The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 15, 2022 • 8:01 AM

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක.
  • ඔවුන්ට ජන්ක් ෆුඩ් කන්නට ආසා නම්, ඔවුන් මැක්ඩොනල්ඩ්ස්වත් යන්න ඕනැ.
  • (අජිත් පැරකුම් ජයසිංහ) දේශපාලන හා සමාජ විශ්ලේෂක praja.lk April 10, 2022 {gallery}radicalcenter2022531{/gallery}.
අකුරු ප්‍රමාණය (Font Size):



 මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක.

එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.

පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ.

 

වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල් සංසරණයට අත්‍යවශ්‍යයි.

 

ධම්මික පෙරේරා වගේ කෙනෙක් අගලවත්තෙ ගුණවර්ධන බේකරියෙන් පාන් කන එක නිහතමානීකමක් නොවෙන්නට පුළුවන්. ඔවුන්ට ජන්ක් ෆුඩ් කන්නට ආසා නම්, ඔවුන් මැක්ඩොනල්ඩ්ස්වත් යන්න ඕනැ. හෙල්දි ෆුඩ්ස් කියන්නෙ ඉහළ පෙළේ හෝටල්වල ඉහළ මිලකට විකිණෙන ආහාර. සරල ආහාර ඕනැ නම් එවැනි ආහාර සපයන තැනකට යායුතුයි. හෙළ බොජුන් යනවා නම් වැරදියි.

ඒ වගේම තමයි, මං වගේ මට්ටමක ආදායමක් උපයන කෙනෙක් හොලිඩේ එකට කන්ඩලමෙ යනවාය කියන්නෙ මෝඩ වැඩක් වෙන්න පුළුවන්.

බුද්ධිමත් පාරිභෝගිකයා කියන්නෙ මේ සීමා තේරුම්ගත හැකි කෙනෙක්. විප්ලවීය මිනිසා කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයෙක්. ආශාවන් හා සීමාවන් ගැන අවබෝධය තිබෙන කෙනෙක්.


බ්‍රේකිං පොයින්ට් එක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

April 10, 2022



{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...