The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මොළයේ වර්ධනය සහ තරුණ අරගලකරුවන් -(එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 16, 2022 • 8:40 AM

මොළයේ වර්ධනය සහ තරුණ අරගලකරුවන් -(එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ කිසියම් අර්බුදයකදී කලබල වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා අත්දැකීම්වල මතක සමග ගලපා තීරණ අරගෙන කටයුතු කරන්න හැකියාව දෙන්නේ මොළයේ ඒ ඉදිරි කොටසෙන්.
  • අවුරුදු 30 පැනලා වයස යනකොට මොළයේ මේ ඉදිරිපස කොටස සහ අනෙකුත් කොටස් සමග හැදෙන ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්න පටන් ගන්නවා.
  • ඒ නිසා තමයි ආයතනයක වුණත් තීන්දු තීරණ ගැනීමට අවුරුදු 35 ටවත් වැඩි වයස්වල අය යොදාගන්නේ.
  • ජේවීපී පෙරටුගාමී පක්ෂ විසින් අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම කඳුළු ගෑස් ජල ප්‍රහාර කන්න දක්කන්නේ මෙන්න මේ ජීවවිද්‍යාත්මක කාරණය අවභාවිතා කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):

අපට “ඥානය” දෙන්නේ.

ඒ කියන්නේ කිසියම් අර්බුදයකදී කලබල වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා අත්දැකීම්වල මතක සමග ගලපා තීරණ අරගෙන කටයුතු කරන්න හැකියාව දෙන්නේ මොළයේ ඒ ඉදිරි කොටසෙන්. බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ ඒකෙන්.

මම මේ කියන්නේ ඉතාම සරලව. ඔය ටීන් වයසේ ඉඳලා අවුරුදු විසිපහ අතර කාලය තුළ තරුණ තරුණියන් මෝඩ අවදානම් ජෝක් වැඩ කරන්නේ ඒ ඉදිරිපස කොටස තවම හරියට වර්ධනය වෙලා නැති නිසයි. ඔය රැඩිකල් කියලා වචනයක් දාගෙන චාටර් වෙන වැඩ කරන්නේ ඒකයි.

අවුරුදු 30 පැනලා වයස යනකොට මොළයේ මේ ඉදිරිපස කොටස සහ අනෙකුත් කොටස් සමග හැදෙන ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්න පටන් ගන්නවා. මයලින්වලින් ඒ ස්නායු සෛල වටවෙලා විද්‍යුත් රසායනික සම්බන්ධතා තීව්‍ර වෙනවා. එතකොට ඕනෑම දෙයක් ගැන තීරණ ගන්නකොට මොළයේ විවිධ කොටස් අතර සම්බන්ධයෙන් සමබරව හිතනවා. අවදානම් සළකා බලනවා. තාවකාලික කික් එකක් එන මෝඩ වැඩ කරන්න ඉස්සෙල්ලා හොඳට හිතනවා.

ඒ නිසා තමයි ආයතනයක වුණත් තීන්දු තීරණ ගැනීමට අවුරුදු 35 ටවත් වැඩි වයස්වල අය යොදාගන්නේ.

ksjk

අපි දැක්කා මේ ඊනියා අරගලය තුළ මේ හැසිරීම්. මොළයේ ඉදිරි කොටස තවම හරියට වර්ධනය නොවුණු තරුණ තරුණියන් තමයි එහි වැඩිපුරම හිටියේ. කෝච්චිවලින් වැඩිපුරම කොළඹ ආවේ ඔවුන්. දැන් ඒ සමහරු හිරේ. ඔවුන් හැසිරුණේ වීර මානසිකත්වයෙන්. මේකත් ඒ වයසේ ලක්ෂණයක්. 

  
එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට මෝඩ ජෝක් කරලා කට්ටිය හිනස්සන ගතියක් එනවා. කොළු ගැටව් ඔය විකාර වැඩ එහෙම කරනවා ගැටිස්සියන්ට පේන්න. ටික්ටොක් යූටියුබ් ෆේස්බුක් ලයිව් ඇවිල්ලා තමන්ගේ මෝඩ පාට් පෙන්වන්නේ ඒකයි. ඒක ප්‍රාථමික මේටින්ග් චර්යාවක්.

ලෝකයේ කොහෙත් විප්ලවවලදී යොදාගැනෙන්නේ මෙන්න මේ වයසේ සෙට් එක. ජේවීපී පෙරටුගාමී පක්ෂ විසින් අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම කඳුළු ගෑස් ජල ප්‍රහාර කන්න දක්කන්නේ මෙන්න මේ ජීවවිද්‍යාත්මක කාරණය අවභාවිතා කරලා.

මොකද ඔවුන්ගේ මොළය තවම පූර්ණ වශයෙන් වර්ධනය වී නැති නිසා ඒ තමන්ට කරන අපයෝජනය තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඔවුන් හිතන්නේ ඔවුන් කරන්නේ වීරකමක් කියලයි.

ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නාලිකා ටාගට් කරන්නේ ඔය සෙට් එක. මොළේ වර්ධනය අවසාන වෙලා නැති නිසා ඔවුන්ව ඒ වයසේදී අන්දන්න ලේසියි.



නිර්මාල් දේවසිරි වැනි ඇකඩෙමික් වැඩිහිටියන් හරිනම් මේ විද්‍යාත්මක සමාජ චර්යා පිලිබඳ යථාර්ථයන් දැන සිටිය යුතුයි. නමුත් ලංකාවේ වැඩිහිටි සිවිල් ක්‍රියාකාරිකයන් බොහෝ විට ස්වභාව විද්‍යා අංශවල අය නොවෙයි. ඔය කලා අංශයේ නළු නිළියන් වගේ අය ජීව විද්‍යාත්මක හැදෑරීමක් කරපු අය නොවෙයි.


ජීවිත කාලයම එකම ක්ෂේත්‍රයක එකම රැකියාවක් කරපු කෙනෙකුගේ මොළයේ ස්නායු සම්බන්ධතා සහ විවිධ දැනුම් සහ එකිනෙකට වෙනස් ලෝක අත්දැකීම් ලබපු කෙනෙකුගේ ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්නේ වෙනස් ආකාරයට. කොග්නිටිව් ෆැකල්ටි හරියට වර්ධනය වෙච්ච මිනිහෙක් කවදාවත් “ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න” කියලා කියන්නේ නැහැ.

 
ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන වයස්ගත අත්දැකීම් බහුල පරිණත මනුස්සයා ඔය නොමේරු තරුණ තරුණියන්ගේ බොළඳ හැසිරීමට අනුකම්පා කළේ. අරගලය පාලනය කළ යුත්තේ සහ නොකළ යුත්තේ කෙසේද කියා වැඩිහිටියෙක් හැටියට එතුමාට ගැඹුරු අවබෝධයක් තිබුණා. වියහැකියාවන් ගැන අප කාටත් වඩා අදහසක් තිබුණා. ඒ නිසා තමයි ඔය ඊනියා අරගලය මහා ලේ වැගිරීමක් නොවී අවසාන වන්නේ.
 

 

ගෝඨාභයට රනිල් වික්‍රමසිංහ වගේ වෙන්න බැරි වුණේ ඇයි කියලා අහන්නේ බොළඳ මිනිස්සු. ගෝඨාභය මුහුණ දුන් අරගලය සහ රනිල් මුහුණ දුන් අරගලය ඉඳුරා වෙනස්. රනිල්ට අමුතුවෙන් පාලනය කරන්න දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. ගෝඨාභය ගත් තීරණය විසින් අරගලය කොහොමත් පරාජය කරලයි තිබුණේ. 

 

ඒ ගැන වෙනම ලිවිය යුතුයි.

ධර්මය අපට මග වේවා!


117872429 3608202189231480 6238915354992328193 n
එරන්ද ගිනිගේ
2022 අගෝස්තු 10
eranda.ginige@gmail.com
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...