The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශගුණික විපර්යාස ඒ තරම්ම වැදගත් ද? - මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල්

T

The Leader Desk

July 31, 2022 • 5:29 PM

දේශගුණික විපර්යාස ඒ තරම්ම වැදගත් ද? -  මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකය පුරාම දේශගුණික විපර්‍යාස පිළිබඳව කතා බහ විවිධ මට්ටම් වලින් විවිධ තල ඔස්සේ ඉදිරියට එන බවක් පෙනෙන්නට ඇත.
  • දේශගුණික විපර්යාස යනු එකී සාමාන්‍ය ස්වාභාවික දේශගුණික තත්වයන් අසාමන්‍ය ලෙස වෙනස්වීම මගින් ස්වභාවික ආපදා ඇතිවීමත් ලෝක මානව පැවැත්ම තර්ජනයට ලක්වීමත් ය.
  • වේගවත් කාර්මිකකරණය තුළින් කාබන් විමෝචනය අධික වීම නිසාත් ජනගහනය අධික ලෙස ඉහලයාම තුළින් පරිභෝජනය වැඩිවී පරිසර හායනය වැඩිවීම නිසාත් මැතකාලීනව මානව ඉතිහාසයේ අන්කවරදාකවත් අත් නොදුටු ආකරයේ දේශගුණික විපර්යාස අත්දකින්නට මානවයාට සිදුව තිබේ.
  • මෑත දශක තුනක කාලය තුළ දේශගුණික විපර්‍යාස නිසා මානවයා මුහුණ දෙන ඛේදවාචකයන් නිසාම දේශපාලනික ක්ෂේත්‍රයේ දේශගුණික විපර්‍යාස අතිශය වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකය පුරාම දේශගුණික විපර්‍යාස පිළිබඳව කතා බහ විවිධ මට්ටම් වලින් විවිධ තල ඔස්සේ ඉදිරියට එන බවක් පෙනෙන්නට ඇත. සත්‍යවශයෙන්ම මෙසේ වන්නේ ඇයි ද යන්න සොයා බැලීම මේ මොහොතේ ලෝක දේශපාලනය පිළිබඳව කියවා ගැනීමට ද අතිශය වැදගත් ය.

dfdgdfg

දේශගුණය යනු යම්කිසි භූගෝලීය ප්‍රදේශයක් තුළ නිශ්චිත කාලයකදී දක්නට ලැබෙන කාලගුණික තත්ත්වයකි. දේශගුණික විපර්යාස යනු එකී සාමාන්‍ය ස්වාභාවික දේශගුණික තත්වයන් අසාමන්‍ය ලෙස වෙනස්වීම මගින් ස්වභාවික ආපදා ඇතිවීමත් ලෝක මානව පැවැත්ම තර්ජනයට ලක්වීමත් ය.
 

දේශගුණය යනු යම්කිසි භූගෝලීය ප්‍රදේශයක් තුළ නිශ්චිත කාලයකදී දක්නට ලැබෙන කාලගුණික තත්ත්වයකි. දේශගුණික විපර්යාස යනු එකී සාමාන්‍ය ස්වාභාවික දේශගුණික තත්වයන් අසාමන්‍ය ලෙස වෙනස්වීම මගින් ස්වභාවික ආපදා ඇතිවීමත් ලෝක මානව පැවැත්ම තර්ජනයට ලක්වීමත් ය. වේගවත් කාර්මිකකරණය තුළින් කාබන් විමෝචනය අධික වීම  නිසාත් ජනගහනය අධික ලෙස ඉහලයාම තුළින් පරිභෝජනය වැඩිවී පරිසර හායනය වැඩිවීම නිසාත් මැතකාලීනව  මානව ඉතිහාසයේ අන්කවරදාකවත් අත් නොදුටු ආකරයේ දේශගුණික විපර්යාස අත්දකින්නට මානවයාට සිදුව තිබේ. එය ලෝක බලතුලනයට ද අතිශය බලපෑම් සහගත වී තිබේ. මෑත දශක තුනක කාලය තුළ දේශගුණික විපර්‍යාස නිසා මානවයා මුහුණ දෙන ඛේදවාචකයන් නිසාම දේශපාලනික ක්ෂේත්‍රයේ දේශගුණික විපර්‍යාස අතිශය වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත.
 
මෙහි බරපතල බව කෙතෙක් ද යත් නුදුරේදීම ගෝලීය හදිසි තත්ත්වයකට පවා යාමේ අවධානමක් ඇති බවට විශේෂඥ මත පළවී තිබේ. මේ තත්ත්වයට පිළියමක් ලෙස පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය කරා රාජ්‍යයන් අනුගත කරවීම සහ පාරිසරික විනාශයන් අවම කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමු නිර්මාණය සඳහා රාජ්‍යයන් දිරි ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වනු දක්නට ඇත.
 
 
අනාගත ලෝක දේශපාලනය තුළ රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පවත්වාගෙන යාමේදී ද එම රාජ්‍යයන් තුළ බලතුලනය පවත්වාගෙන යාමේදී ද දේශගුණික විපර්‍යාස වැලැක්වීම සඳහා එම රාජ්‍යයන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සැලකීම අතිශය වැදගත් වනු ඇත 
 

අනාගත ලෝක දේශපාලනය තුළ රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පවත්වාගෙන යාමේදී ද එම රාජ්‍යයන් තුළ බලතුලනය පවත්වාගෙන යාමේදී ද දේශගුණික විපර්‍යාස වැලැක්වීම සඳහා එම රාජ්‍යයන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සැලකීම අතිශය වැදගත් වනු ඇත. මෙයට පෙර එම තත්ත්වය හිමිව තිබුණේ රාජ්‍යයන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහිය.
 
එමනිසා දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක දේශපාලන අවධානය පිළිබඳව සලකා බැලීමට ප්‍රථම මානව හිමිකම් පිළිබඳව ලෝක දේශපාලනය විසින් මෑතකාලීනව බරතබන ලද ආකාරය සලකා බැලීම වැදගත් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 පෙබරවාරි 10 වන දා මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය සම්මත කරගැනීමෙන් පසුව ලෝක දේශපාලනය තුළ මානව හිමිකම් සඳහා විශාල වැදගත්කමක් හිමිවිය. එක්සත් ජාතීන්ට අනුබද්ධ රාජ්‍යයන් හි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන් විසින් විශේෂයෙන් අවධානය යොමුකරන ලද අතර තුන්වන ලෝකයේ රටවලට සංවර්ධිත රටවල් විසින් ලබාදෙන ණය සහ ආධාර සඳහා මූලික කොන්දේසියක් ලෙස ද ඒ ඒ රාජ්‍යයන්හි මානව හිමිකම් තත්ත්වයන් ප්‍රශස්ථ මට්ටමක තිබීම සලකන ලදී.
 
sdsf
 
එමෙන්ම ලොව බලගතු රාජ්‍යයන් රාජ්‍ය තාන්ත්‍රිකව සිය බලය පවත්වා ගැනීම සඳහා ද මානව හිමිකම් පිළිබඳව තත්ත්වය මෙවලමක් (tool) ලෙස යොදාගනු දැකගත හැකිවිය.  සාමාන්‍යයෙන් අන්තර්ජාතිකව රාජ්‍යයන් අනෙක් රාජ්‍යයන් මත බලය පැතිරවීම දෙයාකාරයකට සිදුවේ.
1. දෘඩ බලය
2. මෘදු බලය
දෘඩ බලය යනු යුධමය වශයෙන් හමුදාමය මැදිහත්වීම මත කරන බලහත්කාරී එකකි. මෘදු බලය යනු රටක ජාතික රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා යම් යම් සහයෝගීතාවයන් ලබාදෙමින් එම සහයෝගීතාවයන් ගොඩනැගීම සඳහා පූර්ව කොන්දේසි භාවිතා කරමින් රාජ්‍ය තාන්ත්‍රිකව බලය හැසිරවීමයි.  ඒ අනුව ලොව බලගතු රාජ්‍යයන් විසින් අනෙකුත් රාජ්‍යයන් කෙරෙහි සිය මෘදු බලය යෙදවීමේ දී ප්‍රධානම අවියක් බවට මානව හිමිකම් පත්කරගැනීම 1948 න් පසුව දිගින් දිගටම නිරීක්ෂණය විය.
 
මේ නිසාම යම් යම් රාජ්‍යයන්හි අත්තනෝමතික පාලනයන්ට සිය ජාතික රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාතික උදව් අවශ්‍ය වීම නිසා වැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගැනීමට සිදුවනු අපට දැකගත හැකිවිය. අනෙක් අතට ලොව බොහෝ මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ අනාවරණය කරගැනීමටත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමටත් මානව හිමිකම් පිළිබඳව මෙම අන්තර්ජාතිකව මතුවූ උනන්දුව නිසා හැකිවිය.
 
එහෙත් අනෙක් අතට බලගතු රාජ්‍යයන් විසින් සිදුකරන්  ලද මානව හිමිකම් කඩවීම් සම්බන්ධව අන්තර් ජාතික ආයතන විසින් ගනුලැබූ ක්‍රියාමාර්ග එකී බලගතු රාජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන් මත මෘදු බලය යෙදවීමේ දී භාවිතා කරන ලද ක්‍රියාමාර්ග හා සසඳන කල ඉතා නොගිනිය හැකි තරම් බලපෑමක් සහිත බවට විවේචනයන් ද පවතී.
 

කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳව අන්තර්ජාතික අවධානය පරයා දේශගුණික විපර්යාස පිළිබඳව අන්තර්ජාතික අවධානය වර්ධනය වන බවක් මෑතකාලීනව නිරීක්ෂණය වේ. ඒ අනුව අනාගතයේදී බලගතු රාජ්‍යයන් විසින් සිය බලතුළනය පවත්වාගැනීමේ දී දේශගුණික විපර්යාස පිළිබඳව අනෙකුත් රාජ්‍යයන් දක්වන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මේ පිළිබඳව වැදගත්ම ලෝක දේශපාලන ඉඟිය ලැබුණේ පසුගිය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුවය. ලොව බලවත්ම ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා විසින් දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන්  ප්‍රධාන රාජ්‍ය බලධාරියා බවට ප්‍රබල ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරිකයකු සහ රාජ්‍ය ලේකම්වරයකු ද වන ජෝන් කෙරී ව පත්කරන ලදී. 

 

FCGHF

 
ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් සිදුකරන කාබන් විමෝචනය අඩුකරන අතරම ලොව අනෙකුත් නැගී එන රාජ්‍ය කාබන් විමෝචනය අවම මට්ටමක පවත්වාගනිමින් ප්‍රශස්ත ලෙසත් තිරසාර ලෙසත් සංවර්ධනය ළඟා කරගත යුතු බවත් එය මානව පැවැත්මට අත්‍යවශ්‍ය බවත් වර්තාමනය වන විට ජනප්‍රිය දහරාවේ ලෝක මතයක් බවට පත්වෙමින් ඇත. ඒ අනුව  ජෝන් කෙරීගේ අනාගත අන්තර්ජාතික මැදිහත්වීම් දේශගුණික විපර්‍යාස සඳහා රාජ්‍යයන් දක්වන දායකත්වය මත පදනම් වනුඇත.
 
මෙතෙක් මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ලොව සංවර්ධිත රාජ්‍යයන් විසින් සංඅවර්ධ්නය වන රටවල සිදුකරන ලද ව්‍යාපෘති දේශගුණික විපර්‍යාස වලක්වා ගැනීමත් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් සඳහා වෙන් වනු ඇත. දැනට UNDP, USAID වැනි ආයතන විසින් ශ්‍රීලංකාව තුළ සිදුකරන ව්‍යාපෘති ද විවිධ රටවල තානාපතිකාර්‍යාල සහ ඊට අනුබද්ධ ආයතන විසින් සිවිල් සමාජ සංවිධාන සඳහා මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධ්නය සඳහා  ලබා දෙන ආධාර ද ඉදිරියේ දී දේශගුණික විපර්යාස වලක්වාගැනීම සඳහා ලබාදෙනු ලබන ආධාර වෙත විතැන් වනු ඇත.

එකී ලෝක දේශපාලන සන්දර්භය තුළ ජාතික රාජ්‍යයක පැවැත්ම උදෙසා දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කිරීමට විධායකය වෙත සුවිශේෂී වගකීමක් පැවරෙනු ඇත. අන්තර්ජාතික ආධාර දිනාගැනීම සඳහා ද ලෝක දේශපාලන අවධානය පවත්වා ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක කරා ලංකාව මෙහෙයවීමට ද දේශගුණික විපර්‍යාස වැලැක්වීම සඳහා ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීම අතිශය වැදගත් වේ. එමනිසා ප්‍රමාද වී හෝ ශ්‍රීලංකාව ඒ පිළිබඳව අවධානය යොමුකර තිබීම පැසසිය යුතු සතුටට කරුණකි.

HW sYRIL
 
 
-මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල්

 

 


 
සබැඳි පුවත
 
 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශගුණික විපර්යාස ඒ තරම්ම වැදගත් ද? - මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල් | The Leader