The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'රනිල් සාර්ථක වුණොත්, ඊළඟට වඩාත් සුදුසු අනුර' - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 26, 2022 • 6:54 AM

 'රනිල් සාර්ථක වුණොත්, ඊළඟට වඩාත් සුදුසු අනුර' - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ ප්‍රශ්නය අහනවා ඇත්තෙ මං සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහව ප්‍රවර්ධනය කළාය කියා ඔහු හිතන නිසා වෙන්න ඇති.
  • ලංකාවේ ධනේශ්වර සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදිම දැක්මක් තියෙන මධ්‍ය වාමාංශික නායකයා ලෙස මට පෙනෙන්නෙ අනුර කුමාර දිසානායක.
  • සමාජ මාධ්‍යවල දේශපාලන බලවේග අතර තියෙන ගැටුමෙදි නම් ඒකෙන් යම් බලපෑමක් වෙන්න ඇති.
  • ටිල්වින් සිල්වා එක්ක එකට හිරෙත් ඉඳලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

Screenshot 2022 07 26 at 11.59.38 AM

ඔහු මේ ප්‍රශ්නය අහනවා ඇත්තෙ මං සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහව ප්‍රවර්ධනය කළාය කියා ඔහු හිතන නිසා වෙන්න ඇති.

මං එහෙම කළා තමයි. මං ඒක කළේ ලංකාවේ ධනේශ්වර සංවර්ධනය හා රාජපක්ෂ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මගේ අදහස් සමග රනිල්ගේ නායකත්වය පෑහුණු නිසා.


ලංකාවේ ධනේශ්වර සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදිම දැක්මක් තියෙන මධ්‍ය වාමාංශික නායකයා ලෙස මට පෙනෙන්නෙ අනුර කුමාර දිසානායක. රනිල්ගේ නායකත්වයෙන් දියත් වන උපායමාර්ගය සාර්ථක වුණොත්, ඊළඟ නායකත්වයට වඩාත් සුදුසු අනුර කුමාර දිසානායක.



ඒ වුණාට, සමාජ මාධ්‍යවල රනිල් ප්‍රවර්ධනය කිරීම මේ අවස්ථාවෙදි රනිල්ට ප්‍රයෝජනවත් වුණා නම්, ඒ අවම මට්ටමකින්. ඒකට හේතුව රනිල් ජනාධිපති වුණේ පාර්ලිමේන්තු ඡන්දෙකින් වීම.

සමාජ මාධ්‍යවල දේශපාලන බලවේග අතර තියෙන ගැටුමෙදි නම් ඒකෙන් යම් බලපෑමක් වෙන්න ඇති. ඒවා ඉතින් මානසික යුද්ධ විදියට තමයි සලකන්න ඕනැ. එහෙම රිදවා නොගෙන වැඩකරන හැටි අපි ඉගෙනගත යුතු වෙනවා.

මං හිතන්නෙ රනිල් වික්‍රමසිංහ දැන් පවා මාව දන්නෙ නැහැ. මට ඒක අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍යය කියා හිතන එක පටු ආකල්පයක්. එහෙම වුණොත් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව වගේ ලොකු ජනගහනයක් සහිත රටක නායකයකු ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරිකයන්ට මේ වගේ කින්ඩි දාන අයට මොකක්ද වෙන්නෙ?

මං අවුරුදු තුනක් විතර ජවිපෙ ලංකා පත්තරේට නොමිළේ ලිව්වා. ඒ වුණාට ඒ පත්තරේ භාරව හිටපු විජිත හේරත් පවා කොහේදි හරි තැනකදි මාව දැක්කොත් හඳුනන්නෙ නැහැ. අනුර කුමාර නම් මාව දන්නෙම නැහැ. ටිල්වින් සිල්වා එක්ක එකට හිරෙත් ඉඳලා තියෙනවා. මං හිතන්නෙ නැහැ එයාට මතකවත් ඇතිය කියලා. ඒ අයට මාව වැදගත් නැහැ. ඒගොල්ලන් දහස් ගණන් මිනිසුන් හමුවන නායකයො. මං වගේ කලාතුරකින් දකින කෙනෙකුව මතක තියාගන්න බැරිවෙන එක සාමාන්‍ය තත්වයක්.


මට ජවිපෙට වැඩ කරන්නට හිතුණොත් ඒක වැදගත් නැහැ. මං වැඩ කරන්නෙ පුරවැසියෙකු විදියට. මං වගේ දේශපාලන ක්‍රියාකාරිකයන් ලොව පුරාම ඕනැ තරම් ඉන්නවා. ඒ අය සම්බන්ධකම් හොයන්නෙ නැහැ. තමන්ගෙ අරමුණ වෙනුවෙන් වැඩකරනවා. නායකයා ඒ අයව දැනගන්නට අවශ්‍ය නැහැ.


ජවිපෙ නායකයා සමග ඡායාරූප පළකරන රැල්ලක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල දකින්නට ලැබුණා. එහෙම ඡායාරූප පළකරන්නට හැකියාව තිබුණෙ සීමිත පිරිසකට පමණක් බවත් දකින්නට ලැබුණා.

 මං හිතන්නෙ අපි ජවිපෙ/ ජාජබ කියමින් ඒ වෙනුවෙන් පෙනීසිටින බොහෝ අය දාන්න ඡායාරූපයක් නැතුව අසරණ වුණා.

 විකල්ප දේශපාලනය කියන්නෙ මෙවැනි කාරණා සම්බන්ධයෙන් පවා විකල්ප අදහස් සහිත ව්‍යාපාරයක් බව අවබෝධ කරගන්න.

AJITH PARAKUM

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

praja.lk



 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...