The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කහපාට කියන්නෙ සතුට -(චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 26, 2022 • 6:08 AM

කහපාට කියන්නෙ සතුට -(චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි.
  • කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්.
  • අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න.
  • ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 



මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

 

PHOTO 2022 06 26 12 19 51 1

දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්

 

මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට  බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි.


PHOTO 2022 06 26 12 19 51දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා.


 කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

d 08 Georges Bataille

ජෝර්ජ් බටායි

 

ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. 

 
මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල.

මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න.

අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ.

පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය.


මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.


මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරා‍ව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට.

මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා.  මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.


සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' ක්‍රියාකාරික

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...