇති මෙම අර්බුදයට දේශපාලන බලවේග පමණක් දේශපාලන පක්ෂ පමණක් නොව රටේ ජනතාවද වගකිව යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව මෙම දේශපාලන අර්බුදය ඇති වීමට හේතු සාධක වන දේශපාලඥයින් ඔවුන් මහ ජනතාවට පෙනෙන ආකාරයෙන් ම රට විනාශ කර ගෙන යද්දීත් දිගින් දිගටම ඔවුන්ට ඡන්දය දෙමින් ඔවුන්ව කර තබා ගෙන මෙතෙක් දුර ගෙන යාම හේතුවෙනි.


එනිසා දැන් කළ යුත්තේ පුලුල් බහුජන සංවිධානයක් ගොඩනගා ගැනීම දේශපාලන බලවේගයන්ට එක තැනකට එ්මට බල කිරීම එම පුළුල් බහුජන සංවිධානය දේශපාලන බලවේග සමග දේශපාලන වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට සංවාදයකට ඇතුළු වීම තුළින් නැගෙන දේශපාලන බලවේගයක් ගොඩනගා ගැනීමයි.


ජනවාර්ගික ප්‍රශ්නය !

pic protest slk
ඊළඟට අපට කතා කිරීමට තව විශාල ප්‍රශ්නයක් ඇත. නිදහසින් පසු ලංකාව ගමන් කර ඇති අද පවතින මෙම දුර්දාන්ත තත්ත්වයට එසේ නැත්නම් රට මෙම සන්ධිස්ථානයට ගෙන ඒමේ එක් ප්‍රධාන සාධකයක් වී ඇත්තේ රටෙහි ජනවාර්ගික ප්‍රශ්නය බව මා මෙයට පෙර ද ලියා තිබේ. එනම් සිංහල ජාතිවාදී දේශපාලනයයි. මුළු එකක් වශයෙන් රට තුළ දැනට ජන වර්ග වශයෙන් බෙදා වෙන් කර පවත්වා ගන්නා දේශපාලනයයි. මෙයටද වහාම තිත තැබීමට කාලය උදාවී ඇත.



විශේෂයෙන්ම උතුර නැගෙනහිර දෙමළ ජනයාගේ මුස්ලිම් ජනයාගේ අයිතීන් තහවුරු කළ බලය බෙදා හදා ගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳව සපථ කරමින් ඔවුන්ද මෙම පුළුල් දේශපාලන එකතුවේ කොටස්කරුවන් කර ගැනීම තුළින් රට මෙම අගාධයෙන් ගොඩ ගත හැක.

එවැන්නකට මනස යොමු නොකරන්නේ නම් රට අද පවතින තත්වෙන් තවත් අගාධයට යනවා මිසක් කිසිම දිනක මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ගොඩ වීමේ මාර්ගයක් උදා නොවේ. මේ පිළිබඳව පමා නොවී දැන්වත් ක්‍රියාත්මක වීම අරඹමු යි මගෙ යෝජනාවයි. එසේ නොමැතිව ලංකාවට ‍ප්‍රජාතන්ත්‍රවාදී හුස්මක් ගත නොහැක.

ප්‍රශ්නය බැරෑරුම් බව අප දන්නෙමු. නමුත් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට අපට රටක් වශයෙන් රටේ ජනතාව වශයෙන් එකට එක් වූවවොත් හැකි බව පැහැදිලිය. එනිසා දැන්වත් අප සියලු ජන කණ්ඩායම් සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග අතර සංවාදයක් ගොඩ නගා ගෙන මෙම අගාධයෙන් ගොඩ ඒමට මාර්ගයක් සොයමු.


ලංකා දේශපාලනයේ නිදන්ගත රෝගයක් ? - (රංජිත් හේනායක ආරච්චි)(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de




{gallery}radicalcenter2022531{/gallery} 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරගලය සහ පුළුල් බහුජන ව්‍යාපාරය -(රංජිත් හේනායක ආරච්චි) | The Leader