The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

T

The Leader Desk

July 30, 2022 • 4:44 PM

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ.
  • ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව චීනයට විවිධාකාරයෙන් ඩොලර් බිලියන 6.5ක් පමණ ණයය.
  • එය ඩොලර් බිලියන 51ක් පමණ වේ යයි ඇතැම් පාර්ශ්ව විසින් ගණන් බලා තිබෙන ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරෙන් 10%කට වැඩිය.
  • මෙම සන්දර්භය තුළ, චීනයේ ණය බෙහෙවින් කුඩා බව ද ඔවුහු පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව චීනයට විවිධාකාරයෙන් ඩොලර් බිලියන 6.5ක් පමණ ණයය. එය ඩොලර් බිලියන 51ක් පමණ වේ යයි ඇතැම් පාර්ශ්ව විසින් ගණන් බලා තිබෙන ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරෙන් 10%කට වැඩිය.

එහෙත්, මේ සම්බන්ධ පර්යේෂණයක යෙදුණු උමේෂ් මොරමුදලි සහ තිලිණ පඬුවාවල ප්‍රකාශ කරන පරිදි “චීනය රජයට ලබාදී තිබෙන වාණිජ ණය සහ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය (SOEs) වෙත ලබා දී තිබෙන ණය සලකා බලන විට, රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය (PPG) යන පුළුල් අර්ථ දැක්වීම අනුව, 2021 අවසානය වන විට චීන ණය පංගුව 19.9% දක්වා ඉහළ යයි. එම ණය තොගයේ ණය සේවා සමස්ත රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය ණය සේවාවෙන් 20% කි.”

කෙසේ වෙතත්, 2021 වසර අවසන් වන විට, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 36.5%ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වන අතර එම වසරේම මුළු විදේශ ණය ආපසු ගෙවීම්වලින් 47%ක්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් වූ බවයි. මෙම සන්දර්භය තුළ, චීනයේ ණය බෙහෙවින් කුඩා බව ද ඔවුහු පෙන්වා දෙති.

සමස්ත ණය සම්බන්ධයෙන් ද ඔවුන් කරන ලබන ගණනය කිරීම් වෙනස්ය: “මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) වෙතින් තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම්ව කරන ලද ඉල්ලීම් හරහා ලබාගත් දත්ත මත විශ්වාසය තබන්නෙමු. රාජ්‍ය ව්‍යවසාය විසින් සෘජුවම ලබාගන්නා ලද කුඩා විදේශ ණය කිහිපයක් හැර, රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද ණය සේවාවල අති බහුතරය හසුරුවනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසිනි. එහි දත්ත මගින් පෙන්නුම් කරන්නේ ඩොලර් බිලියන 35.8 ක රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද බාහිර ණය හිඟයක් 2021 අවසානය වන විට තිබෙන බවය.”

චීනය මෑත ඉතිහාසයේදී 1950 දශකයේ රබර් සහල් ගිවිසුම සමයේ පටන්ම ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික හවුල්කරුවෙකි. මෑත ඉතිහාසයේදී චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අතිවිශාල වශයෙන් ණය සැපයුවාය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ අවම වීම හේතුවෙන් චීන ණය උගුලක් පිළිබඳ ශ්‍රී ලංකාවේ කතිකාවක් නිර්මාණය විය. එහෙත්, යථාර්ථය එසේ නොවන බව අධ්‍යයන මගින් පෙනේ. 2018 වසරේදී සහ වසංගතය අතරතුර චීනය සෘජුවම අයවැය මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවට ණය සැපයුවාය.

චීනය ද ශ්‍රී ලංකාවේ සෙසු ද්විපාර්ශ්වීය ණය සම්පාදකයන් පරිද්දෙන් ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමකට එකඟ වේද යන්න වැදගත් කාරණයක් බව එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආධාර සම්පාදන ආයතනයක් වන USAID ප්‍රධානියකු වන සමන්තා පවර් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී පැවසුවාය.

xffgසමන්තා පවර් ඉන්දියාවේ සංචාරයක


කෙසේ වෙතත්, චීනය මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාවට සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැත. චීනය ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ප්‍රතිපත්ති දෙස ඉතා පරීක්ෂාවෙන් බලාසිටින බව චීනය පිළිබඳ අධ්‍යයනය කරන අන්තාරා ගෝසාල් සිං විසින් පළකර තිබෙන මෙම ලිපියෙන් පැහැදිලි වේ.

චීනය ශ්‍රී ලංකාවේ ණය ආපසු නොගෙවීමේ ප්‍රතිපත්තියට සහ බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට විරුද්ධය. එසේම, බටහිර රටවල උවමනාව පරිදි සිදුකරන්නට යන ණය කප්පාදුවකට ද විරුද්ධය.

චීනයේ මෙම විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක කරගැනීමට ද බාධා පැමිණ තිබේ. ශ්‍රී ලංකාව චීන ණයවලට ද තමන්ගේ ණයවලට පරිද්දෙන්ම සලකන බව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්ට ඉතා වැදගත් වේ.

හෙයාර්කට් එකක් හෙවත් ණය කප්පාදුවක් සිදුකරන්නේ නම්, එම කප්පාදුව චීනයටත් අදාළ විය යුතුය. චීනයට එක ආකාරයකටත්, තමන්ට තවත් ආකාරයකටත් සැලකීම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්ගේ කැමැත්තට හේතු වන්නේ නැත. ඒ නිසා ඔවුන් සමග සාකච්ඡාවල තීරණයකට පැමිණීම සඳහා චීනයේ ආකල්පය ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ චීන විරෝධය මේ වන විට චීනයට හෙළිදරව් වී හමාරය. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරුමට ශ්‍රී ලංකාව ඉතා වැදගත් වුව ද, චීනය ඒ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය වන පරිදි නැටවෙන්නට සූදානම් නැති බව ශ්‍රී ලංකාවට අවබෝධ කරගැනීමට සිදුවේ. බටහිර රටවලට අවශ්‍ය පරිදි කටයුතු කරමින් චීනයෙන් නිදහසේ ණයගැනීම තවදුරටත් කළ නොහැකිය.

ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අව්‍යාජ වීමට හා යථාර්ථයට මුහුණදීමට සිදුවේ. “ඔයා මට සල්ලි දුන්නැත්තං මං අරයගෙන් සල්ලි අරන් එයා එක්ක යාළුවෙනවා” යන විදේශ ප්‍රතිපත්තිය දැන් යල්පැන ගොස් හමාරය. ඒවාට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා දැන් නැත. රුසියාවේ පූටින් එයට රැවටේ යයි සිතනවා නම් එය ශ්‍රී ලංකාවට අලුත් රැවටීමක් පමණි.


Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...