The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල් දිගටම නෙට්ෆ්ලික්ස් බැලුවනම් හොඳයි...- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 19, 2022 • 9:59 AM

රනිල් දිගටම නෙට්ෆ්ලික්ස් බැලුවනම් හොඳයි...- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුන්වැනි පාර්ශවයක්, ඒකට හොට දාන එකට කිව්වේ 'මැදින් පූදිනවා' කියල.
  • අර ඇතිවෙලා තිබ්බ දේශපාලන පරස්පර බව -ආතතිය - ගැටුම යම් පරිණත අන්තයක් කර ගමන් කරන්න ඉඩ නොදුන්න එක.
  • අභියෝගය ගන්නවා කියල ආවට තවමත් කිසිම දෙයක් සිදු වෙලා නැහැ ඇත්ත මහ පොළොවේ.
  • මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් හොඳටම ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

තුන්වැනි පාර්ශවයක්, ඒකට හොට දාන එකට කිව්වේ 'මැදින් පූදිනවා' කියල.

ඊට වඩා නරක විදියට උච්චාරණය කරපු දේවල් තිබ්බත් ශිෂ්ට විදියට කිව්වේ ඔය 'මැදින් පූදින' කතාව තමයි.

මට ඒක සිහිවුණේ අද මේ කෝච්චිවල එල්ලිලා යන සහෝදර සහෝදරියන් කැළ දැකල. ඕනිනම් කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඔක්කොම පොහොට්ටුවට චන්දෙ දුන්න මිනිස්සු ඒ නිසා ඔහේ ගියාවේ දුක තේරෙන්නත් එක්ක කියල.

නමුත් මේත් මිනිස්සු. අවදානමක් අරන් ගමන් කරන්නේ. මේ හැමෝම ඉන්නේ ඔන්ලයින් එකෙන් වැඩ කරන්න පුළුවන් තැන්වල නොවෙන්න පුළුවන්.


287815656 10225000142645288 3155328033682947815 n

පට්ටම අනතුරුදායක විදියට මේ අය එල්ලිලා යනවා ෆුට්බෝඩ් එකේ. මම මිට කලිනුත් මේ සිද්දිය දැකල තියනවා. බස් එහෙම නැති උනාම. දීර්ඝ නිවාඩුවක් ආවම.

හැබැයි මේ සිදුවෙන්නේ වෙනත් දෙයක්. දැන් බස් දුවන්න ඩිසල් නැහැ. අද දවසේ පුද්ගලික අංශය දිව්වෙම නැති තරම්. තියනවා නම් ලංගම විතරයි. ඒවායේත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. මිනිස්සු කෝච්චි වෙත විතැන් වෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ප්‍රවාහන ගාස්තු. 

 

මේ සියලු ප්‍රශ්න එක්ක තමයි මිනිස්සු මේ ආණ්ඩුව එක්ක හැප්පුණේ. යම් ක්‍රම වෙනසක් හෙව්වේ. හැබැයි රනිල් කළේ මේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ නොහැකියාවට එරෙහිව සටන් කරපු දෙගොල්ල අතරට අවිල්ල හිටගත්ත එක. නැත්නම් මැදින් පීදිච්ච එක. අර ඇතිවෙලා තිබ්බ දේශපාලන පරස්පර බව -ආතතිය - ගැටුම යම් පරිණත අන්තයක් කර ගමන් කරන්න ඉඩ නොදුන්න එක.

 

දැන් සියල්ල එකතැන පල්වෙනවා. ඒක තමයි ඉතාම භයානක.

අභියෝගය ගන්නවා කියල ආවට තවමත් කිසිම දෙයක් සිදු වෙලා නැහැ ඇත්ත මහ පොළොවේ. සති දෙකෙන් දෙකට දැනුම් දෙනවා ඇරෙන්න ඊළඟ සති දෙකේ අමාරුව ගැන.

ඒ නිවේදන දෙන්න අගමැති කෙනෙක් ඕනි නැහැ. මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් හොඳටම ඇති.

රනිල් ආව ගමන් පෝලිම් නැතිවෙයි, ලෝකේ ඔක්කොම උදව් කරයි වගේ ඒවා නිකම් ෆැන්ටසි වෙමින් යන්නේ. මේක පුද්ගල හැකියාව පිළිබඳ ප්‍රශ්නයකට වඩා පුළුල් දෙයක්. බැරෑරුම් දෙයක්. ලංකාව අත් නොවින්ද දෙයක්.

අවම වශයෙන් මේ ඇතිවෙමින් යන මහා ව්‍යසනය (catastrophe) නැත්නම් මානුෂික අර්බුදය (humanitarian crisis) වෙනුවෙන් සාකල්‍ය ප්‍රවේශයක් (holistic approach) අරන් එන්න. බලශක්ති ඇමති සහ ප්‍රවාහන ඇමති අතර පොදු එකඟතාවක්වක් ගොඩ නගන්න.

බස් නැහැ කියන්නේ කොළඹ යන මිනිහ අනිවාර්යයෙන් කෝච්චියට දුවනවා. අර තියන ඩිසල් ටිකෙන් දුවන්න තව උදේ කෝච්චියක් දෙකක් වැඩි කරන්න. මේ මිනිස්සු මිනිස්සු. සත්තු නෙවෙයි.

සංචාරකයෝ ගෙන්වනවා නම් සංචාරක ඇමති සහ බලශක්ති ඇමති එක තැනකට එන්න ඕනි. ආහාර ගැන පොදු තැනකට එන්න ඕනි. ප්‍රවාහනය ගැන පොදු තැනකට එන්න ඕනි. පාසල් විශ්ව විද්‍යාල ගැන පොදු තැනකට එන්න ඔනි.

 

මානුෂික ව්‍යසන කළමනාකරණය කරන්න දන්නා අය එක්ක කතා කරන්න කරුණාකරලා. දැන් හැම තැනම තියෙන්නේ බිය. අවිනිශ්චිත බව. 

 

හැම තැනම ආහාර හංගනවා කියල කතා පැතිරෙනවා. අනිකුත් අත්‍යාවශ්‍ය දේවල් දැන් කෙළින්ම අතුරුදහන් වෙනවා. හැම තැනම අරාජක බව රජකරමින් පවතිනවා.  

මේ අරාජක බව අවසන් විය හැක්කේ අතිමහත් ව්‍යසනයකින්. ඒක මැයි 9 ට වඩා ඉතාම කර්කෂ විය හැකියි. අභාග්‍ය සම්පන්න විය හැකියි.

මම පොඩි රනිල් සිම්පතයිසර් (Ranil sympathizer) කෙනෙක් කියල ඔයාල දන්නවා ඇති. ඒත් මේක නොලියම බැහැ.

මට හිතෙන්නේ රනිල් දිගටම නෙට්ෆ්ලික්ස් බැලුවනම් හොඳයි කියල. මැදින් පූදින්නේ නැතුව.



ඔරැකල් විප්ලවය...- මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...