The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිරුණිකාලා සහ කාන්තාරයට වැටෙන වැස්සක් -(කාන්ති කාරියවසම්)

T

The Leader Desk

June 24, 2022 • 7:44 AM

හිරුණිකාලා සහ කාන්තාරයට වැටෙන වැස්සක් -(කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්පස්සේ සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන ඇතැම් දේවල් දැක්කාම ලොකු කම්පනයක් ඇතිවුනා.
  • චරිත ඝාතනය වෙන අන්දමේ එක වචනයක් හරි ඇහුනානම් ඒ කාලේ මා ඇතුළු අපේ පරම්පරාවේ බොහෝ අය කටුව ඇතුලට ඇදෙන ගොළු බෙල්ලන් වගේ මුහුණ හංගා ගන්නේ ආයෙ කිසිදාක එවැනි දෙකට සහභාගී නොවෙන්න හිතාගෙන.
  • ඒ සභාවේ සුදු පිරුවට ඇඳගෙන, පිරිසිදු කමේ සංකේත විදියට හැසිරෙන සමහරු (හැමෝම නෙවෙයි) මෑත අතීතයේ ගැහැණුන් සම්බන්ධව කල අසභ්‍ය ප්‍රකාශ හිරිකිතයි.
  • සමාජ මාධ්‍යවල සංසරණයවෙන හිරුණිකාගේ පින්තුර සහ ඒවාට යොදා ඇති සමහර අදහස් දැක්වීම් වලින් පෙනෙන්නේ අපේ ඇතැම් පිරිමි උදවියගේ තියෙන අසභ්‍ය මානසිකත්වය තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්පස්සේ සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන ඇතැම් දේවල් දැක්කාම ලොකු කම්පනයක් ඇතිවුනා.

හිරුණිකාගේ දේශපාලනයට සහ ප්‍රතිපත්ති වලට මගේ කිසිම සම්බන්ධයක් නැති වුනත්, ඇගේ එඩිතර කම ගැන ලොකු අගය කිරීමක් තියෙනවා.

ගැහැණියක් මේවාට ඉදිරිපත් වුනාම ලැබෙන්න නියමිත අපහාස අවමාන ගැන හිරුණිකා නොදන්නවා නොවෙයි. වික්ටෝරියානු සංස්කෘතියේ ප්‍රතිඵලයක් විදියට සමාජයට බිහිවුණ මගේ පරම්පරාවේ බොහොමයක් අයට වඩා ඇය ඉන්නේ ඉතාම ඉදිරියෙන්.

චරිත ඝාතනය වෙන අන්දමේ එක වචනයක් හරි ඇහුනානම් ඒ කාලේ මා ඇතුළු අපේ පරම්පරාවේ බොහෝ අය කටුව ඇතුලට ඇදෙන ගොළු බෙල්ලන් වගේ මුහුණ හංගා ගන්නේ ආයෙ කිසිදාක එවැනි දෙකට සහභාගී නොවෙන්න හිතාගෙන. මෑතක් වනතුරු බොහෝ දෙනෙක් අපේ ඒ දුර්වලකම ප්‍රයෝජනයට ගත්තා.


ඕනෑම ක්ෂේත්‍රයක පිරිමියෙකුට අභියෝග කළ ඕනෑම ගැහැණියකට චරිත ඝාතන ප්‍රහාරයක් උරුමයි. ඒක එදා වාගෙම තමයි අදත්. හැකියාව, දක්ෂතාවය, විචාර බුද්ධිය, තාර්කික චින්තනය තියෙන බොහොමයක් ගැහැණුන්ට මේ ඉරණමට මුහුණ දෙන්නම සිදුවෙනවා.  


උත්තරීතර සභාව කියලා හඳුන්වන අසංවර තැනින් පටන් ගත්තාම රටේ සෑම ක්ෂේත්‍රයකම මේ තත්ත්වය දකින්න පුළුවන්. ඒ සභාවේ සුදු පිරුවට ඇඳගෙන, පිරිසිදු කමේ සංකේත විදියට හැසිරෙන සමහරු (හැමෝම නෙවෙයි) මෑත අතීතයේ ගැහැණුන් සම්බන්ධව කල අසභ්‍ය ප්‍රකාශ හිරිකිතයි.

ගැහැණුන්ට මේ විදියට සලකන උදවියගේ චරිත ගැන සොයා බැලුවොත් හරිම ජුගුප්සාජනකයි. තමන් උස් ආසන වලත් භාර්යාවන් මිටි ආසන වලත් අසුන් ගැනීමේ වරදක් නොදකින, රාජාණ්ඩු මානසිකත්වයෙන් යුත් පාලකයන්ගේ අතකොළු වූ ඔවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

සමාජ මාධ්‍යවල සංසරණයවෙන හිරුණිකාගේ පින්තුර සහ ඒවාට යොදා ඇති සමහර අදහස් දැක්වීම් වලින් පෙනෙන්නේ අපේ ඇතැම් පිරිමි උදවියගේ තියෙන අසභ්‍ය මානසිකත්වය තමයි. ඒ තමයි ඔවුන් ඔවුන්ගේ විකෘති, අසභ්‍ය අදහස් එලියට දාන විදිය. ඒවාගේ අසංවර පිරිමි උදවිය තමයි වැඩිහරියක් ගැහැණුන්ගෙන් සංවරකම බලාපොරොත්තු වෙන්නේ.


WhatsApp Image 2022 06 23 at 10.06.26 AM

හිරුණිකාගේ දේශපාලන අදහස් වලට විරුද්ධවීම වෙනමම කාරණාවක්. නමුත් මේ විදිහේ අශිෂ්ඨ අදහස් පළකිරීම් වලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ බෙලහීනත්වය මිසක් අන් කිසිවක් නොවෙයි.

ගැහැණියක් අන් අයුරකින් පරදවාලීමට නොහැකි වූවිට යොදාගන්නා මෙවැනි ක්‍රියා ඉතාම නින්දිතයි. ගැහැණුන්ගේ විවිධ අංගෝපාංග ගැන මෙවැනි දේ පළකරන අමනයින්ට තමන්ටද මවුවරුන්, සොයුරියන්, දියණිවරුන් සිටින බවවත් අමතකයි.


සම්ප්‍රදායානුකුල පරිසරයක හැදුන වැඩුන, වික්ටෝරියානු සංස්කෘතියෙන් පෝෂණයවුන පරපුරක ගැහැණියක් ලෙස මම හුඟක් සතුටු වෙන කාරණාවක් තමයි හිරුණිකාලා සහ එයින් පසුව ඉන්න පරම්පරාවල තරුණියන් බොහෝ දෙනෙක් මෙවැනි දේවල් වලින් අධෛර්යමත් නොවීම. ඔවුන් එවැනි දෙයින් සැලෙන්නේ නැහැ, පසු බසින්නේත් නැහැ. හිරුණිකා තම පියයුරු ගැන නොමනා අදහස් දැක්වූ අයට බොහොම හොඳ පිළිතුරක් දීලා තිබුනා.


අරගල භූමියේ තරුණ කාන්තාවන්ට අපහාස කිරීමට මාන බැලූ අයට ඔවුන් දුන් ප්‍රතිචාරත් අපූරුයි. තව දුරටත් ගැහැණුන්ගේ ගැහැණුකම ඔවුන්ව මර්ධනය කිරීමේ ආයුධයක් ලෙස භාවිතා කිරීමට මේ නිවටයන්ට නොහැකිවනු ඇති.

තරඟ කිරීම සඳහා සම මට්ටමේ පිටියක් (a level playing field to compete) ලබා නොදී, අශිෂ්ඨ ලිංගික අපහාස වලින් ගැහැණුන් පරදවාලීමට තැත්කරන්නන්ට නොබියව මුහුණ දියහැකි කාන්තාවන් තවතවත් ඉදිරියේදී බිහිවෙනු නොඅනුමානයි.

අරගල භුමියේ දුටු, සහ හිරුණිකා වැනි, මඩ ප්‍රහාර වලින් ගෙවල් ඇතුළට සීමාකරන්න බැරි දියණියන්, සොයුරියන් දකිනවිට ඇතිවන්නේ ඉමහත් සතුටක්.
ඒක නියඟයෙන් ඉරිතලා ගිය කාන්තාරයකට වැටෙන වැස්සක් දකිනකොට ඇතිවන විදියේ හරිම තෘප්තිමත් හැඟීමක්.



නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com



සබැඳි ලිපි:


හිරුණිකාගේ පියයුරු සහ හියුමිලියේෂන් සංස්කෘතිය

'හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා' -අගමැති


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...