The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාගේ නරුම ප්‍රාර්ථනාවට ඉඩ නොදෙමු - (රොහාන් සමරජීව)

T

The Leader Desk

July 13, 2022 • 8:10 AM

ගෝඨාගේ නරුම ප්‍රාර්ථනාවට ඉඩ නොදෙමු - (රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහු හැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාද කර, බාල විදියට කිරීමයි.
  • මෙවන් අධමයෙකු පලවා හැරීම වැනි යුග මෙහෙවරක් කල අප ජනතාව මේ නරුම ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීමේ කාර්යයට දායක විය යුතු නැහැ.
  • තව දුරටත් වීදි සටන් වල යෙදීමෙන් සිදු වන්නේ පලා ගිය හනුමාගේ ගිනි ගත් වලිගය බවට අප පත්වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහු හැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාද කර, බාල විදියට කිරීමයි. මෙයත් ඒ ආකෘතියේම වැඩකි.

ඊයේ විදේශ මාධ්‍ය සාකච්ඡාවකදී ඇසු ප්‍රශ්නයකට උත්තර දෙමින් මම කිව්වේ: “Always wrong, and even when remedying problems, too little, too late.”

ඔහු අවම වශයෙන් කල යුතුව තිබුනේ ලංකා රාජ්‍යය සතු ගුවන් යානයෙන් අපට නැති ඉන්ධන පුච්චා විදෙස් පොළොවකට පය තැබූ අවස්ථාවේ ආපසු හැරී, සාක්කුවේ තිබුණු ඉල්ලා අස්වීමේ ලිපිය අස්සන් කර කතානායක තුමාට බාර දෙන ලෙස කියා ගුවන් යානයේ නියමුවාට භාර දීමයි.

නමුත් එවැනි ගෞරවනීය හැසිරීමක් දක්නට ලැබුනේ නැත. ඔහු පතන්නේ කරපු විනාශයට තවත් එකතු කරන්නටයි. හනුමා ගිනි තැබූ තත්වයට තමන් පලාගිය දේශය පත් වනු දැකීම ඔහුගේ නරුම ප්‍රාර්ථනාව විය යුතුයි.

 

මෙවන් අධමයෙකු පලවා හැරීම වැනි යුග මෙහෙවරක් කල අප ජනතාව මේ නරුම ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීමේ කාර්යයට දායක විය යුතු නැහැ. දැන් කල යුත්තේ තවත් ගිනි ඇවිලීම නොව, ඇවිලුණු ගිනි නිවා, විනාශ වුනු රට ගොඩ නැගීමේ කාර්යයට උර දීමයි. තව දුරටත් වීදි සටන් වල යෙදීමෙන් සිදු වන්නේ පලා ගිය හනුමාගේ ගිනි ගත් වලිගය බවට අප පත්වීමයි.

 

ජනාධිපතිගේ නොහැකියාව නැවත පෙන්වයි - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

(රොහාන් සමරජීව ගේ ෆේස්බුක් පිටුවෙන් )



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...