The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩලස්ට විතරක් නෙවෙයි, ලංකාවෙ සෑහෙන පිරිසක⁣ට තියෙන අවුලක් !

T

The Leader Desk

July 20, 2022 • 3:16 PM

ඩලස්ට විතරක් නෙවෙයි, ලංකාවෙ සෑහෙන පිරිසක⁣ට තියෙන අවුලක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිහෙක් ඉපදෙන්නෙ දුප්පත් පවුලක ද පොහොසත් පවුලක ද, තාත්ත හිඟන්නෙක් ද කියන එක අදාළ නෑ.
  • මොකද එහෙම නැති මිනිහෙක් ජනාධිපති වු⁣ණොත් ඊට පස්සෙ ඒ මිනිහ ට්‍රයිකරන්නෙ ජනාධිපතිකමේ බලය පාවිච්චි කරල මිලියනයර් කෙනෙක් වෙන්න.
  • පරණ සිංහල චිත්‍රපටිවල ඉඳන් ආර්ට්වල ඉඳන් අධ්‍යාපනය දක්වා හැමතැන ම ප්‍රමෝට් කරන ප්‍රභූවිරෝධයක් ඕකට හේතුවෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



මිනිහෙක් ඉපදෙන්නෙ දුප්පත් පවුලක ද පොහොසත් පවුලක ද, තාත්ත හිඟන්නෙක් ද කියන එක අදාළ නෑ. ඒ මිනිහගෙ මෙරිට් එක අනුව ඒ මිනිහට ජනාධිපති නෙවෙයි ඕන ම තත්ත්වෙකට පත්වෙන්න පුළුවන් වෙන්න ඕන.

හැබැයි අවුරුදු විසිතිස් ගාණක් දේශපාලනේ කරපු, ඊට කලින් සුනිල් මාධවලා, විමලසිරි ගම්ලත්ලා එක්ක ප්‍රේමදාසට විරුද්ධ ව පත්තර ගහපු අවුරුදු පනහක හැටක මිනිහෙක් රටේ ජනාධිපති හැටියට පත්වෙලා කරන්න නියමිත ව තිබුණ කතාවෙ තමන් ව ඩිෆයින් කරගන්නෙ "බුලත්විට කාපු විදුහල්පතිවරකුගෙ පුතෙක්" විදියට නම් එතන ප්‍රශ්නයක් තියෙනව.

ඕක ඩලස්ට විතරක් නෙවෙයි, ලංකාවෙ සෑහෙන පිරිසක⁣ට තියෙන අවුලක්.

දේශපාලනේ දි බලා⁣පොරොත්තු තියාගන්න පුළුවන් අන්තිම මිනිහ විදියට මම රනිල් ව සලකන එක හේතුවක් ඕක. රනිල් තමයි⁣ ගොඩක් දුරට උපතින් ප්‍රභූ පවුලකින් එන ලංකාවෙ අන්තිම දේශපාලන නායකයා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන බලය ඔය පවුල් දෙකතුන අතර ම මාරුවෙන්න ඕන කියල එකක් නෑනෙ.

 

ප්‍රශ්නෙ තියෙන්නෙ මොන විදියෙ පසුබිමකින් ආවත් ඔළුවෙන් නිර්ප්‍රභූත්වයෙන් ගැලවෙන්න පුළුවන් වුණු ක්ලාස් එකක් තියෙන මිනිස්සු එකෙක්වත් ⁣දැනට ඉහළ මට්ටමේ දේශපාලනේ නැති එක.
 


කැමති වුණත් අකැමති වුණත් රාජ්‍ය නායකයෙක් කියන්නෙ ප්‍රභූවරයෙක්. ලෝකෙ මොන රටකට ගියත්, කොච්චර දුප්පත් රටක රාජ්‍ය නායකයෙකුට වුණත් සලකන්නෙ ප්‍රභූවරයෙක් විදියට. හිඟන්නෙක්ගෙ ළමයෙක් විදියට ඉපදුණු මිනිහෙක් රාජ්‍ය නායකයා වෙන එක ප්‍රශ්නයක් නැති වුණත් තාමත් හිඟන්නෙක් විදියට හිතන මිනිහෙකුට රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ.

xdrtyy
ඇමරිකාවේ වාමාංශික රැඩිකල් අපෙක්ෂකයෙක් හැටියට සැලකෙන බර්නි සැන්ඩර්ස් කියන්නෙත් මිලියනයර් කෙනෙක්


ව්‍යවස්ථාවෙ කොහෙවත් ලියල නැති වුණාට අඩු තරමේ මිලියනයර් කෙනෙක්වත් නෙවෙයි නම් ඒ මිනිහට ඇමරිකාවෙ ජනාධිපති වෙන්න බෑ. එහෙ හෙන ම වාමාංශික රැඩිකල් අපෙක්ෂකයෙක් හැටියට සැලකෙන බර්නි සැන්ඩර්ස් කියන්නෙත් මිලියනයර් කෙනෙක්.
 
 මොකද එහෙම නැති මිනිහෙක් ජනාධිපති වු⁣ණොත් ඊට පස්සෙ ඒ මිනිහ ට්‍රයිකරන්නෙ ජනාධිපතිකමේ බලය පාවිච්චි කරල මිලියනයර් කෙනෙක් වෙන්න. රාජපක්ෂලට වුණේ එහෙම දෙයක් නෙ.

පවුල්වාදය කියන්නෙ රාජපක්ෂලා ගෙනාපු එකක් නෙවෙයි. පවුල් ගහ තිබුණෙ සිරිමගෙ කාලෙ. යූඑන්පියත් වැඩි කාලයක් තිබු⁣ණෙ සේනානායක ජයවර්ධන වික්‍රමසිංහ පවුල් අතේ.

රාජපක්ෂ පවුලෙ ප්‍රශ්නෙ උන් රාජ්‍ය නායකත්වය පාවිච්චි කළේ සල්ලි හොයන්න. රාජ්‍ය නායකයකුට ලැබෙන ⁣දේශපාලන බලයට වඩා සල්ලි ලොකුයි කියල හිතන, දේශපාලන බලය තහවුරු කරගන්නව⁣ට වඩා තමන්ගෙ පවුලෙ උන්ගෙ එකවුන්ට් පුරවන එක වැදගත් කියල හිතන මිනිහෙක් රාජ්‍ය නායකත්වයට පත්වෙනව කියන්නෙ ලංකාව වගේ අන්ත දූෂිත රටක නෙවෙයි, ඇමරිකාව වගේ චෙක් ඇන්ඩ් බැලන්ස් සෑහෙන තදට තියෙන සිස්ටම් එකකට වුණත් හැන්ඩ්ල් කරගන්න අමාරු තත්ත්වයක්.


ඕක එන්නෙ තමන්ගෙන්, තමන්ගෙ පවුලෙන් එහාට රටක් වගේ ලොකු සංකල්පයක් දාන්න තරම් ඔළුව පුංචි වැඩි, තාම නිර්ප්‍රභූත්වයෙන් ගැලවෙන්න බැරිවුණ මිනිස්සුන්ට. දේශපාලනේ විතරක් නෙවෙයි; ඕන ම තැනක බලය තියෙන පොසිෂන් එකකට පත්වෙන "පනස් හයේ දරුවන්ට" ඔය අවුල තියෙනව.


පරණ සිංහල චිත්‍රපටිවල ඉඳන් ආර්ට්වල ඉඳන් අධ්‍යාපනය දක්වා හැමතැන ම ප්‍රමෝට් කරන ප්‍රභූවිරෝධයක් ඕකට හේතුවෙන්න ඇති. ලෙනින්ගෙ ඉඳන් ලංකාවෙ පරණ වමේ එන්එම්ලා කොල්වින්ලා දක්වා ඔක්කොම ප්‍රභූ නායකයො. 
 
පාර්ලිමේන්තු මන්මන්ත්‍රීවරුන්ට හොඳ පඩියක්, වාහන වගේ වරප්‍රසාද දෙන්නත් එක හේතුවක් තමයි මොන පසුබිමකින් ආවත් රටේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් විදියට වැඩකරන මිනිහෙකුට රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදියට හිතන්න අවශ්‍ය ප්‍රභූ මානසිකත්වය හදල දෙන එක.


 ලංකාවෙ ඒ බලාපොරොත්තු වෙන දේ සිද්ධවෙලා නෑ විතරක් නෙවෙයි, ජේවීපිය එහෙම ඒ වරප්‍රසාද ⁣කෙලින් ම භුක්ත්විඳින්න ලැජ්ජාවට ඒව පක්⁣⁣⁣ෂෙ එකවුන්ට් එක හරහා ගන්නව මදිවට කෙහෙල්කොළවල බත් කන ෆොටෝ එහෙම දාලා තාම තමන්ගෙග නිර්ප්‍රභූ කන්‍යාභාවයට හානියක්⁣ වෙලා නෑ කියල ආඩම්බරෙන් පෙන්නන තත්ත්වෙට ඇවිත්. 
 
  
දේශපාලන අදහස මොකක් වුණත් ගොඩදෙනෙක්ට රනිල් ලෝකෙ ඉන්න අකැමති ම අප්‍රසන්න ම නායකයා වීම පිටිපස්සෙත් ඔය "පංති වෛරය" තියෙනව මම හිතන්නෙ.


අර කීව වගේ දැන් රනිල්ලා අයිති වුණු සාම්ප්‍රදායික ප්‍රභූ පංතියෙ දේශපාලනය රනිල්ගෙන් පස්සෙ ගොඩක් දුරට ඉවරයි නෙ. හැබැයි මොන දේශපාලන මතයක කඳවුරක හිටියත්, මේ රටේ දේශපාලන අනාගතය ගැන හිතන කවුරු හරි ඉන්නව නම් දැන් ට්‍රයි කරන්න ඕන උපතින් මොකෙක් වුණත් දැන් ⁣වෙද්දි ක්ලාස් එකක් තියෙන මිනිස්සුන්ව වැඩිවැඩියෙන් දේශපාලන නායකත්වයට ගේන එක කියලයි මම හිතන්නෙ.

නැත්තං ඉතිං හැමදාම හදවතින් හිඟන්නන්ට රට බාරදීලා උන් තියෙන ටික හූරගෙන ගෙවල්වලට අරං ගියාට පස්සෙ උන්ව අල්ලන්න ලෝකෙ වටේ දුවදුවා තමයි හැමදාම ඉන්න වෙන්නෙ.


Chandana(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk

nidahasa@gmail.com

(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...