The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කරගත යුතුව ඇත - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

July 12, 2022 • 4:24 PM

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කරගත යුතුව ඇත - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින් පණවගේ ආරක්ෂා කරන්න ඕනි කියන පරණ ව්‍යවස්ථා කඩදාසි, නීති රෙගුලාසි සහ ක්‍රමයේ නෂ්ටාවශේෂ යන සියල්ල වෙනුවට අලුත් ව්‍යුහයක් නිපදවා ගන්න පුළුවන් නම් හොඳයි.
  • විප්ලව දෙකක උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ලාංකික පොළොව තුල තවත් එක් විප්ලවයක් සිදුව ඇත්නම් අපි දැන් විප්ලවයෙන් පසු දින සඳහා ද සුදානම් වෙන්න ඕනි.
  • ඒ පසු දිනය ඉතාම දුෂ්කර දිනයක් වනු ඇත්තේ ඉහත විප්ලවය ඇත්ත මහපොළොවේ මිනිස් අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම, අභ්‍යාස කිරීම වෙනුවෙන්.
  • ඒ වෙනුවෙන් කිසිදු කඩදාසි කොලයක් බාධාවක් කර ගන්න ඕනි නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):



පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින් පණවගේ ආරක්ෂා කරන්න ඕනි කියන පරණ ව්‍යවස්ථා කඩදාසි, නීති රෙගුලාසි සහ ක්‍රමයේ නෂ්ටාවශේෂ යන සියල්ල වෙනුවට අලුත් ව්‍යුහයක් නිපදවා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි අපි කරන්න ඕනි ප්‍රථම රැඩිකල් තේරීම (radical choice).

ලාංකික සමාජය නැවුමු විමුක්ති අවකාශයක් වෙත මුදාහැරිම වෙනුවෙන් මේ ජයග්‍රහණය අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මාර වටිනවා කියල හිතෙනවා. ආපසු පරණ ලෝකෙම ඕනි කියල ඉල්ලන අයට උත්තර දෙන්නත් මේක අවස්ථාවක් කර ගම්මු.

ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික ගැටළුව වැනි විසල් ගැටළු වගේම එදිනෙදා ජීවන ගැටලුත් අමතක කරන්න බැහැ. නමුත් කොන්ක්‍රීට් කඳු වෙනුවට මනුෂ්‍ය සමාජයක් ගොඩනගන්න අපි මහන්සි වෙන්න ඕනි.



විප්ලව දෙකක උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ලාංකික පොළොව තුල තවත් එක් විප්ලවයක් සිදුව ඇත්නම් අපි දැන් විප්ලවයෙන් පසු දින සඳහා ද සුදානම් වෙන්න ඕනි. ඒ පසු දිනය ඉතාම දුෂ්කර දිනයක් වනු ඇත්තේ ඉහත විප්ලවය ඇත්ත මහපොළොවේ මිනිස් අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම, අභ්‍යාස කිරීම වෙනුවෙන්.



අමරුම වැඩේ අලුත් ලෝකයක් පරිකල්පනය කරන එක. ඒ වෙනුවෙන් කිසිදු කඩදාසි කොලයක් බාධාවක් කර ගන්න ඕනි නැහැ. නිදහසේ හිතමු. විප්ලවය කියන්නේ ඒ අසහාය නිදහසට. නිදහස සාක්ෂාත් කිරීමට.

අප හෙට දිනයේ අවදිවිය යුත්තේ පෙර පරිදිම පැරණි ලෝකය ප්‍රතිජිවනය කිරීමට නම් ඉහත විප්ලවයෙන් පලක් වෙන්නේ නැහැ. අලුත් ලොවක් ගැන හිතමු. අලුත් ක්‍රමයක් ගැන හිතමු. අලුත් පාලන ව්‍යුහයක් ගැන හිතමු. කොටින්ම අලුත් භාෂාවක් ගැන හිතමු.

කුණාටුව තරණය කරමු. අලුත් භාෂාවක් කතා කරමු. විප්ලවයෙන් පස්සේ දවස සාර්ථක වෙන්නේ එහෙමයි.

හෙටින් උදාවන ලෝකය හැමටම සුවදායක කරමු...

ජය!

Image@ රොක් ඉතිහාසයේ කඩවසම් ම ගායකයා ලෙස සැලකෙන The Doors නම් රොක් ගායක කණ්ඩායමේ Jim Morrison.
Light my Fire by The Doors❤️❤️

 

 

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කරගත යුතුව ඇත - මහේෂ් හපුගොඩ | The Leader