The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලකරුවන්ට නාලකගෙන් යෝජනා දෙකක්

T

The Leader Desk

June 24, 2022 • 7:02 AM

අරගලකරුවන්ට නාලකගෙන් යෝජනා දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනසක් ඉල්ලා අරගල කරනා බොහෝ දෙනෙක් රට වෙනස් කරන්නට කල යුතු දේවල් නිසි ලෙස හඳුනාගෙන නැති බව පෙනී යයි.
  • රටේ මහජනතාවට විශාල බරක් වී ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් කතාවට සීමා නොකොට දැන්වත් ආරම්භ කරන්නා ලෙස රජයට බල කරන්න ජනතාවට පුළුවන්.
  • අඩුම ගානේ රටට විශාලම පාඩුව කරන විදුලි බල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ ආරම්භ කරනා ලෙස ඉල්ලන්න.
  • මේ ආයතන 3 පමනක් වසරකට රුපියල් බිලියන 300 ක් පමන රටට පාඩු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):



වෙනසක් ඉල්ලා අරගල කරනා බොහෝ දෙනෙක් රට වෙනස් කරන්නට කල යුතු දේවල් නිසි ලෙස හඳුනාගෙන නැති බව පෙනී යයි.

නමුත් ජනතාවගේ මතයට දැන් මේ ආර්ථික අර්බූධය හමුවේ වැඩි ඉඩක් තිබෙනා නිසා හරි දේ යෝජනා කරන්නට මෙය සුදුසුතම අවස්ථාව විය හැකියි. යෝජනා 2 ක් පහත තිබෙනවා.

රටේ මහජනතාවට විශාල බරක් වී ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් කතාවට සීමා නොකොට දැන්වත් ආරම්භ කරන්නා ලෙස රජයට බල කරන්න ජනතාවට පුළුවන්.

 

අඩුම ගානේ රටට විශාලම පාඩුව කරන විදුලි බල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ ආරම්භ කරනා ලෙස ඉල්ලන්න.

 

මේ ආයතන 3 පමනක් වසරකට රුපියල් බිලියන 300 ක් පමන රටට පාඩු කරයි. රජය යටතේ පාලනය වන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබුනත් ඉන් බොහෝමයක් පාඩු ලබනා නිසා ඒ සියලුම ආයතනවලින් අවසානයේ වාර්ශික අයවැයට එක්වන ආදායම රුපියල් බිලියන 200 ට අඩුය.

ඉහත කී ආයතන 3 පාඩු නොලැබුවානම් මේ ආදායම රුපියල් බිලියන 500 ඉක්මවන්නට තිබුනි.

පාර්ලිමේන්තුව වසා දමා 225 ම ගෙදර යවා වසරකට රටට ඉතුරු කරගත හැකි මුදල රුපියල් බිලියන 3 කි. එයට අමාත්‍යවරුගේ හා කාර්ය මන්ඩල වල සියළු දීමනා හා වියදම් එක් කලත් වාර්ෂික අයවැයෙන් රටේ දේශපාලනඥයන් වෙනුවෙන් වැයකරන්නේ රුපියල් බිලියන 6.5 ක් පමන වේ.


පාඩු ලබන ආයතන නඩත්තු කරන්නට රට ඊට වඩා විශාල වියදමක් දරයි. උදාහරණයක් වශයෙන් විගණකාධිපති තුමාගේ වාර්ථා අනුව 2021 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් 25% කින් වැඩි කිරීමේ අමතර වියදම පමනක් රුපියල් බිලියන 9.6 කි.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ඍජු අධික්ෂණයට ගෙන ආ හැකි ලෙස අනපනත් වෙනස් කරනා ලෙස ඉල්ලන්න. මේ හරහා විවිධ අක්‍රමිකතා හරහා වාර්ශිකව රටට අහිමි වන විශාල ධනස්කන්ධයක් ඉතුරු ගත හැකියි.



                               (ආචාර්ය නාලක ගොඩහේවා - පා.ම. )
nalakagodahewa@gmail.com

PHD(UnisA), BSC.Eng(Hons) Dr FCMA(UK). FCIM(UK), MBA • PP

(Nalaka Godahewa ගේ ෆේස්බුක් පිටුවෙන්)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරගලකරුවන්ට නාලකගෙන් යෝජනා දෙකක් | The Leader