The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ සීමාව ‍තේරුම් ගැනීම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 16, 2022 • 7:16 PM

අපේ සීමාව ‍තේරුම් ගැනීම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට.
  • නමුත් ඒ ආර්තික විසඳුමට යන්න නම් අපිට සිද්ද වෙනවා ඊට වඩා විශාල සංස්කෘතික වෙනසක් ඇති කරන්න.
  • අපිට මේ වෙලාවෙ ඕන කරන්නෙ බලාපොරොත්තු සුන් කරන ඇත්ත නෙමෙයි බලාපො‍රොත්තුවක් ඇති කරන හයිය.
  • අපි මුහුණ දීලා ඉන්න අර්බුදය පැරණි දේශපාලන ආකෘතීන් ඇතුලෙ කළමනාකරණය කරගන්න පුළුවන් එකක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල් කියල එකක් නෑ. ෆේල් වෙන්නෙ රට.

 රනිල් අසමත් වෙන්නෙ රනිල්ටසංස්කෘතිය ගැන තියෙන නොවැටහීම සහ නොඇදහීම හින්ද.

අර්බුදයට අවශ්‍ය ආර්තික විසඳුමක් කියන එකයි රනිල්ගේ තේරුම් ගැනීම. ඒක ඇත්ත. මූලිකම වෙන්නෙ ආර්තික විසඳුමක් තමයි. නමුත් ඒ ආර්තික විසඳුමට යන්න නම් අපිට සිද්ද වෙනවා ඊට වඩා විශාල සංස්කෘතික වෙනසක් ඇති කරන්න.


මෙතනදි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි රජය ගැන මහජන විශ්වාසය බිඳී යාමයි මූලිකවම ඇඩ්‍රස් කරන්න වෙන කාරණය කියන එක. ඒ විශ්වාසය ගොඩනැගීමකින් තොරව කොහෙත්ම අපිට ආර්තික අර්බුදයට විසඳුම් හොයන්න බැරි වෙනවා. ඒ වෙනුවට රනිල් කරන්නෙ අපි මුහුණ දෙන දුෂ්කර ක්‍රියාව ගැන නැවත නැවත කියමින් ජනතාවගේ මානසිකත්වය තවත් දුර්වල කරන එක. අපිට මේ වෙලාවෙ ඕන කරන්නෙ බලාපොරොත්තු සුන් කරන ඇත්ත නෙමෙයි බලාපො‍රොත්තුවක් ඇති කරන හයිය.



අපි මුහුණ දීලා ඉන්න අර්බුදය පැරණි දේශපාලන ආකෘතීන් ඇතුලෙ කළමනාකරණය කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි මීට පෙර නොදුටු විරූ එකක් කියන්නෙ අපිට ඕන වෙනවා මින් පෙර නොවූ විරූ දේශපාලන ආකෘතියක් මේකට මුහුණ දෙන්න.

ඒත් රනිල් නිර්මාණය කරගත්තෙ පැවති දේශපාලන ආකෘතියත් වඩා දුර්වල විදිහකට කියන එකයි මගේ නිරීක්ෂණය. ඒ වුනත් මේ වෙලාවෙ මේ දැවැන්ත අභියෝගය බාරගනිමින් තමන්ට කළ හැකි උපරිමය කිරීම ගැන රනිල්ට මගේ ගෞරවය හිමිවෙනවා.

නියම සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න පාර්ලිමේන්තුව තුල බාධක පවතී නම් අපිට උත්සාහ කරන්න වෙනවා වෙනත් විකල්ප ආකෘතීන් මගින් විසඳුම් කරා යන ක්‍රමයක්. මේ කියන්නෙ පාර්ලිමේන්තුවෙන් පිටත විසඳුමක් කියන නොමේරු කතාව නෙමෙයි. අර්බුදය විසඳීම පදනම් කරගෙන විෂය ප්‍රවීනයන් සහ ජනතාව අතර ධනාත්මක පිළිගැනීමක් ඇති දක්ෂයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරී මණ්ඩල නිර්මාණය කරගැනීමක් ගැනයි උනන්දු විය යුතුව තිබුනෙ.

රනිල් තනියම කරනවා වෙනුවට අදාල විෂය සම්බන්ධ ශක්‍යතා සහිත පිරිස් සමග සාමූහිකව විසඳුම් කරා යන ආකෘතියක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමයි මේ වෙලාවෙ වැදගත්. මොකද එතනදි අපිට අවශ්‍යවන ජනතා විශ්වාසය කියන එක ගොඩනැගෙන නිසා.



ඇත්ත කාරණය නම් මේ අර්බුදය විසින් ගෝටා නෙමෙයි අපි සියල්ලන්ම ෆේල් කියන එක ඉතාම අමුවෙන් අපිට ඉස්සරහ අපිය මුනගස්සනවා කියන එකයි. ලේසියට ගෝටා ෆේල් කිව්වත් මේ අද අපි අත්විඳින්නෙ අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කළ බුද්ධිමතුන් සහ නිලධාරීන්ගේ අසමත්බවේ තරමයි.



දේශපාලකයන් කියන්නෙ මේකෙ ඉතා සුලු කොටසක්. මේ අර්බුදයෙදි හුදු විවේචන කරමින් ගතවීමට වඩා කිසිවක් අපේ රටේ බුද්ධිමතුන්ට කරන්න බැරි වෙලා තියෙනවා.

කොටින්ම යමක් කළ හැකි යැයි විශ්වාසයක් පැවති හර්ෂ ද සිල්වා වැනි ආර්තික ප්‍රවීනයන්ද වගකීම් රහිත හිස් ප්‍රවාද දෙසාබාන තත්වයක් ඇද වැටිලා තියෙනවා. මේක ඉතාම කණගාටුදායකයි. ඒත් මේ තමයි අපේ ජාතික බුද්ධි මට්ටම. අපි උගතුන් වියතුන් කියන්නෙ අනුන්ගෙ පොත් කියවලා තියරි දෙසාබාන පිරිසක් විතරයි. කෙනෙකුගේ සැබෑ දක්ෂතාවයේ තරම මුනගැහෙන්නෙ අභියෝගයක් ඉස්සරහදියි.

xfdgdfgdfg

මේ අතර ගෝටා සෙල්ලං කලේ වැරදි ජෙනරේෂන් එකක් එක්ක කියමින් අරගලයේ නායකත්වය ගත්ත අලුත් පරම්පරාවට මොකද වුනේ? ඒ තමයි අපේ රටේ අනාගතය නිර්මාණය කරන්න කියල පාරට බැහැපු පිරිස. අපි හැමෝම ආඩම්බර වුනු තාරුණ්‍යය. ඒ ස්පිරිට් එකේ අවසාන නිර්මාණ මොනවද කියල ආපහු හැරිලා බලන්න.

මේ කොහෙත්ම ඒ තරුණ පරම්පරාව අවතක්සේරු කිරීමක් නෙමෙයි. නමුත් අපි රටක් හැටියටම බුද්ධියෙන් හීන, නිර්මාණශීලීත්වයෙන් හීන මට්ටමක පවතින වග නිරහංකාරව තේරුම් ගැනීම වැදගත්.

මේ තාරුණ්‍යය විසින් නිර්මාණය කළ ලොකුම දේ ගෝටාගෝගමයි. ඒකත් නැවත ගාලුමුවදොර හදපු ඈත ගමක්. ඒකෙ මේ අය පොල්පැල, එළවළු පැල හිටවනවා. පොඩි කූඩාරම් අටවනවා. ඉස්සර අපි ඉස්කෝලෙ යනකාලෙ තිබුණ සංස්කෘතික උළෙලවල් කියල ජ‍ාතියක්. තාමත් ඇති. මේ ගෝටාගෝගමේ ඒ පාසැල් සංස්කෘතික උළෙලකට වඩා ඉදිරියෙන් සිද්ද වෙන්නෙ මොනවද?

සිංදු කියන, නාට්‍ය පෙන්නන, චිත්‍රපටි බලන හැමදාම අපි තැන් තැන්වල කරපු ක්‍රියාකාරකම් ටිකක් සහ පුස්තකාලයක්, පොත් බෙදීමක්, ලේ දන්දීමක් ආදිය තමයි මේ ගමේ සිද්ද වෙන්නෙ. ඊට අමතරව වරින්වර බැරියර් පෙරලීම සහ කඳුළු ගෑස් ප්‍රහාරය කරගෙන යනවා.

මට හිතෙන්නෙ මේ තමයි අපිට දකින්න පුළුවන් උපරිම සීමාව. අපේ තරුණ පරපුර වුනත් අනාගතය කියල නැවත පෙන්නමින් ඉන්නෙ අපි ඉස්කෝලෙ යනකාලෙ පටන්ම තිබුණු අතීතයක්. අපි ඒ අතීතයම නැවත ප්‍රමෝදයෙන් සමරමින් ඉන්නවා.


රාජපක්ෂ බයිවරුන් විසින් 2500 අතීතය සමරමින් හිටියා වගේම අපි වෙනස් විදිහකින් ඒකම කරනවා. රටේ තාරුණ්‍යය අර්බුදය හමුවේ ඉදිරිපත් කළ යුතු විසඳුම මේකද? අපි අර්බුදයෙන් එලියට ඇවිත් නිර්මාණය කරන අනාගතය මේකද?



අපි අලුත් අදහස් නැති බුද්ධි පරිහානියක අඩියෙ හිරවෙලා ඉන්නවා. අර්බුදයෙන් ගොඩඑන්න බැරිම වෙන හේතුව ඒක. හැබැයි අපි කවුරුවත් ලෑස්ති නෑ ඒක පිලිගන්න. හරියටම අපේ අධ්‍යාපනයේ අර්බුදය විසින් අපිව මෙතනට ගෙනාවා කියන කාරණය පිළිගන්න අකමැති වගේම.

සමාජයක් පරිහාණියට ගෙනියන ඒ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න අපි කොහොමවත් ඉඩදෙන්නෙ නෑ වගේම.. මේ අදහස් හීනතාවයත් අපි විසඳුම් හොයන්න ලෑස්ති නැති කලාපයක්.

මේ වෙලාවෙ අපිට සිද්ද වෙනවා වෙන රටවල අපි වෙනුවෙන් සිතිය හැකි අතිරික්තයක් ඇති මනස් කැඳවන්න. පුළුවන් තරම් තීරණ ගැනීම දියුණු රටවල විශ්වාස කළ හැකි පාර්ශ්වවලට පවරන්න. ඒ අය දෙන විසඳුම් ගැන අර කලින් කියපු අපේ විෂය ප්‍රවීන පිරිස් එක්ක සාකච්ඡා කරන්න. ඒ අයගෙ එකගතාවයෙන් මේ දේවල් ජනතාව අතරට ගෙනියන්න. ජනතා විශ්වාසය ගොඩනගන්න. අපිට තනියම පුළුවන් කියල හිතන හිතීමම තමයි අර්බුදයේ මුල.



අපේ රට මේ වැටිලා තියෙන තත්වයෙන් ගොඩඑන්න නම් අපි තෝරගන්න ඕන ලෝකය තුලට යාම මිස ආපහු දූපත  ඇතුලට හැරීම නෙමෙයි. මාවත තියෙන්නෙ රටෙන් එලියට. ආණ්ඩුව තමන්ගේ සියලු ධෛර්ය යොදා කළ යුතුව තියෙන්නෙ වැඩ දෙකයි. විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීම. මේ දෙක බිඳ නොවැටී තියෙනවා නම් අපිට පුළුවන් ආර්තික යාන්ත්‍රණයන් පණගන්වන්න.

 

ඇඩ්වර්ටයිසින් කලාපයේ ගැවසෙන කෙනෙක් විදිහට මට හිතෙන්නෙ අපි ජාත්‍යන්තර කැම්පේන් එකකට යන්න ඕන කියල. ඒ හරහා මේ හරිත දිවයින යළි ගොඩනැගීම වෙනුවෙන් අපිට පුළුවන් නිර්මාණශීලී උත්තේජනයක් ඇති කරන්න. විවිධාකාරයේ පිරිස් අපි වෙත ආකර්ශනය කරගන්න. ඒ අයගෙ අදහස්, නව ව්‍යාපෘති වෙනුවෙන් ලිහිල් තත්වයන් ලබා දෙන්න. අපේ රටේ පිරිස් ඒ අය එක්ක සම්බන්ධ කරන්න.

කන්න නැති, බොන්න නැති, මැරෙන්න වැටුනු රටක් විදිහට නෙමෙයි යළි නිර්මාණය වෙන අලුත් රටක් විදිහට ලෝකය ඉස්සරහට යන්න පුළුවන් නම්,  අපිට වෙන කෙනෙක් උදව් කරන මානසිකත්වයක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙනවා.



ලංකාවෙ කසිප්පු, කංසා ආදියට වුනත් අපනයනය සඳහා ව්‍යාපෘති යෝජනා වෙනවා නම් විවෘත මනසකින් යුතුව ඒවාට අවකාශ සලසන්න ඕන. කන්නවත් නැතුව ඉන්න අතරෙ රෙද්ද පල්ලෙන් බේරෙන බොරු සදාචාරෙ නවත්තන්න ඕන.


ලංකාව නැවත ලෝකය ඉස්සරහ මේ විදිහට අලුතෙන් පොසිෂන් කරන්නයි අපිට විනිවිදභාවයක්, පුරවැසි සහභාගීත්වයක් ඇති නව ආකෘතීන් අවශ්‍ය වෙන්නෙ. පරණ එකටම උදව් කරනවා කියන්නෙ යාචකයෙකුට කීයක් හරි දෙනවා වගේ තෘප්තිදායක නොවූ හැගීමක්. නමුත් අලුතෙන් නිර්මාණය වෙන ජාතියක කොටස්ක‍රුවෙක් වෙනවා කියන්නෙ දියුණු රටක මනුස්සයෙකුට මාස කීපයක් තමන්ගේ ශ්‍රමය ලබාදීමට උත්ප්‍රේරකයක්.

කිව්වම ගුටි කන්න වුනත් ඇත්තටම අරගලය ලෝකයට අපිව විවෘත කරන ව්‍යාපෘතියක් වෙන්න තිබුණ කියලයි මගේ අදහස. ඒ අරගලය ඇතුලෙන් නිෂ්පාදන, සංස්කෘතික සහ සමාජීය වශයෙන් අපිට ලෝකයේ විකල්ප නවෝත්පාදන අදහස් ඇති  පිරිස් එක්ක පාලම් තනාගන්න තිබුන.  අරගලය ගම් දනවු කරා ව්‍යාප්ත කරමින්  ඒ හරහා ජනතාවට අදායම් මාර්ග විවර කරන්න තිබුණ.

අපි අලුත් රටක් නිර්මාණය කිරීමේ උවමනාවෙන් පෙලෙන වග පසක් කරන්න අරගලය ආර්තිකයක් විදිහට යොදාගන්න තිබුන. ආණ්ඩුව ‍ගැන ලෝකයේ විශ්වාස බිඳවැටෙද්දි අරගලය රට වෙනුවෙන් ඒ විශ්වාසය ගොඩනගන ආකෘතියක් වෙන්න තිබුණ.

අනාගතයක් වෙනුවෙන් දේශපාලනය කරනවා කියන්නෙ ඒකටයි කියල මං හිතන්නෙ.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

 

රට වෙනුවෙන් එකතුවන්න 
{gallery}radicalcenter2022531{/gallery}

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...