The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ නිවස ගිනි තැබීම දේශපාලන කුමන්ත්‍රණයකි - (කරු පරණවිතාන)

T

The Leader Desk

July 10, 2022 • 5:12 AM

රනිල්ගේ නිවස ගිනි තැබීම දේශපාලන කුමන්ත්‍රණයකි - (කරු පරණවිතාන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අබිරහසක් ලෙස නොපවතීවා යන්න මාගේ පැතුමය.
  • අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීමට අප එ⁣රෙහි විය යුත්තේ එහි වටිනා පුස්තකාලයක් තිබූ නිසා හෝ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජීවත් වූ නිවස නිසා හෝ ඔවුන්ගේ ඇවෑමෙන් මේ නිවස ඒ අසල තිබෙන කොළඹ රාජකීය විද්‍යාලයට තෑගි ඔප්පුවකින් පවරා ඇති නිසා පමණක් නොවේ.
  • මේ තර්කය මැයි 9,10,11 දිනවල ගිනි තැබූ පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ නිවාස වලටද අදාලය.
  • සංවාදය මතු වූයේ රුසියාවේ බොල්ෂෙව්ක් විප්ලවාදීන්ගේ ආණ්ඩුව සාර් රජ පවුලද සේවකයන්ද ඇතුලු 11 දෙනෙකුට අමතරව සාර්ගේ සුරතල් බල්ලාද වෙඩි තබා මරා දැමුවේ මන්ද යන ප්‍රශ්නය මතුවීමත් සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):

අබිරහසක් ලෙස නොපවතීවා යන්න මාගේ පැතුමය.

අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීමට අප එ⁣රෙහි විය යුත්තේ එහි වටිනා පුස්තකාලයක් තිබූ නිසා හෝ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජීවත් වූ නිවස නිසා හෝ ඔවුන්ගේ ඇවෑමෙන් මේ නිවස ඒ අසල තිබෙන කොළඹ රාජකීය විද්‍යාලයට තෑගි ඔප්පුවකින් පවරා ඇති නිසා පමණක් නොවේ.  ගෙවල් ගිනි තැබීම අපරාධයක් බැවිනි.

මිනී මැරීමට පමණක් දෙවන වන අපරාධයක් බැවිනි.

 

මේ තර්කය මැයි 9,10,11 දිනවල ගිනි තැබූ පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ නිවාස වලටද අදාලය. ඒවාද අපරාධය. ඒ නිවෙස්වල පුස්තකාල තිබුනේද නාන තටාක තිබුනේද අරක්කු බාර් තිබුනේද යන්න අදාල නොවේ.

 

විප්ලවවලදී අපරාධ සිදුවීම විප්ලවවලම මතුවන විරුද්ධාභාෂයකි. 19 ශත වර්ෂය දක්වා සිදු වූ  බොහෝ විප්ලවවල සිදු වූයේ මාළිගාව ගිනි තබා රජුගේ ගෙල කපා රිටක අමුනා ප්‍රදර්ශනය කිරීමෙනි.

ජෝර්ජ් අබෂ්විල්ලි යුවරජුගේ ගෙල කපා හිස රිටක ගසා එසේ පෙන්වනු අපි "හුනු වටයේ කතාව" නාටකයෙන් දුටුවෙමු.

නමුත් සමාජය දියුණු වෙද්දී වඩා මානව වාදී අදහස් සහ විශේෂයෙන් සමාජ විමුක්තිය පිලීබද වඩා මානවවාදී අදහස් වර්ධනය වෙද්දී විප්ලව වල සිදුවන්නාවූ ප්‍රචණ්ඩ අපරාධ ගැන විකල්ප කතිකාවක් මතුවිය.

සංවාදය මතු වූයේ  රුසියාවේ බොල්ෂෙව්ක් විප්ලවාදීන්ගේ ආණ්ඩුව සාර් රජ පවුලද සේවකයන්ද ඇතුලු 11 දෙනෙකුට අමතරව සාර්ගේ සුරතල්  බල්ලාද වෙඩි තබා මරා දැමුවේ මන්ද යන ප්‍රශ්නය මතුවීමත් සමගය.

medium 2022 07 09 a33bc28f67

ගින්නෙන් දැවියන රනිල්ගේ නිවස..

 

රාජපක්ෂලා එළවීමේ සටන ආරම්භයේ පටන්ම නිර්ප්‍රචණ්ඩ අරගලයක් බව යෝජනා කිරීමේ අර්ථය වූයේම අරගල කරුවන් මේ ඓතිහාසික කතිකාවට සෑහෙන තරමකට සංවේදී වූ බැවිනි.

 ඒ අනුව අරගලකරුවන්ට මේ නිවස ගිනි තැබීමේ වුවමනාවක් තිබුනේ යැයි මා සිතන්නේ නැත. ඔවුන්ට එ⁣වැනි වුවමනාවක් තිබුනේ නම් මුලින්ම ගිනි තබන්නේ කොටුව ජනාධිපති මන්දිරයටය. මහා ජන ගංගාවක් එයට කඩා වැදී සුලු සුලු විනාශයන් එම මන්දිරයට සිදුවන්නට පටන් ගත් විට අරගලකරුවන් එය මැදිහත් වී පාලනය කළ අයුරු අපි දුටුවෙමු.

 

අගමැති රනිල්ගේ නිවස ගිනි තැබීම පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයකි. අරගලය පිට දමා වෙනත් දේශපාලන වාසියක් උරගා බැලීමට මාන බලන බියසුළු පාර්ශ්වයක් ගත්  උත්සාහයකි.

 

එය මට දැනෙන අදහසක් විනා දැනට සාධක සහිතව ඔප්පු කළ හැකි අදහසක් නොවේ. පාස්කු ප්‍රහාරය හුදු සහරාන්ගේ වැඩක් නොවන බව එය සිදු වූ දිනවල අපට මෙලෙසින්ම දැණුනි.

නමුත් මේ අබිරහස එළිදරවු වනු ඇත. එසේ එළි දරවු වේවා යන්න මගේ පැතුමය.


(කරු පරණවිතාන)
සභාපති- 42 සේනාංකය
kparanawithana@gmail.com


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...