The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරිපූර්ණ පුරවැසියන් බිහි කරමු -(කාන්ති කාරියවසම්)

T

The Leader Desk

June 29, 2022 • 4:52 AM

පරිපූර්ණ පුරවැසියන් බිහි කරමු -(කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටවැසියන් කරන හඬගෑම නොඇසෙයි.
  • පසුගිය දශක ගණනාවක් පුරා බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියත්, රටේ සම්පත් සූරා කෑ බහිරවයන් මිස පැමිණි දියසේනයෙක් නැතිබව ඔවුන්ට දැන් වැටහිලා.
  • මේකේ තියෙන භයානකම දේ තමයි මේ දේවල් ඍජුව හෝ වක්‍රාකාරව රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිද්ධ වීම.
  • පාලකයෝ මිත්‍යා අදහස් කරපින්නාගෙන ඉන්නාතුරු රටක ජන මනසේ දියුණුවක් ඇතිවෙන්න පුලුවන්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

රටවැසියන් කරන හඬගෑම නොඇසෙයි.

හුණුවටයේ කතාවේ ගෘෂාගේ චරිතයට ආරූඪ වී දරුවා වැල් පාළමෙන් එගොඩ කරවීමට පැමිණි අගමැතිවරයා දැන් දරුවාගේ මන්ද පෝෂණය ගැන කතා කරමින් සිටින අතර, දරුවා දිනෙන් දින දුර්වල වෙමින් දියෙන් ගොඩ දැමූ මාළුවෙක් මෙන් හුස්ම අදිමින් සිටියි.

පාර්ලිමේන්තු කෝප් කමිටුවේ හෙළිවෙමින් තිබෙන කරුණු කාරණා ඇදහිය නොහැකි තරම් වෙයි.

අපේ දෙස් විදෙස්ගත ශ්‍රී ලංකික තරුණ පිරිසේ නවීන තාක්ෂණ දැනුම සහිත ආර්ථික කළමනාකරණයට විශේෂඥතාව, ශක්‍යතාවය ඇති අය සිටී. 

 
නමුත් කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගත හැක්කේ, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විශ්වකර්මයෙකුට පමණයැයි කියා අගමැතිවරයාව කලඑළි බැස්වූවත්, දැන් අම්මලා දරුවන් ගඟට විසිකරන සහ මිනිසුන් පෝලිම්වල මියැදෙන තත්ත්වයක් උදාවී ඇත. ඒවා ස්වාභාවික මරණ නොවෙයි.
 
 
 
දියසේන කුමරා පැමිණ රට ගොඩ දානකල් බලා සිටි බොහෝ ජනයා දැන් නානාවිධ පෝලිම්වල කල් ගෙවනවා. පසුගිය දශක ගණනාවක් පුරා බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියත්, රටේ සම්පත් සූරා කෑ බහිරවයන් මිස පැමිණි දියසේනයෙක් නැතිබව ඔවුන්ට දැන් වැටහිලා.
 
 
සොම්බී තත්ත්වයක් !


රටේ බොහොමයක් ජනතාව පසුගිය කාලයේ සිටියේ කිසිවක් දැනෙන්නේ නැති තත්ත්වයකයි. සොම්බී තත්ත්වය කියන්නේ එයට විය යුතුයි. එවැනි තත්ත්වයට පත්වුනාම හැඟීම් දැනීම් හෝ විචාර බුද්ධිය තාර්කික චින්තනය ගැන හෝඩුවාවක්වත් නැත.
 
 රටේ ධනය මහ දවල් මංකොල්ල කෑම, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ලෝකය සමග ඉදිරියට යාම, උපන් නූපන් පරපුරේ අනාගතය, රට අගාධයට යාම, පුරවැසි අයිතිවාසිකම් වගේ දේවල් අදාළම නොවේ. 
 
දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියන ඒ මානසික තත්ත්වයෙන් ජීවත්වීම පහසුය. මා සහ මගේ පවුලත් රැකුනොත් මදිද කියන මානසිකත්වයට පත්වුන ජනතාව පාලනය කරන්න පාලකයන්ට හරිම පහසුයි.
 
 
E055798C 8D8F 434C A2F3 DD28FE456495
 
ගොටාගෝගම අරගලය පටන් ගත්තු තරුණ පිරිස, මේ සොම්බි තත්ත්වයෙන් රටේ ජනතාව සෑහෙන දුරකට මුදවලා පුරවැසි තත්ත්වයට ගේන්න සමත්විය.
 
 
ගොටාගෝගම අරගලය පටන් ගත්තු තරුණ පිරිස, මේ සොම්බි තත්ත්වයෙන් රටේ ජනතාව සෑහෙන දුරකට මුදවලා පුරවැසි තත්ත්වයට ගේන්න සමත් වුනා. ඒත් මැයි නවවෙනිදා සිදුවුණ විනාශයත් එක්ක මිනිසුන්ගේ පොදු අරමුණ ආයෙත් සැරයක් වෙනත් පැත්තකට යොමුවෙලා. හැමදාම අපට සිද්ධ වුණේ ඕකම තමයි. මේතාක් කල් හිටපු පාලකයෝ රටවැසියන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා ඔවුන්ගේ තාර්කික චින්තනය මොට කරන්න සමත්වුනා.

මුලින්ම සිංහල ඔන්ලි කියලා එකක් ගෙනත් රටේ ජනතාව භේද භින්න කරලා අවුරුදු තිහක යුද්ධෙකට පාර කපලා දුන්නා. අහස කඩා වැටෙනවා කියලා ආතබූත නැතුව දිවූ හාවා පස්සේ දුවපු සතුන් රැලටත් වඩා අපි හරි දක්ෂයි ඔහේ කාගේ හරි පස්සේ වැටිලා දුවන්න.

මෑත කාලයේදී පුදුම දිවිල්ලක් දිවුවා වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ යට ඇඳුම් පසු පස්සේ සතුරන් හොයාගෙන.

ඒ විතරක් නෙවෙයි, නාග ලෝකයෙන් වැඩියා කියපු කැහැටු දිය බරියෙක් පස්සෙනුත් දිවුවා දෝත් මුදුනේ තියාගෙන, සා දු, සා දු කිය කියා.

ගෝලීය ව්‍යාප්ත කොරෝනා වසංගතයට ලෝකයේ සෑම දියුණු රටකම එන්නත් භාවිතා කරද්දී අපි මොනවාද නොකළේ? මුට්ටි දාලා බැලුවා, පැණි පෙරලා බැලුවා, හොදි බීලා බැලුවා.

මේකේ තියෙන භයානකම දේ තමයි මේ දේවල් ඍජුව හෝ වක්‍රාකාරව රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිද්ධ වීම. ඕනෑම රටක වැඩි දෙනෙක් නායකයෝ කරන කියන දේවල් පිළිගන්න පෙළඹීමක් තියෙනවා.


පාලකයෝ මිත්‍යා අදහස් කරපින්නාගෙන ඉන්නාතුරු රටක ජන මනසේ දියුණුවක් ඇතිවෙන්න පුලුවන්ද?


රටේ අවාසනාවට අහිමිවුණ මංගල සමරවීරයන් ජනතාව අවිද්‍යාවෙන් සහ මිත්‍යා විශ්වාසයන්ගෙන් ගලවා ගැනීමට උත්සාහ ගත්තා. ඒ උත්සාහය හරියට නෙළුම් කොලේට දාපු වතුර වාගෙ වුනා.

අපේ තරුණ පරපුර රෑ දවල්, අවුව වැස්ස නොබලා පළමු නිදහස් අරගලය කිරීමට එලිපෙහෙලි කරමින් තිබු මාවත ආයෙත් කටුකොහොල් වලින් වැසීගෙන යන බවක් පේනවා. දේශපාලකයෝ පටු බල අරගලයක යෙදෙමින් ඉන්නවා. එකිනෙකා තනි තනිවම ජනාධිපති සිහින දකිමින් ඉන්නවා.

පුරවැසියන් බවට පත්වෙමින් සිටි ජනතාව ආයෙත් සොම්බින් බවට පත්වෙමින් සිටින බවක් පේනවා.

රටේ පවතින අර්බුධ වලට ඇතැමුන් දෙන තර්කානුකූල නොවන විකල්ප වලින් ඔවුන් තෘප්තිමත් වෙන බවක් පේනවා. උදාහරණයක් කිවුවොත්, සහල් අර්බුධයට පිලියමක් ලෙස කොස් දෙල් භාවිතා කරන්න පුළුවන් කිවුවාම, ඇතැමුන් ඒක විසඳුමක් විදියට සිතා ගන්නවා. කොස් දෙල් කෑමට ගැනීම බොහොම හොඳ වුණත්, ඒක කරන්න නම් රටකට ආණ්ඩුවක් අවශ්‍යද කියලා ජනතාවට අමතක වෙනවා.
 
 
සහල් ප්‍රශ්ණයට පිළිතුර කොස් දෙල් නම්, මහා ධනස්කන්ධයක් වියදම් කරලා, 225 ක් පත් කරලා පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්නේ මොකටද කියන ප්‍රශ්ණය ජනතාවගේ සිත් වලට ඇතිවෙන්න ඕන. විසඳුම කොස් දෙල් නම් දියවන්නාව ගොඩ කරලා කොස් දෙල් සිටවන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕන. එහෙම හිතෙන්න නම් ජනතාව පුරවැසියන් බවට පත්වෙන්න ඕන.
 
 
නව සාමාන්‍ය (new normal) තත්වය බවට පත්වීම :
 
 daralipa
විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍යම පාරිභෝගික ද්‍රව්‍ය ගැනත් නොයෙක් අය දෙන විකල්ප වලින් ඇතැමුන් හිත හදාගන්න බව පේනවා.
 
 
ඒවාගෙම විදුලිය, ගෑස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍යම පාරිභෝගික ද්‍රව්‍ය ගැනත් නොයෙක් අය දෙන විකල්ප වලින් ඇතැමුන් හිත හදාගන්න බව පේනවා.

එවැනි විකල්ප වලට යන්න නම් රජයක් මොකටද කියන ප්‍රශ්ණය ගැන හිතන්නේ නැහැ. ඔවුන්ට මේක නව සාමාන්‍ය (new normal) තත්වය බවට පත්වෙනවා.

ඇත්තෙන්ම දැන් සමාජ පුරවැසි වගකීම ගැන යන්තම් හරි උනන්දුවක් තියෙන අය කරන්න අවශ්‍යම දේ තමයි දුක් ගැහැට මැද්දේ වුනත් ජනතාවට පුරවැසි මනසක් ඇතිකිරීම. ඒවගේම මානව අයිතිවාසිකම් ගැන සහ රජයකින් පුරවැසියන්ට සැපයියයුතු මූලිකම සේවාවන් මොනවාද කියන එක අවබෝධයක් ඇතිකරන එක.

මේක රජයේ මාධ්‍ය වලින් පෙන්නන්න හදන විදියේ ලෝක ව්‍යවසනයක් නෙවෙයි කියන එක ගැන ඔවුන් දැනුවත් කරන්න ඕන.

එසේම ආගමික සංස්ථා වලින් පෙන්නන විදියට මේවා මිනිසුන් පූරුවේ කළ කරුමවත්, දෙවියන් වහන්සේගේ කැමැත්තවත් නොවෙන බවත් කියලා දෙන්න ඕන.

මේ වෙලාවේ පුරවැසි සහ මානව අයිතිවාසිකම් ගැන හොඳින් දන්නා පරිපූර්ණ පුරවැසියන් බිහි නොවුනොත් මතු පරපුරටත් අප උරුම කොට දෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජිවීතම තමයි.


අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...