The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම...- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 13, 2022 • 7:08 PM

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම...- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්.
  • ඒ අල්ල පනල්ලේ රාමා ටිකෙන් ටික පරණ පළිය ගන්නවා.
  • අවලස්සන යක්ෂයෙක් වගේ ඉන්න කෙනා ඇතුලේ ඉන්න පුළුවන් ලස්සන කුමාරයෙක්.
  • යක්ඛ ඉතිහාසයක විරත්වය සොයාගිය අපිට අන්තිමට මුණගැසුනේ අපේම බෙලහීන බව.
අකුරු ප්‍රමාණය (Font Size):

කතිකාවක් නිර්මාණය කළා? බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්.

හැබැයි මතකය අවදිකළොත් මතක් වෙයි අපිට ඕනි උණා විජයට කළින් පැවති ඉතිහාසයක් ට්‍රේස් කරන්න කියල. අපි යක්ඛ පැවැත්මක් නැවත සොයායන්න හීන මැවූව කියල.

ඉතින් අපි රාවණා හොයාන ගියා. ඒ වීර කාව්‍යමය ඉතිහාසය නැවත අපිට ගෙනත් දෙන්න අපි දේශපාලන වැඩ පිළිවෙලක් දියත් කළා. ඒක තමයි සර්ගේ දේශපාලන වැඩ පිළිවෙලේ 'ස්වදේශික මදය' (indigenous core) හැටියට තිබ්බේ. ඒ නිසයි ඒක චිත්‍ර වලට ආවේ. අද ඒ වැඩ පිළිවෙලේ නායකයා රනිල්. එයා කියන්නේ ස්වදේශික වැඩ පිළිවෙල හරියන්නේ නැහැ කියල.



දැන් එතන පරතරයක් තියනවා පියවන්න බැරි. මම ඒකට හිනා වෙන්නම නෙවෙයි මේක ලියන්නේ.

මම කියන්නේ අපි දෙවියන් හොයාන යනකොට යක්ෂයා හම්බ වෙන්න පුළුවන් කියල. ඒ කියන්නේ අපි රාවණා හොයාන ගිය ගමනේ කෙළවර ඉඳල තියෙන්නේ රාවණා නෙවෙයි. රාමා.

ඒ ගමනේ කෙළවර අපිට අද කන්න බොන්නත් නැතුව අන්ත අසරණ වෙලා රාමාගේ උදව් මත දිනපතා යැපෙන්න වෙලා තියනවා. ඒ අල්ල පනල්ලේ රාමා ටිකෙන් ටික පරණ පළිය ගන්නවා. තෙල් නැවක් දීලා ඉඩම් කඩම් ටික ලියා ගන්නවා. හැම දේටම බලපෑම් කරනවා.

අන්තිමට විදුලිබල මණ්ඩලේ සභාපතිගේ කටින්ම ඒක එලියට පැන්න.

ශ්රෙක් (Shrek) ෆිල්ම් එකේ බලන්න. සුරංගනාවියක් හෙව්වට ඒ සුරංගනාවී අස්සේ ඉන්නවා අවලස්සන ස්ත්‍රියක්. අවලස්සන යක්ෂයෙක් වගේ ඉන්න කෙනා ඇතුලේ ඉන්න පුළුවන් ලස්සන කුමාරයෙක්.

අපි යමක් හොයන කොට මතක තියාගන්න ඕනි ගොඩක් වෙලාවට ඒ හොයන එකේ විරුද්ධ දෙය තමයි හමුවෙන්න නියමිත කියල.

යක්ඛ ඉතිහාසයක විරත්වය සොයාගිය අපිට අන්තිමට මුණගැසුනේ අපේම බෙලහීන බව. මම කියන්නේ මේක හොඳ පාඩමකට ගන්න කියල.

පසු නූතන යුගයක අපේ නොහැකියාව වසං කරගන්න අපිට ශක්තිවන්ත වීරයෙක් පරිකල්පනය කරන්න වෙනවා. හැබැයි ඒ වීරයා අපිව බේරගන්න කවදාවත් එන්නේ නැහැ.

ඒ උනාට වෙනත් කෙනෙක් ඇවිල්ලා අපි කොච්චර බෙලහීනද (impotent) කියන එක නම් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ තමයි නූතන රාමා.
ඒ නිසා අවතාර වලට අඬගහන කොට පරිස්සම් වෙන්න...කුම්භාණ්ඩයෝ අවදි වෙන්න පුළුවන්.


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




රට වෙනුවෙන් එකතුවන්න 

{gallery}radicalcenter2022531{/gallery}
 
 

Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...