The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැලවීම වෙනුවට විනාශය තෝරා ගැනීම! - (වික්ටර් අයිවන්)

T

The Leader Desk

June 28, 2022 • 1:26 PM

ගැලවීම වෙනුවට විනාශය තෝරා ගැනීම! - (වික්ටර් අයිවන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රමයේ කටයුතු සිදුවී තිබෙන දූෂිත, අකාර්යක්ෂම හා අවලස්සන සොබාවය තේරුම් ගැත හැකිය.
  • එහි දිග හැරෙමින් තිබෙන කරුනු අනුව අසමත්කමට හා බංකොලොත් බාවයට අවශ්‍ය කටයුතු සිදුවී තිබෙන්නේ ගෝඨාභය පාලනය ඇතිවීමෙන් පසුව පමනක් නොව ඊට බොහෝ කලකට පෙර සිටය.
  • එසේම රටේ ඇතිවී තිබෙන අසමත්කම කෙරෙහි දේශපාලකයා ගේ බූමිකාව පමණක් නොව රාජ්‍ය නිලදාරියාගේ බූමිකාව ඇදගත් සාදකයක් ලෙස බලපා තිබේ.
  • රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබෙන පාර්ලිමේන්තුව එම ආයතනවල කටයුතු තියුණු ලෙස සොයා බැලිය යුතුව තිබුනේ දැන් නොව රටබංකොලොත් තත්වයට පත්වීමට පෙරය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රමයේ  කටයුතු සිදුවී තිබෙන දූෂිත, අකාර්යක්ෂම හා අවලස්සන සොබාවය තේරුම් ගැත හැකිය.

එහි දිග හැරෙමින් තිබෙන කරුනු අනුව අසමත්කමට හා බංකොලොත් බාවයට අවශ්‍ය කටයුතු සිදුවී තිබෙන්නේ ගෝඨාභය පාලනය ඇතිවීමෙන් පසුව පමනක් නොව ඊට බොහෝ කලකට පෙර සිටය. එසේම රටේ ඇතිවී තිබෙන අසමත්කම කෙරෙහි දේශපාලකයා ගේ බූමිකාව පමණක් නොව රාජ්‍ය නිලදාරියාගේ බූමිකාව ඇදගත් සාදකයක් ලෙස බලපා තිබේ.

රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබෙන පාර්ලිමේන්තුව එම ආයතනවල කටයුතු තියුණු ලෙස සොයා බැලිය යුතුව තිබුනේ දැන් නොව රටබංකොලොත් තත්වයට පත්වීමට පෙරය. පාර්ලිමේන්තුවට ඇස් පෑදී තිබෙන්නේ හුගාක් ප්‍රමාද වීය.

ලංකාව මෙම නිෂ්චිත අවස්තාවේදී තිබෙන්නේ ගොඩ ඒමට පහසු නැති බිහිසුනු අගාධයකට ඇද වැටුන තත්වයක. රට තිබෙන්නේ බංකොලොත්, අසමත් හා ක්‍රියාකාරිත්වය විශාල ප්‍රමානයකට බිඳවැටුන තත්වයකය.

 124721323 mediaitem124721322

# ඉන්දන හිඟය නිසා දැනටමත් රටේ ගමනා ගමනය හා ප්‍රවාහනය විශාල ප්‍රමානයකට අඩපන කිරීමට හේතුවී තිබේ.

# නිෂ්පාදන අංශවල ක්‍රියාකාරිත්වයද නොකඩවා බිද වැටෙමින් පවතී.

# ඖෂධ හිඟය රෝහල් වල ක්‍රියාකාරිත්වය විශාල ප්‍රමාණයකට අඩපන කිරීමට හේතුවී තිබෙන අතර නිදන්ගත රෝගින්ගේ ජීවිත පැවැත්ම තිබෙන්නේ අනාරක්ෂිත තත්වයකය.

# රැකියා අහිමි වුවන්ගේ සංඛ්‍යාවද විශාල ලෙස ඉහල යමින් තිබෙන අතර නොකඩවා වේගයෙන් ඉහල යන උද්දමනය ඉදිරියේ ජීවන බර තිබෙන්නේ ඉසිලිය නොහැකි ඉතා පීඩාකාරි තත්වයකය.

# රසායන පොහොර තහනම කෘෂිකර්මයේ ඇති කර තිබුන මහා බිද වැටීම තවමත් යතාතත්වයට පත් කිරීමට හේතුවී නැති අතර ඔක්තෝබර් වන විට අහාර හිඟයක් ඇති වීමේ බරපතල අවදානමක් ද පවතී.

# ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමට IMF එකට ගියේ බෝහෝ ප්‍රමාදවීය. ඒනිසා ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම ද ඉතා දුෂ්කර හා අසමාන්‍ය තරමින් වදවේදනා ගෙන දෙන්න තත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.


අඳුරෙන් අඳුරට:

 

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ලෙස එම අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍යකරන දැනුම හා ශික්ෂනය රටට තිබෙන බව පෙන්නුම් කිරීමට ලංකාව තවමත් සමත් වී නැත. අඩුම වශයෙන් ඉතා අමාරුවෙන් මිලදී ගන්නා පෙට්ට්‍රල් ඩීසල් ටිකවත් පලදායි ලෙස බෙදාහරින ක්‍රමයක් ඇති කරගැනීමටවත් තවමත් ලංකාව සමත් වී නැත.

 

පෙට්ට්‍රල් ඩීසල් මිලදී ගැනීමේ හැකියාව හොදටම සීමා සහිත තත්වයකට පත්ව තිබියදීත් තවමත් ලංකාව උත්සහා කරන්නේ සියළු වාහනවලට පෙට්‍රල් හා ඩීසල් දෙන ක්‍රමයකි.


අන් හැම තැනකමත් කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ඊට සමාන අවුල් සහගත හා හාස්‍යජනක ආකාරයකටය. ඝන අඳුර හැර ආලෝකයේ රිදී රේඛාවක ජායා මාත්‍රයක් වත් පෙනෙන තෙක් මානයකවත් නැත.
 
 ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුලු ආණ්ඩු පක්ෂය ද විරුද්ද පකෂයද ‍යන දේශපාලන තලයේ සියලු දෙනා පටු බල අරගලයක නිරත වී සිටින බව පෙනෙනවා මිස රටට මුහුණ දෙන්න්ට සිදුවී තිබෙන මහා විපත ජයගැනීම සඳහා එහි විශාලත්වයට ගැලපෙන ලොකු වැඩක නිරතවී සිටින බව පෙනෙන්නේ නැත.

මොන හේතුවක් නිසා හෝ පොදුවේ රටේ දේශපාලනතන්ත්‍රයට සේම සමාජයටද මෙම අර්බුදය ජය ගැනීම සදහා බලවත් උනන්දුවක් තිබෙන බව පෙනෙන්නේ ද නැත.

ආණ්ඩුව, විරුද්ද පක්ෂය, අරගලකරුවන්, විකල්ප දාරා ලෙස පෙනී සිටින දේශපාලන කණ්ඩායම්, යන සියළු පාර්ශ්ව කල්පනා කරන විදියේ ලොකු අවුලක් තිබෙන බව නම් පැහැදිලිව පෙනෙන්නේය.

pokl

ජනාධිපති ආණ්ඩුක්‍රමය නිර්මානය කර තිබෙන්නේම ප්‍රධාන මැතිවරණයකදී හැර අතර මැදි කාලයේදී ආණ්ඩු පෙරලියකට ඉඩක් නැති අකාරයටය. තරුන අරගලකරුවන් "ගෝඨා ගෙදර පල" යන ලස්සන හා පෙරලිකාර සටන් පාථය කරලියට ගත්තේ එම යතාර්තය හොදින් සැලකිල්ලට ගෙන නොවේ.

වෙනත් සමහර අප්‍රධාන වෙනස්කම් දිනා ගැනීමට තරුන අරගලකරුවන් සමත්වී ඇතත්, ප්‍රධාන ඉල්ලීම දිනා ගැනීමට  සමත් වූයේ නැත.
 
 
දැන් තරුන අරගලය තිබෙන්නේ විශාල ප්‍රමානයකට කඩා බිද වැටුන තත්වයකය. ඔවුන්ගේ අත්වලින් ගිලිහෙමින් තිබෙන ගෝඨා ගෙදර යැවීමේ ධජය විරුද්ද පක්ෂයේ තරඟකාරි පක්ෂ දෙකක් වන සජබෙ හා ජවිපෙ යන පක්ෂ දෙක සියතට ගෙන තිබෙන බව පෙනේ. දැන් එම පක්ෂ දෙකම කියන්නේ සියලු අන් සියලු දේට පෙර ගෝථාභය ගෙදර යැවීම නැතුවම බැරි කොන්දේසියක් වන බවය.
 
 
විනාශයේ මාවතට...


# මෙම පක්ෂ දෙකට තනි තනිව හෝ එකට එකතු වී ජනාධිපති ගෝඨාභයගේ ධූර කාලය අවසන් වන්නට පෙර ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමේ අරමුන සපුරා ගැනීමේ ඇත්ත හැකියාවක් තිබේද?

# එම පක්ෂ දෙක එම තීරනය ගනු ලැබුවේ ඒ ගැන හොඳින් කරුනු සලකා බැලීමකින් පසුවද?

# එය ස්ථිර වශයෙන් ජයගත හැකි ඉලක්කයක් බව එම පක්ෂ දෙක විස්වාස කරන්නේද?

# ව්‍යවස්ථාපිත රාමුවෙන් පිටස්තරව ජනාධිපති එලවීමට දරනු ලබන උත්සහායන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට තිබෙන හැකියාව මුලුමනින් නැති කොට රට දැන් තිබෙන තත්වයටත් වඩා මහා අගාධයකට ඇද දැමීමට හේතු නොවනු ඇති බවට ස්තීර සහතිකයක් දීමේ හැකියාව එම පක්ෂවලට තිබේද? 


මේ පක්ෂ දෙකම කල්පනා කරන විදිය අවුල් සහගත. මේ වන විට රටේ පැවැත්ම තිබෙන්නේ ඉතාමත් තීරනාත්මක තත්වයකය. 
 
යථා තක්සේරුවකින් තොරව දේශපාලන පක්ෂ මේ අවස්තාවේදී මහා පාරේ කරන සටන් අර්බුදය විසදා ගැනීමට තිබෙන හැකියාව මුලුමනින් නැති කොට රට මහා විනාශයකට ඇද දැමීමට හේතු විය හැකිය.
 
 
දේශපාලන පක්ෂ මේ තීරනාත්මක මොහොතේදී සිය බල අපේක්ෂා සපුරා ගත යුතුව තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය ඇතුලු රටේ අර්බුදය උග්‍ර කිරීමට හෝ අවුල් කිරීමට හේතු නොවන ලෙසය. ඒ සදහා තෝරා ගත හැකි ප්‍රසස්තම ක්‍රමය වනුයේ ඉක්මන් මැතිවරනයක්ද ඇතුලත් වන ලෙස ක්‍රමයේ ගැඹුරු වෙනසක්  ඇතිකිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය. ඒ සදහා සර්ව පක්ෂික ආණ්ඩුවක් ලෙස එකට එකතු වී වැඩ කරන තැනක යාමය.
 
 
එවැනි වැඩ සටහනක් අර්බුදය සමනය කරනවා මිස උග්‍ර කරන්නේ හෝ අවුල් කරන්නේ නැත. එවැනි ක්‍රමවේදයක් ගෙවුම් ශේෂ අර්බුදය ඇතුලු සෙසු අර්බුද විසදා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් ලබා දෙයි.

ඒ සමග ජනාධිපති ආණ්ඩුක්‍රමයෙන් ඉක්මන් ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට ඉක්මනින් මාරු වීමට පුලුවන්කමද ලබා දෙමින් ක්‍රමයේ ගැඹුරු ව්‍යුහමය වෙනසක් ඇති කර ගැනීමට හැකියාවද ලබා දෙයි. තෝරාගැනීමට එවැනි පැහැදිලි හා හොද විකල්පයක් තිබියදී ලැබෙන ප්‍රතිපල පැහැදිලි නැති රටේ පැවැත්ම පරදුවට තැබීමට හේතුවන විකල්පයක් සාධාරණ විය නොහැකිය.

මේ අවුල් සහගතභාවය එම පක්ෂ දෙකට පමණක් ආවේනික විශේෂ ලක්ෂනයක් නොවන බවද කිව යුතුය. එය පොදුවේ හැම තැනකම (ආණ්ඩු පක්ෂය, විරුද්ද පක්ෂ, තරුණ අරගලය හා සියළු මතවාදි තලවල) දක්නට තිබෙන ලක්ෂනයකි.
 
 
හැම කෙනෙකුටම "ගෙදර පල" කියන හඬ මිස "රට බාරගනු " කියා කිසිවකුටත් අඬගසන හඬක් ඇසෙන්නේම නැත. පරන දේශපාලන නායකයින්ගෙන් සමන්විත පරන දේශපාලන ලෝකය පමනක් නොව අරගලකරුවන්ගේ නව ලෝකය තිබෙන්නේද අසාර්තක අවුල් ජාලයකය.
 
 
දේශපාලනඥයින්ට පමනක් නොව, බුද්ධිමතුන්ටද, සාමාන්‍ය සමාජයටද තර්කානුකූලව කරුනු සලකා බැලීමේ හැකියාව මේ අර්බුදාය විසින් මුලුමනින් අහිමි කර තිබෙන බව පෙනේ.

මෙම තත්වය තුළ නරක ප්‍රතිපලයක් මිස හොද ප්‍රතිපලයක් බලා පොරොත්තු විය නොකිය.

රටේ දේශපාලන නායකයින් බලය සදහා පොරකමින් සිටියදී ගලවා ගැනීමේ කිසිදු උත්සහයක් නැතිවම ලංකා මාතාව මහමුහුදේ චන්ඩ කලාපයයකට  ගසාගෙන යමින් සිටින්නේය.


ලංකාව 'චිලියක්' කරමු! - වික්ටර් අයිවන්(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

mkvictorivan@gmail.com

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)



වික්ටර් අයිවන්ගේ සබැඳි ලිපි :

අර්බුදයේ බර අඩු කර ගැනීම -(වික්ටර් අයිවන් )

වැනසීම හා ගැලවීම - (වික්ටර් අයිවන්)

අරාජිකත්වයක් ඒකාධිපතිත්වයකට වඩා බියකරුය -(වික්ටර් අයිවන්)

විප්ලවයේ අවසානය කුමක්ද? -(වික්ටර් අයිවන්)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...