The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අද මොකක් වෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 20, 2022 • 5:30 AM

අද මොකක් වෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගේ ආරක්ෂාව සහ නැවත දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඔවුන් රනිල් දිනවීමෙන් අපේක්ෂා කරනවා.
  • සමාජයේ රනිල් විරෝධය නිර්මාණය වෙන හැටි මං ඊයෙ 1 කමෙන්ටුවේ තියෙන ලිපියෙ ලිව්වා.
  • ඉගෙනගන්නයි, අරගලයෙන්, විමල්ලගෙන් අරෙහෙ මෙහෙ අහන්නයි, අභ්‍යන්තර එකඟතා ඇති කරගන්නයි, ඔය අස්සෙ ආණ්ඩු පිහිටුවන්නටයි අරකට මේකට සෑහෙන කාලයක් ගතවෙයි.
  • මං ඔය කාලය කියන එක ගැන කීප වතාවක් සඳහන් කළානෙ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඩලස් + සජිත් + පොහොට්ටුවෙන් කොටසක් + විමල් + උදය + වාසු + චම්පික + සුමන්තිරන්/ ශානක්‍යන් ප්‍රමුඛ TNA + ගජේන්ද්‍රන් ප්‍රමුඛ LTTE + හකීම් + බදුර්දීන් + මනෝ ගනේෂන් + කඳුරට දෙමළ ඇතැම් කොටස් + කාදිනල් + විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් + සිරස + ගොවිගම නොවන කුල + අරගලය + චීනය

රනිල් එක්ක ප්‍රධාන වශයෙන්ම සන්ධානගත වෙන්නෙ රාජපක්ෂලා. ඔවුන්ගේ ආරක්ෂාව සහ නැවත දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඔවුන් රනිල් දිනවීමෙන් අපේක්ෂා කරනවා.

පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ රටේ පොදු මතයට වඩා වෙනස් රැඩිකල් අදහසක්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. සමාජයේ රනිල් විරෝධය නිර්මාණය වෙන හැටි මං ඊයෙ 1 කමෙන්ටුවේ තියෙන ලිපියෙ ලිව්වා.

ඩලස් විරෝධයත් ඉතාම පටු කාරණා මත පදනම් වෙනවා. ඩලස්ගේ පෙනුම, පෞරුෂය, දෙමළ ජාතික සන්ධානයට දුන් පොරොන්දු ආදිය ගැන යන මඩ ප්‍රචාරයන් එවැනි ඒවායි.

මේ වන විට මන්ත්‍රීලා සියල්ල ඡන්දය දීමට තීරණය කරලා ඉවරයි. රහස් ඡන්දයක් නිසා හැමෝම කියල තියෙන විදියට වැඩ නොකරන්නටත් ඉඩ තියෙනවා.

 

ලාංකීය සමාජයේ සාමාන්‍ය ස්වභාවය අනුව වඩාත්ම ගැලපෙන ජනාධිපති නම් ඩලස්. මේ රටට ධනේශ්වර විදියට වෙනස් වෙන්න අවශ්‍ය නම් තෝරාගත යුත්තෙ රනිල්. වෙනස වේදනාකාරීයි. ඒක නොකර සිටීම ඊටත් වඩා වේදනාකාරී වෙන්න පුළුවන්.

 

රනිල් ආවොත්, දැනට කරගෙන යන කාර්යයන් අඛණ්ඩව කරගෙන යන්නට පුළුවන්. ඩලස් ආවත් ඒවා කරගෙන යන්නට පුළුවන්. ඉගෙනගන්නයි, අරගලයෙන්, විමල්ලගෙන් අරෙහෙ මෙහෙ අහන්නයි, අභ්‍යන්තර එකඟතා ඇති කරගන්නයි, ඔය අස්සෙ ආණ්ඩු පිහිටුවන්නටයි අරකට මේකට සෑහෙන කාලයක් ගතවෙයි.

ඉන්දියාව සහ චීනය අතර දැනට ආණ්ඩුව නිර්මාණය කරගෙන තියෙන සමබරතාවත් රනිල් ආවොත් එහෙමම යයි. ඩලස්ට ඒක අලුතෙන් නිර්මාණය කරගන්නට බැරිවෙන එකක් නැහැ. කල් යයි.

මං ඔය කාලය කියන එක ගැන කීප වතාවක් සඳහන් කළානෙ. කාලය ඇත්තටම වැදගත්. ඒ නිසා ඩලස් බලයට ආවොත් අඩු කාලයක් තුළ ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න වෙනවා. රනිල්ගේ ක්‍රමය වන හදිසි නීතිය වගේ දේවල් පාවිච්චි කරන්නට බැරිවෙන නිසාත්, ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට සිදුවන නිසාත්, සාමාන්‍යයෙන් සිදුවෙනවා වගේ අධි මාත්‍රාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙවන්නට සිදුවන මිල ගෙවන්නට වෙයි. රනිල් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු බරක් තියල නැහැ.

ඩලස් දිනුවොත්, ඊළඟ අවස්ථාව හැදෙන්නෙ සිංහල-බෞද්ධ-ගොවිගමවාදී දේශපාලනයකට වෙන්න පුළුවන්. ඩලස්ලා අසාර්ථක වුණොත්, ඒ රැල්ල සෙසු සියලු රැලි යටකරගෙන යන තරම් ප්‍රබල වෙන්න පුළුවන්.

රනිල් දිනුවොත්, රනිල්ගේ ලිබරල් යොමුවීම් නිසා සිංහල බෞද්ධ ජාතිවාදයේ ක්ලේම් එක ඩලස් – විමල් – ගම්මන්පිල වැනි බලවේග එක්ක දිගටම පවතින්න පුළුවන්.

කොහොම වුණත්, මොන තත්වය යටතේ වුණත් රාජපක්ෂලා ඇතුව හෝ නැතුව පොහොට්ටුව (ඩලස්ලා නෙමෙයි) නැවත නැගීසිටින එකත්, 2024දී වැඩි බලයක් ඔවුන්ට ගොඩනැගෙන්නට ඉඩතියෙන එකත් වළක්වන්න අමාරුයි.

මට බැනලා වැඩක් නැහැ. මේක වෙනස්කරන්නට තිබුණු අවස්ථාව අනුරට මිස්වුණා. අනුරට එහෙම වෙන්නෙ ඔහුගේ පක්ෂයේ බර නිසා. අනුර වගේම කැච් එක මිස්වෙන අනෙක් එක්කෙනා තමයි චම්පික. මේගොල්ලන් මං දකින්නෙ උපාය නොදන්නා නිසා අපායෙ වැටෙන කට්ටිය විදියට.

මේ ලිපියෙ අද මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.



මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...