The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කිසි හාදුවක් කැත නෑ - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 15, 2022 • 4:23 PM

කිසි හාදුවක් කැත නෑ - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැත අරගලයක් මැද ලස්සන හාදුවක් කියල මට ඒක දැක්කම හිතුන.
  • අරගලය මුල ඉඳන්ම මට තිබුනෙ ඒක ඇතුලෙ සංස්කෘතික අරගලයක්.
  • සියලු දේශපාලන පුටු මාරු කිරීම්වලට වඩා ඒක ඇතුලෙ සිද්ද වුනු pride සැනකෙලිය වගේ දේවල් මට විශාල වෙන්නෙ ඒ නිසා.
  • අරගලය මුලදී ඉතාම බලාපොරොත්තු සහගත වුනු මේ සංස්කෘතික පෙරලිය පස්සෙ ජවිපෙ/පෙරටු ග්‍රාම්‍යත්වය ඇතුලෙ ආපහු රාජපක්ෂවාදය දක්වාම කිඳී සිඳී ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):



කැත අරගලයක් මැද ලස්සන හාදුවක් කියල මට ඒක දැක්කම හිතුන. ඒ වෙද්දිත් අරගලය දේශපාලනිකව ඉතාම ජරාජීර්ණ තැනක් වෙලා තිබුනෙ. ඒත් මේ හාදුව ඒ ගොහොරුවට නැවත ආදරය අවුන්සයක් එකතු කළා.

අරගලය මුල ඉඳන්ම මට තිබුනෙ ඒක ඇතුලෙ සංස්කෘතික අරගලයක්. සියලු දේශපාලන පුටු මාරු කිරීම්වලට වඩා ඒක ඇතුලෙ සිද්ද වුනු pride සැනකෙලිය වගේ දේවල් මට විශාල වෙන්නෙ ඒ නිසා. හැමදාම රාජපක්ෂ ක්‍රමය කියල මම ගැටුනෙ ඒ විසින් පනවපු රැකපු පසුගාමී සංස්කෘතිය එක්ක.

අරගලය මුලදී ඉතාම බලාපොරොත්තු සහගත වුනු මේ සංස්කෘතික පෙරලිය පස්සෙ ජවිපෙ/පෙරටු ග්‍රාම්‍යත්වය ඇතුලෙ ආපහු රාජපක්ෂවාදය දක්වාම කිඳී සිඳී ගියා.

ඒ අතරෙ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විසින් බාධා මැද කොහොම හරි තමන්ගේ ලිංගික නිදහස වෙනුවෙන් වූ අරගලය දිගටම අරගෙන ගියා. ඒ වෙනුවෙන් මගේ හෘදයාංගම ගෞරවය ඒ අයට හිමිවෙනවා.

sdfseeee

පුස්සෙගෙ හාදුවත් මං දකින්නෙ ඒ ශෘංගාර නිදහස වෙනුවෙන් වූ ප්‍රකාශනයක් විදිහට.

රාජපක්ෂලාට විතරක් නෙමෙයි එතන පහල පේන ග්‍රාම්‍ය ජනරැල්ලට මැද ඇගිල්ල පෙන්වීමක් විදිහට.

ලෝකෙ පුරාම අපිට මේ විරෝධතා හාදු දකින්න තියෙනවා. හැම අරගලයකම වගේ මෙවන් හාදුවක ප්‍රකාශනයක් සටහන් වෙනවා.

ලංකාවෙ සිද්ද වුනු අරගලයත් ලෝකයේ අනෙක් අරගලවල සිදුවුනු මේ ඡායාරූපමය නිමේෂයන් පිළිවෙලින් සටහන් කරනවා අපිට දකින්න ලැබුන.

උදා විදිහට හමුදාවට මල් දීම, කතිර සේ දෑත් ඔසවාගෙන බංකර් ඉදිරියේ දණගැසීම ආදිය එවන් අනුකරණ.

ඒක නරක දෙයක් නෙමෙයි. අපි ලෝකයේ නූතන අරගල උරුමයන් බෙදාහදා ගැනීම හොඳ වගේම අවශ්‍ය දෙයක්. ඒක අපේ සුපුරුදු එනවා නානවා යනවා අරගල ක්‍රමයෙන් බිඳීමක්. (මේ වගේ සුන්දර අරගලවල මතකයන් වගේම තලේබාන් වර්ගයේ මතකයන්ද අරගලය ඇතුලෙ බෙදාහදා ගත්වග කණගාටුවෙන් වුනත් සටහන් කරන්න වෙනවා)

dsg

2014දි කේරලේ තිබුනා kiss of the love කියල ප්‍රොටෙස්ට් එකක්. ඒක කලේම ඒ වෙද්දි ශිවසේනා වැනි සංවිධාන මගින් දැඩිව ක්‍රියාත්මක වුනු සදාචාර පොලිසියට විරුද්ධව. මේක සිද්ද වුනේ jai tv චැනලය විසින් කැෆේ එකක කාර්පාර්ක් එකකදි සිදුවන සිප වැළඳගැනීමක් විශේෂ වාර්තාවක් විදිහට රූපවාහිනියේ ගෙනහැර පාමින් එය සදාචාරය වනසන ක්‍රියාවක් හැටියට හංවඩු ගැහීමත් එක්ක.

මේ ප්‍රවෘත්තියෙන් පස්සෙ විවිධ අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් මේ කැෆේ එකට අලාභහානි කරනවා. මේ සිද්දියත් එක්ක තමයි freethinkers කියල කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා ‘ආදරයේ හාදුව’ විරෝධතාව ගේන්නෙ.

dgfsge

මේ ෆේස්බුක් පිටුව විවිධ අය විසින් රිපෝර්ට් කරලා බෑන් කරනවා. ඒ වෙද්දිත් 50000ක විතර පිරිසක් ඒක ෆලෝ කරනවා. නැවත ආරම්භ කරන ෆේස්බුක් පිටුව 75000 ඉක්මවා යනවා. විවිධ අය තමන්ගේ පෙම්වතුන් පෙම්වතියන් සමග ගත් හාදු මේ පිටුව හරහා මුදා හරිනවා.

මේක මහපාරෙ සිප වැළඳගැනීමක් හැටියෙන් විවිධාකාර ප්‍රචාර නිකුත් කරමින් අසභ්‍ය දෙයක් හැටියට හුවා දක්වන්න දක්ෂිනාංශික කණ්ඩායම් උත්සාහ කරනවා. යම් විදිහකින් මේ අය පාරෙ සිප වැළඳගත්තොත් ප්‍රසිද්ධියෙ නිරුවත් කර පහර දෙන බවට තර්ජනය කරනවා.

විරෝධතාව දවසෙදි පොලිසියත් පහර දීම සඳහා වේවැල් අතින් ගත් දක්ෂිනාංශික අන්තවාදීනුත් පාරට එනවා. විරෝධතාව අතර පෙම්වතුන් ප්‍රසිද්ධියේ සිපවැළඳ ගන්නවා. පහර දීම් ආරම්භ වෙනවා. පොලිසිය විසින් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නවා. කොහොම වුනත් මේ ආද‍රයේ හාදුව විරෝධතාව ඉන්දියාව පුරාම පැතිරෙන්න පටන් ගන්නවා.

sdfseeeew


ඉන්දියාවෙ නීතියට අනුව අනෙකෙක් අපහසුතාවයට පත් කරන කවර හෝ අසභ්‍ය ක්‍රියාවකට මාස තුනකට නොඅඩු සිරදඩුවමක් දෙන්න පුළුවන්. අසභ්‍ය යන්න නිසි විදිහට අර්ථකතනය කරලා නෑ වගේම අනෙකෙක් අපහසුතාවයට පත්වීම කියන කාරණය කොහෙත්ම සාධාරණ වූ එකක් නෙමෙයි.

ලංකාවෙ තත්වයත් මේ වගේමයි. ප්‍රසිද්ධියේ දෙන හාද්දක් කියන්නෙ සමාජය කැළඹිය හැකි තත්වයක්.

පුස්සෙගෙ සහ මදුනිගෙ ප්‍රසිද්ධ උත්කර්ෂවත් හාදුව මට ඉතා වටින්නෙ මේ නිසයි. ඒ වගේම ඒ හාදුවේදි, ඊයා, කිස් කරන්න වෙන තැන් නැද්ද ආදියෙ පටන් නහය තැලුනා, හරියට දුන්නෙ නෑ, ඔහොමද කිස් කරන්නෙ ආදී වශයෙන් එල්ලවුනු බොහෝ විචාර පිටිපස්සෙ තියෙන ඇත්ත කාරණය මේ දරාගත නොහැකි පසුගාමී සදාචාරයයි. ප්‍රසිද්ධ හාදුවක් අතුල් පහරක් තරම් සදාචාර මනසට රිද්දවීමක්.


sefer

ලෝකෙ කිසිම හාදුවක් කැත නෑ. නහය තැලුනත්, කෙළ බේරුනත්, තොල් සපා කෑවත් ආදරණීය හාදුවක් හැමවිටෙකම සුන්දරයි. හාදුවක් කියන්නෙ පූර්ණ වශයෙන් අනෙකාව බාරගැනීමක්. එකම හුස්මක් බෙදාගැනීමක්. හාදුවකට වඩා ලෝකෙ සුන්දර දෙයක් තියෙනවා නම් ඒ රමණය විතරයි. රමණය හාදුවකට එහා ගිය දැඩි මානවීය බැඳීමක් සහ හැගීමක් ප්‍රකාශමාන කරනවා.

පුස්සෙ – මදුනි හාදුවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ ලංකාවෙත් ‘හාදු අරගලයක්’ ඉක්මනටම අවශ්‍ය වෙනවා කියන එක.

 


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

 

Pusse 2022.07.15

                                            

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...