The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිස්ටම් චේන්ජ් එක ඇත්ත කරමු ! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 19, 2022 • 9:05 AM

සිස්ටම් චේන්ජ් එක ඇත්ත කරමු ! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, අලුත් ණය ගැනීම්, ආනයන සීමා කිරීම්, අපනයන මුල් කරගැනීම් වගේ කාරණා ඒ අතර වෙනවා.
  • ලංකාවෙ පෙට්‍රෝලියම් එක සහ විදුලි බල මණ්ඩලය හොඳටම කරා දැන් ඇතිය.
  • විදේශිකයන්ට මෙරටට පැමිනීමට ඇති සියලු බාධා ඉවත් කිරීම.
  • රටේ ආර්තිකය හොම්බෙන් ගිහින් මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්නවත් රජය අපොහොසත් වෙලාවක මොකක් හෝ අපනයන තත්වයක් ඇති නිෂ්පාදනයක් තහනම් කරලා තියාගන්නවා කියන්නෙ මෝඩකමක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, අලුත් ණය ගැනීම්, ආනයන සීමා කිරීම්, අපනයන මුල් කරගැනීම් වගේ කාරණා ඒ අතර වෙනවා.

එහෙම ආර්තිකය ගැන වැඩි දැනුමක් නැති බහුතරය හොරු ඇල්ලීම්, මුදල් ආපසු ගැනීම් වගේ ජනප්‍රිය කතන්දරත් කියනවා.

ඒ අතර ඔය කිසි දෙයක් ගැන වැඩි දැනීමක් නැති මං වගේ අයටත් කිසි දවසක ආණ්ඩුවක් අත නොගහන මෝඩ යෝජනා කීපයක් තියෙනවා. ඒවා ඉතිං ෆේස්බුක් එකේ ලියනවා.


1. ඉන්දියාවට අනුබද්ධ වීමෙන් තෙල් සහ විදුලි අර්බුදය විසඳාගැනීම.

ලංකා‍ව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනත් එයින් නරකක් වෙන්නෙ නැත. මේ සැපයුම් දෙක අඩාල වුනොත් රටකට ගොඩයන පාරක්ද නැත. කවර හෝ කොන්දේසියක් යටතේ ඉන්දියාවෙන් මේ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම අදට විතරක් නෙමෙයි අනාගතයටද වැදගත්ය. ලංකාවෙ පෙට්‍රෝලියම් එක සහ විදුලි බල මණ්ඩලය හොඳටම කරා දැන් ඇතිය.

mahesh

2. විදේශිකයන්ට මෙරටට පැමිනීමට ඇති සියලු බාධා ඉවත් කිරීම.

තාමත් සිටිසන්ෂිප් එකක් ලබාගැනීමට අමාරුම රටක් තමයි ලංකාව. ඒ වගේම මේ රටෙන් වෙන රටකට පැනගන්න බලන් ඉන්න සමස්ත ජනතාවක්ම ඉන්න රටක් ලංකාව. ලංකාවට එන්න වීසා අවශ්‍ය නොවන තත්වයක් වගේම ලෝකෙ ඉතාම පහසුවෙන් පුරවැසිභාවය ලබාගත හැකි රටක් හැටියටත් අපිව විවෘත කරගැනීම ඉතා වැදගත්. මේ රටේ විදේශිකයො යම් ප්‍රමාණයක් පුරවැසිභාවය ගත්තට පස්සෙවත් රටක් විදිහට මේකට ලැබිය යුතු වටිනකම ලැබෙයි.


3. කංසා සහ කසිප්පු නීතිගත කිරීම.

njsl

රටේ ආර්තිකය හොම්බෙන් ගිහින් මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්නවත් රජය අපොහොසත් වෙලාවක මොකක් හෝ අපනයන තත්වයක් ඇති නිෂ්පාදනයක් තහනම් කරලා තියාගන්නවා කියන්නෙ මෝඩකමක්. ඒකෙන් රටේ ආර්තිකය සම්පූර්ණයෙන් ගොඩදාන්න බැරි වෙයි.

නමුත් කංසාවලට ආර්තික භෝගයක් හැටියට විභවයක් තියෙන බව තායිලන්තය මෑතක කංසා නීතිගත කිරීමෙන්ම පේනවා. ඒ වගේම ඒක සංචාරක කර්මාන්තය පැත්තෙනුත් නිදහස සහ ආස්වාදය කියන හැගීම දෙන වැඩක්.


4. ගණිකා වෘත්තිය නීතිගත කිරීම.


ලංකාවෙ ගණිකා වෘත්තියේ යෙදෙන අයගේ ආරක්ෂාව අයිතිය සහ සේවා තත්වය උසස් කරන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් විදිහට සංචාරක කර්මාන්තයට අවශ්‍ය වෙන සත්කාර සේවාවක් විදිහට දියුණු වෙන්න මේ නිදහස අවශ්‍යයි. රටේ ලිංගික ආතතිය අසහනය සෑහෙන ප්‍රමාණයකට අඩු කරන්නත්, විනෝදාස්වාද කර්මාන්තය ඉහල නංවන්නත් මේක ගන්නම ඕන පියවරක්.


5. සමලිංගික විවාහ නීතිගත කිරීම



මේක කොහොමද ආර්තිකයට බලපාන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක අදහස තමයි අපි සමලිංගික නිදහස පිලිගන්නා රටක් හැටියට ලෝකය ඉස්සරහට යන එක. ඒ හරහා සමලිංගික සංචාරකයන්ගේ ආකර්ශනය වැඩිපුර දිනාගන්න එක. මේ නිදහස කියන සාධකය අපි ඍජුව ගණනය නොකරන තව බොහෝ කාරණාවලට පොසිටිව් උත්තේජනයක් වෙනවා. ලංකාවෙ තඩිපිරිමි අසනීප හොඳ වෙන්නත් බලපානවා.


6. නිශ්චිත කාලයක් සඳහා දරු උපත් සීමා කිරීම.


උපත් පාලනය සඳහා යම් නීති හෝ ක්‍රමවේද හඳුන්වාදීම අනිවාර්ය අවශ්‍යතාවයක්. මේ අපි මුහුණ දෙන තත්වය නිරෝගී දරුවෙක් හදන්න සුදුසු තත්වයක් නෙමෙයි. ඒක පෝෂණය පැත්තෙන් වගේම අධ්‍යාපන, මානසික කාරණා පැත්තෙනුත් බලපානවා. රජය විසින් නිශ්චිත කාලයක් සඳහා යම් දරු උපත් සීමා කිරීමක් අරන් එන එක වැදගත්.

මේ දේවල් වලින් ආර්තික විතරක් නෙමෙයි ලොකු සංස්කෘතික පෙරලියකුත් සිද්ද වෙනවා. 

 
එතකොටයි අපි නිකං කටකහනවට කියන සිස්ටම් චේන්ජ් එක ඇත්තට සිද්ද වෙන්නෙ.



Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex


vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)




{gallery}radicalcenter2022531{/gallery}
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...