The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සෙක්ස් කියන්නෙ නිවන - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 18, 2022 • 5:08 PM

සෙක්ස් කියන්නෙ නිවන - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිතී‍මේ අනුරාගය ඇති අය එහෙම වෙනස් පැතිවලින් බැලීම විඳිනවා.
  • අපි ඇත්තටම නිෂ්පාදනය කරන්නෙ හිඟකම.
  • මේ සීමාව, තමා සොබා දහමෙන් වියුක්තයි කියල මිනිසාට දැනෙන සීමිත වීම බිඳ දමන්නයි බිලිපූජා වැනි දේවල් නිර්මාණය වෙන්නෙ.
  • ඇත්තටම නිරුවතින් ශරීර ගැටෙන ලිංගික අත්දැකීමක් කියන්නෙ දෙවියන් සමග ගතවන මොහොතක්.
අකුරු ප්‍රමාණය (Font Size):



සිතී‍මේ අනුරාගය ඇති අය එහෙම වෙනස් පැතිවලින් බැලීම විඳිනවා.

අපි සමාජයක් විදිහට සෙක්ස් කියන දේ බැහැර කරන්නෙ අසභ්‍යයි කියන අදහසින්. ඒකෙ තියෙනවා සභ්‍ය නොවූ කියන තේරුම.

වෙන විදිහකින් කිව්වොත් අසංස්කෘතික කියල කියන්නත් පුළුවන්. මොකක්ද ඇත්තටම මේකෙ අදහස? ජෝර්ජ් බටායිගෙ දර්ශනයට අනුව අපිට මේක වෘෂණකෝෂ පැත්තට වෙන්න අල්ලන්න පුළුවන්.


george batailleජෝර්ජ් බටායි


බටායි කතා කරනවා අතිරික්තයේ ආර්තිකයක් ගැන. ඒ අනුව අපි දැන් ජීවත් වෙන්නෙ හිඟයේ ආර්තිකයක. මේක තේරුම් ගන්න එක සරලයි. අපේ ජීවිතයම නිර්මාණය වෙලා තියෙන්නෙ හිඟකම උඩ. අපි ඇත්තටම නිෂ්පාදනය කරන්නෙ හිඟකම. සංස්කෘතිය නැත්තං සභ්‍යත්වය කියන්නෙ හිඟයේ නිෂ්පාදන. මේකට තමයි අපි ලෞකික කියන්නෙ.

නමුත් සොබාදහම තියෙන්නෙ අතිරික්තයේ ආර්තිකයක.

උදා විදිහට ඉර එළිය අපිට හිඟ ප්‍රභවයක් නෙමෙයි. සුළඟ හිඟ ප්‍රභවයක් නෙමෙයි. වන සතෙකුගේ ජීවිතය ගත්තොත් උ‍ගේ ජීවිතය සකස් වෙලා තියෙන්නෙ (මිනිස්සුන්ගෙ බලපෑම නැත්තං) අතිරික්තයේ ආර්තිකයක. කැමති වෙලාවක ගිහින් සතෙක් මරාගෙන කනවා. තැන්පත් කරගෙන, වවාගෙන කෑමක් නෑ.

 පැරණි ගෝත්‍රික සමාජ පැවතුනේ අතිරික්තයේ ආර්තිකයක.

බටායි කියන විදිහට බිලිපූජා ආදිය විසින් නිරූපණය කරන්නෙ ඒ ශුද්ධ වූ අතිරික්තය. අපිට ඕන නම් සැබෑ අර්තයෙන් දානය වගේ ක්‍රියාවන් පවා මේ අතිරික්තය පැත්තෙ චර්යාවන් විදිහට කියවන්න පුළුවන්. අපේ සමාජයේ මේ අතිරික්තය ප්‍රාග්ධනය විදිහට සංකේන්ද්‍රණය වෙනවා. එතකොට සදාකාලික හිඟය වෙනුවෙන් සමස්ත ජනතාවක්ම නිරන්තරයෙන් මහන්සි වෙනවා.

ගෝත්‍ර සමාජවල මේ අතිරික්තය දෙවියන්ට පූජා කරනවා. ඒක නැවත ඒකත්වය පිළිබඳ අත්දැකීමකට යාමක් කියලයි බටායි කියන්නෙ. හිඟය විසින් මේ ඒකත්වය අපිට අහිමි කරනවා. අපිව පුද්ගලික සීමාවලට කොටු කරනවා. මේ සීමාව, තමා සොබා දහමෙන් වියුක්තයි කියල මිනිසාට දැනෙන සීමිත වීම බිඳ දමන්නයි බිලිපූජා වැනි දේවල් නිර්මාණය වෙන්නෙ.

ඒ සතා හෝ මිනිසා මරා දැමීම හරහා අනෙක් සියල්ලන් තමන්ගේ මරණය විඳිනවා. නැවත සොබා දහමට මුසුවීමේ සාමූහික මොහොතක් ලබනවා. ඒක බටායි හඳුන්වන්නෙ අර්තවත් විදිහට අතිරික්තය පාවිච්චි කිරීමක් කියල.


මේ විදිහට අතිරික්තය තුල ජීවත් වීම, සොබා දහම තුල පැවතීම තමයි ආධ්‍යාත්මික නැත්තං ලෝකෝත්තර කියන අදහස. හිඟයේ ජීවිතය තමයි ලෞකික ජීවිතය. මෙතනදි සෙක්ස් කියන්නෙ ලෝකෝත්තර අත්දැකීමක් වෙනවා. සෙක්ස්වලදි අපි නැවත ඒකත්වය අත්විඳිනවා. අපේ පුද්ගලිකත්වය ඉක්මවා යනවා. සුරතාන්ත දිව්‍යමය අත්දැකීමක් ලබනවා. භාවනාව වගේම. මේ නිසා සෙක්ස් ලෞකික සමාජයට භයානක දෙයක් වෙනවා.


setrtrrrr

සෙක්ස් කියන්නෙ සොබා දහමේ ආර්තිකය තුල හිඟයක් නැතුව පවතින දෙයක්. ඉර එළිය වගේම. ඒත් ඒක අපේ සමාජයේ බරපතල හිඟයක් විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නෙ. සෙක්ස් සංස්කෘතිකකරණය වෙලා තියෙන්නෙ ඒ විදිහට. මේ හිඟය තමයි අපි පවත්වාගෙන යන්නෙ. ඒ හිඟය පියවන ආශාව තමයි විවිධ ස්වරූපවලට පරිවර්තනය වෙමින් අලෙවි වෙන්නෙ. ඇත්තටම නිරුවතින් ශරීර ගැටෙන ලිංගික අත්දැකීමක් කියන්නෙ දෙවියන් සමග ගතවන මොහොතක්.

මේ අර්තයෙන් පොනෝග්‍රෆි කියන්නෙ ධම්මපදය වගේ දෙයක්. අපේ සංස්කෘතික, සභ්‍ය ජීවිතය ඉරා දමන මොහොතක්. අපිව අසභ්‍යයට තල්ලු කරනවා කියන්නෙ අපි නිදහස ලබනවා කියන එකයි. වනචර කියන්නෙ ඒකට.

නිරුවතට මේ තරම් ඉල්ලුමක් නිර්මාණය වෙන්නෙ ඒක හිඟයක් හැටියට නිර්මාණය වෙලා තියෙන නිසයි. ඇත්තටම අතිරික්තයක් වශයෙන් පවතින ලිංගික මොහොත සංස්කෘතිය ඇතුලෙ ඉතාම සීමිත බවට පත්කරලා තියෙනවා. මේ හිඟය ඇතුලෙ තමයි අපේ සභ්‍ය ජීවිතයේ සියලු ආශාවන් නිෂ්පාදනය වෙන්නෙ. කාගෙ හෝ ලීක් වීඩියෝවක් ආපු ගමන් ඒවා හතරවටේ හූ කියාගෙන ෂෙයාර් වෙන්නෙ ඉතාම සාමාන්‍ය චර්යාවක් අතිශය සීමිත විකෘතියක් බවට පත්වීම ඇතුලෙයි.


සෙක්ස් කියන්නෙ පූජාවක්. ඒක අතිරික්තය තුල විඳින්න ඕන අත්දැකීමක්. සීමිත බව ඇතුලෙ සෙක්ස් විඳිනවා කියන්නෙම පන්සල්වලින් බුද්දාගම ඉගෙනගන්නවා වගේ වැඩක්.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -facultyofsex.com)

   

Leader Whats app

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...