The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'තෙල් අර්බුදයයි - වින්නඹු මාතාවයි' -(අවන්ති ලිවේරා)

T

The Leader Desk

July 3, 2022 • 4:51 AM

'තෙල් අර්බුදයයි - වින්නඹු මාතාවයි' -(අවන්ති ලිවේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත් අවසන් කරනුයේත් ඉන්ධන පෝලිමේය.
  • නමුත් ඒ සියල්ල පසෙක තබමින් මෙලෙසින් ඉන්ධන පෝලිමේ රැදී සිටින්නුයේ තම පවුලට බත සරිලන්නටම නොවේ.
  • ඊ ළග සතිය පුරාවට මාතෘ ළදරු ළමා සංරක්ෂණය මනා ලෙස ලබාදීමට තම සේවා ස්ථානයට යාම සඳහාවෙනි.
  • කණගාටුවට කාරණාව නම්, සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවාවක් නිසාවෙන් අනිවාර්යයෙන් ඔවුන් සේවයට යා යුතුම නිසා යතුරු පැදිය සදහා ඉන්ධන රු.3000/= කම නිකුත් කරන කල , වින්නඹු මාතාව සතු යතුරු පැදියේ ඉන්ධන ටැංකියට පිරවිය හැක්කේ වත්මන් මිළේ හැටියට රු.2200/= පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත් අවසන් කරනුයේත් ඉන්ධන පෝලිමේය.

ශෝචනීය කරුණ නම් එවන් දිගු කාලයක් ඉන්ධන පෝලිමේ සිට ඉන්ධන බිදුවක්ද නොමැතිව ආපසු නිවසට යාමට සිදු වීමය.

වින්නඹු මාතාවන්ටද පෞද්ගලික ජීවිතයක් නොමැතිව නොවේ. ඇයද මවකි, බිරිඳකි, දියණියකි, සහෝදරියකි. ඇයටද මෙම සෑම භූමිකාවකම හිස මත ගොඩ ගැසුණු වගකීම් යුතකම් කොතෙකුත් ය.

නමුත් ඒ සියල්ල පසෙක තබමින් මෙලෙසින් ඉන්ධන පෝලිමේ රැදී සිටින්නුයේ තම පවුලට බත සරිලන්නටම නොවේ. ඊ ළග සතිය පුරාවට මාතෘ ළදරු ළමා සංරක්ෂණය මනා ලෙස ලබාදීමට තම සේවා ස්ථානයට යාම සඳහාවෙනි.


කණගාටුවට කාරණාව නම්, සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවාවක් නිසාවෙන් අනිවාර්යයෙන් ඔවුන් සේවයට යා යුතුම නිසා යතුරු පැදිය සදහා ඉන්ධන රු.3000/= කම නිකුත් කරන කල , වින්නඹු මාතාව සතු යතුරු පැදියේ ඉන්ධන ටැංකියට පිරවිය හැක්කේ වත්මන් මිළේ හැටියට රු.2200/= පමණි. ඉන් මොවුන්ට දින දෙකක් සේවය ලබා දීමට යාමට ද ප්‍රමාණවත් නොවේ. සතියේ ඉතිරි දිනයන්හි සේවය ලබා දීම උගසටය. වත්මනේ මාතෘ හා ළඳරු ළමා සංරක්ෂණයට කණ කොකා හඬමින් සිටී. නමුත් බලධරයින් මුනිවත රකී.


සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේදී පමණක් ඉන්ධන ලබා දීමත් ඒ සදහා දිස්ත්‍රික්ක තුල තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පමණක් තෝරා ගැනීමත් තුල වින්නඹු මාතාවන්ට දැඩි අසීරුතාවයකට මුහුණ පෑමට සිදුව ඇත.

වින්නඹු මාතාවගේ සේවා ස්ථානයේ සිට 30km ක් 40km ක් පමණ දුරින් පවතින ඉන්ධන පිරවුම් හලකට ගොස් පැය 24 කට ආසන්න කාලයක් තෙල් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන නැවත ඒමට සිදු වීම තුල ඉන්ධන පිරවුම් හලට යාමට ඒමට ඉන්ධන ලීටර් 02 ක් පමණ වැය කිරීමට සිදුවේ.

ඇය සතුව පවතින යතුරු පැදියට උපරිම ලබා ගත හැක්කේ ද ඉන්ධන ලීටර් 05 ක් පමණය. ඉතිරි වන ලීටර් 03න් නැවත ඉන්ධන ලබා දෙන දිනයේදී පිරවුම් හලට යාමට ඉන්ධන ඉතිරි කර ගත යුතුය.එවිට තම සේවා කටයුතු සදහා භාවිතා කල හැක්කේ ඉන්ධන ලීටරයක් පමණය. එක් ඉන්ධන ලීටරයකින්සතියක් මුළුල්ලේ සේවාව ලබා දෙන්නේ කෙසේද යන්න ප්‍රශ්ණාර්තයකි.

එසේම වින්නඹු මාතාවන ද කාන්තාවන්ය. රාත්‍රී කාලයේද තනිව ඉන්ධන පෝලිම් වල සිට ඉන්ධන ලබාගෙන ආපසු 30Km ක් 40Km ක් නැවත නිවෙස් බලා යාම අති දුෂ්කරය.

200313 Queues NE COVID194

වර්තාමනයේ මහ ජනතාවටද ඉන්ධන නිකුත් කරනුයේ ඉතාම සුළු වශයෙනි. එහෙයින් දරු ප්‍රසූතියකට ආසන්න වන මවකට රෝහල් ගත වීමට වාහනයක් සොයා ගැනීම උගසටය. එවන් වකවානුවක ගෘහ ප්‍රසූත හිස එසවීම නොවැළැක්විය නොහැක.

එවැනි අවස්ථාවක කේෂ්ත්‍රයේ සේවයේ නියුතු වින්නඹු මාතාවගේ පිළිසරණ පැතුවද ඇයට මවගේ නිවෙසට යාමට ඇය සතුවද ඉන්ධන නොමැත.

මෙම තත්ත්වය කෙරේ බලධරයින්ගේ අවධානය යොමු නොවීම මත නුදුරු අනාගතයේ ළඳරු මරණ මව් මරණ ප්‍රතිශතය ඉහළ යාම වැළැක්වීමට නම් එක්කෝ ප්‍රසූතිය සදහා රෝහලට යාමට දරු ප්‍රසූතියට ආසන්න මවට පියාපත් ලැබිය යුතුය නැත්නම් ඇය ළගට ගොස් සේවය ලබා දීමට වින්නඹු මාතාවන්ට පියාපත් ලැබිය යුතුය.

සියළුම ජීවිතයන් ආරක්ෂා වේවා යැයි තෙල් පෝලිමේ සිට ප්‍රාර්ථනා කරනවා විනා වෙන කල හැක්කක් නොමැති වීමම ශෝචනීයය.


avanthi(අවන්ති ලිවේරා)
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...