The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය සේවයේ පඩි තකා - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 13, 2022 • 2:58 PM

රාජ්‍ය සේවයේ පඩි තකා - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයා මට අවවාද ගොඩක් දුන්නා.
  • එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා.
  • මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ.
  • කලාතුරකින් ගැටලුවක් ඇතිවුණොත් එක ඊමේල් එකෙන් ඒක විසඳාගන්නට පුළුවන් වුණා. හැම දේකටම සිස්ටම්ස් තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):



එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා.

මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ.

ඉංග්‍රිමන්ට් ෆෝම් එක දුන්නත්, ඒකට අදාළ වැටුප හදාගන්න හෝ මං කාර්යාලයට ගියේ නැහැ.

මාරු මණ්ඩලවලට සහභාගී වෙන්න කලාප කාර්යාලයේ ඉඳිද්දි පවා මං ඒක කළේ නැහැ.

හැමදාමත් මගේ වැටුප් හැදුණෙ වැටුප් පරිවර්තන කරද්දි. විශ්‍රාම ගනිද්දි වුණත් මට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි විශ්‍රාම වැටුප නොවෙන්න පුළුවන්.

සේවා ගිවිසුමක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකළ අවුරුදු කීපය තුළ මං දැක්ක දේ තමයි, අපට ලැබෙන වැටුප හා වෙනත් දීමනා ආදිය ගැන අපි දැනගෙන හිටියා සහ කිසිම ගැටලුවකින් තොරව ඒවා ලැබුණා. කලාතුරකින් ගැටලුවක් ඇතිවුණොත් එක ඊමේල් එකෙන් ඒක විසඳාගන්නට පුළුවන් වුණා. 

 
හැම දේකටම සිස්ටම්ස් තිබුණා. උදාහරණයක් විදියට අපි කොහේ හරි ගමනක් යනවා නම් ප්‍රවාහනය, ආරක්ෂාව, රක්ෂණය, ගිනුම් ආදී ඔක්කොම සම්බන්ධ වෙන TRIPS කියලා සිස්ටම් එකක රෙජිස්ටර් වෙන්න ඕනැ. ඒවාත් එක්ක බැලුවාම රජයේ සේවය තියෙන්නෙ යුග ගානක් පසුපසින්. හැබැයි, යුග ගානක් ඉදිරියට පිම්මක් පනින්නට පුළුවන් ශ්‍රම සම්පතක් රජයේ සේවයේ තිබෙනවා. නිර්මාණශීලීත්වයත් නැතුව නෙමෙයි. නැත්තෙ නායකත්වයක්.


ගුරු පඩිය මදිවෙනකොට මං පටන්ගත්ත සයිඩ් බිස්නස් එක තමයි අන්තර්ගතයන් නිර්මාණය හා පරිවර්තනය. ඒක අද මාත්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් වැඩකරන තව හතර පස්දෙනෙකුත් රැකියාව කරන කුඩා ව්‍යාපාරයක්.

 පසුගිය අවුරුදු කීපය තුළ මගේ දියුණුවටත්, දියණියකගේ මිලියන් තුනක් විතර වියදම් වුණ ශල්‍ය කර්මයකටත් මට උපකාර කළේ මගේ ඒ හවුල් ව්‍යාපාරය.

මගේ හවුල්කරුවා සාමාන්‍යයෙන් කිසිදු ආකාරයක අන්තර්ගත නිර්මාණයන් හෝ පරිවර්තන කරන්නෙ නැහැ. ඔහු කරන්නේ මේ ව්‍යාපාරය සම්බන්ධ පරිපාලනය, ගිනුම්කරණය, අලෙවිකරණය හා මහජන සම්බන්ධතා පවත්වාගැනීම. මේ කාරණා අපේ කුඩා ව්‍යවසායෙ 50%ක වටිනාකමක්.

ගුරු වෘත්තියෙ ඉඳිද්දි මට හමුවුණ බොහෝදෙනා විශාල කාලයක්, ශ්‍රමයක් හා සිතීමක් මිඩංගු කළා වැටුප් ගැන කතාකරන්න, වැටුප් වර්ධක හදාගන්න, ශ්‍රේණිය හදාගන්න වගේ සරල දේවලට. ස්ටාෆ් රූම්වල බොහෝවිට සාකච්ඡා කරන්නෙ මේ කාරණා.

කලාප කාර්යාලවල ඉන්න නිලධාරීන් සමහරු මේ දේ කරල දුන්නෙ හරියට තමන්ගෙ අතෙන් මිටෙන් යනවා වගේ. දුක්ගැනවිල්ලකට සවන්දෙන ඉහළ නිලධාරියෙකු හිටියෙ නැහැ. ඒ තත්වය ටිකක් වෙනස් වුණේ මෑත කාලයෙදි. දැන් තත්වය නරකම නැහැ.

 
රජයේ සේවයේ අකාර්යක්ෂමතාවට හේතු වෙන්නේ වැටුප් මදිකම විතරක් නෙමෙයි. කරන වැඩ ප්‍රමාණය අනුව රජයේ සේවකයන්ට ගෙවන වැටුප ගොඩක් මදිය කියලා මං හිතන්නෙ නැහැ. හැබැයි, ඒක ගන්නත් අමතරව කාලය හා ශ්‍රමය වැයකරන්නට වෙලා තියෙනවා. මේක සමස්ත රාජ්‍ය පරිපාලනයේ ගැටලුවක්. හැබැයි, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත අනුව, රජයේ ලොකුම වැය ශීර්ෂය රාජ්‍ය පරිපාලනය වෙනුවෙන්.


රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම නොකර රාජ්‍ය සේවයේ ඵලදායීතාව ඉහළ නංවන්නට බැහැ. රට වැටිලා තිබෙන මේ තත්වයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව, කැපවීම, නිර්මාණශීලීත්වය ලබාගෙන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නටත්, රාජ්‍ය අංශයේ ශ්‍රම ඵලදායීතාව වැඩිකරන්නටත් රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම අත්‍යවශ්‍යයි.
 


ddryy( මං මුලින්ම රස්සාව කළ පදවි පරාක්‍රමපුර බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ කාර්ය මණ්ඩලය. ඔතන මාත් ඉන්නවා.)
 

Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය සේවයේ පඩි තකා - අජිත් පැරකුම් ජයසිංහ | The Leader