The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට ගොඩනැගීමට මැලිවීම හෙවත් සර්වපාක්ෂිකයට පිටුපෑම...

T

The Leader Desk

August 17, 2022 • 6:19 AM

රට ගොඩනැගීමට මැලිවීම හෙවත් සර්වපාක්ෂිකයට පිටුපෑම...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහා ගිය ක්‍රමානුකූල වැඩපිලිවෙලක ඕනෑකම තදින්ම දැනන මොහොතකටය.
  • මහින්ද රාජපක්ෂ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමය මූලික කොටගත් දේශපාලන ව්‍යාපාර විශ්වාස කලේ යුද්ධය තුවක්කුවෙන් අවසන් කල හැකි බවත් එය සැබෑ විසදුම බවත්ය.
  • ජාතික ගැටලුවට යුද්ධයෙන් උත්තර නැති බව එජාපය දිගින් දිගටම ප්‍රකාශ කලේය.
  • එජාපයේ මේ මතය නිසාම, රනිල් වික්‍රමසිංහ බන්දේසියක තබා ප්‍රභාකරන්ට ඊලම දීමට සූදානම් වන බවට සමාජ මතයක් එදා ජවිපෙ විසින් ගොඩනැගුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහා ගිය ක්‍රමානුකූල වැඩපිලිවෙලක ඕනෑකම තදින්ම දැනන මොහොතකටය. නමුත් දේශපාලන පංගුපේරු කාරයන්, මේ අර්බුධය පවා අලෙවි කරමින් සිටින්නේ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමටය. යුද සමයෙන් පවා පාඩම් ඉගෙන නොගත් අඳබාල දේශපාලන උන්මන්තක කාරයන්ගේ සෙවනැලි වර්තමාන ආර්ථික අර්බුදයේදී පවා හොල්මන් කරන ආකාරය මේ වනවිට පැහැදිලි වන්නේ, ජවිපෙ, සජබ වැනි දේශපාලන පක්ෂ රටේ අර්බුධය හමුවේ පවා මාලු බාන්න දැල් එලමින් සිටින ආකාරයෙන් ය.

එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව යුද්ධය ජයග්‍රහණය කරගැනීම බොහෝ පාලකයන්ගේ උවමනාව වී තිබුණත්, විවිධ හේතු සාධක මත මහින්ද රාජපක්ෂ පාලන කාලය දක්වා යුද්ධයේ අඳුර පහව නොගියේය. රනිල් වික්‍රමසිංහ සැමවිටම උත්සාහ කලේ මේ රටේ සිවිල් අර්බුදය යුද්ධයකින් තොරව අවසන් කරගැනීමටය. සාම ගිවිසුම්, සාම සාකච්ඡා හරහා එල්.ටී.ටී.ඊ ය ජාත්‍යන්තර රාමුවක සිරකර තබන්නටය. නමුත් රටේ බහුතර මහජන මතය එය විශ්වාස කලේ නැත. මහින්ද රාජපක්ෂ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමය මූලික කොටගත් දේශපාලන ව්‍යාපාර විශ්වාස කලේ  යුද්ධය තුවක්කුවෙන් අවසන් කල හැකි බවත් එය සැබෑ විසදුම බවත්ය. එකී මතය සමඟ රටේ බහුතරයක් දෙනා සිටගනිද්දී එජාපය තමන්ගේ දේශපාලන මතවාදය අත්නොහැරියේය. ජාතික ගැටලුවට යුද්ධයෙන් උත්තර නැති බව එජාපය දිගින් දිගටම ප්‍රකාශ කලේය.

 

COLOMBO, SRI LANKA:  Sri Lankan Prime Minister Mahinda Rajapakse (C) and Secretary of the Marxist JVP,(People's Liberation Front) Tilvin Silva (R) are applauded by officials as they sign an agreement in Colombo, 08 September 2005.   Rajapakse signed a deal with the island's main Marxist party under which he agreed to drop plans to share power with Tiger rebels, but said he hoped the move will not lead to a resumption of war.  AFP PHOTO/Lakruwan WANNIARACHCHI  (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)


මහින්ද රාජපක්ෂ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමය මූලික කොටගත් දේශපාලන ව්‍යාපාර විශ්වාස කලේ  යුද්ධය තුවක්කුවෙන් අවසන් කල හැකි බවත් එය සැබෑ විසදුම බවත්ය. එකී මතය සමඟ රටේ බහුතරයක් දෙනා සිටගනිද්දී එජාපය තමන්ගේ දේශපාලන මතවාදය අත්නොහැරියේය. ජාතික ගැටලුවට යුද්ධයෙන් උත්තර නැති බව එජාපය දිගින් දිගටම ප්‍රකාශ කලේය.

එජාපයේ මේ මතය නිසාම, රනිල් වික්‍රමසිංහ බන්දේසියක තබා ප්‍රභාකරන්ට ඊලම දීමට සූදානම් වන බවට සමාජ මතයක්  එදා ජවිපෙ විසින් ගොඩනැගුවේය. උතුරේ කොටියා පරදවන්නට එන දකුණේ සිංහයා ලෙස මහින්දව කරළියට ගෙනාවේය. රටේ බහුතරයක් දෙනා එය පිලිගත්තේය.
 

මහින්ද 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව, එල්.ටී.ටී.ඊ ය සමඟ පැවැත්වූ සාම සාකච්ඡා ඉදිරියට ගෙනගියේ ඕනෑවට එපාවටය. මාවිල් ආරු සොරොව්වේ ගැටලුව මුල්කරගනිමින් ජනපති මහින්ද, එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලේය. ජාතික හෙළ උරුමය ප්‍රමුඛ ජාතිකවාදී බලවේග එහි ප්‍රධාන කාර්‍ය්ක් ඉටු කරද්දී, රට රැක ගැනීමට දකුණේ සිංහයා කරළියට ගෙනා ජවිපෙ 2006 දී මහින්ද අතරමංකොට මගහැරියේය.


edbacae979b62b6312f9bad99b7d816a0af2f3af

මහින්ද යුද්දය ආරම්භ කිරීමත් සමගම ජවිපෙට තිබූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර තිස් නවයම විපක්ෂයට ගොස් මහින්දට තිබූ පාර්ලිමේන්තු බහුතරය අහිමිකළේය.එහිදී විමල් වීරවංශ ඇතුලු පිරිසක් ජවිපෙන් ඉවත්ව නැවතවරක් මහිදන්දට එක්වීමෙන් සහ එජාපයේ කරූ ජයසූරිය ඇතුළු පිරිසක් එක් වීමෙන් නැවත මහින්දගේ දෑත් ශක්තිමත් කළේය.

කෙසේ නමුත් එජාපය හා ජවිපෙ මහින්දගේ මල් වට්ටියට එදා අත නොගසා සිටින්නට පරිස්සම් වීමම පසුකලෙක එකී දෙපක්ෂයටම අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදු වූ බව අමතක නොකළ යුතුය. මන්ද එදා රටේ ජනතාවට උවමනා වී තිබුණේ කෙක්කෙන් හෝ කොක්කෙන් තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර ගැනීම පමණක්ම වීම නිසාය.

ජන අභිලාශය ඉවතලා තමන්ගේ පක්ෂ දේශපාලන උවමනාව වෙනුවෙන් එදා එජාපයත්, ජවිපෙත්, යුද්ධයට උදව් නොකලා පමණක් නොව යුද්ධ කරපු ආණ්ඩුවට විවේචන එල්ල කිරීම ද සිදුකළා.


ඒනිසාම එදා යුද්ධයට උදව් කිරීම පසෙකලා සිය පක්ෂ දේශපාලනය වෙනුවෙන් හැසිරුනු එජාපයටත්, ජවිපෙටත් පාඩම් කියාදීමට රටේ ජනතාවත් අමතක කලේ නැත. යුද ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටි සියලුදෙනාට ජනතාව ඔවුන්ගේ යුතුකම් කලා පමණක් නොව, යුද්ධයට එරෙහිව ක්‍රියා කල දේශපාලන පක්ෂ කුණු බක්කියක සිරකර තබන්නටද ඔවුන් අමතක නොකළහ.


එසේ වුවත් යුද ජයග්‍රහණයෙන් පසුව නැවතත් රට ගොඩනැගීම සඳහා තිබු තවත් ස්වර්ණමය අවස්ථාවක් රටින් ගිලිහිනි. එදා යුධමය අවස්ථාවේදී සර්ව පාක්ෂික එතඟතාවයකින් කටයුතු කළා නම් සහ එසේම ජයග්‍රහණයෙන් පසුව රට ගොඩ නැගීම සඳහා එම සර්ව පාක්ෂික එකඟතාව ඉදිරියට ගෙන යමින් නිවැරදි ප්‍රතිපත්තියක්  මත කටයුතු කළා නම් රාජපක්ෂ පාලනයට හිතුමතේ රට කොල්ල කෑමේ අවස්ථාවද නොලැබීමට ඉඩ තිබිණි. පක්ෂ බෙදී වෙන්වීම තුළ රාජපක්ෂ රෙජීමයට ලැබුණු අති මහත් බලය උපයෝගී කරගෙන රටත් ජනතාවත් මහා ආගාදයකට ඇද දැමීම සිදු විය. අද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන සැතපුම් කණුවක් වූයේ මේ රාජපක්ෂ රෙජීමයේ පාලනයයි..
 
 
10  

සුනාමියෙන් පසුවද රට ගොඩනැඟීම සඳහා තිබු අවස්ථාවද මෙලෙස ගිලිහී  ගියේ  පාර්ලිමේන්තුව තුළ සර්ව පාක්ෂික එකඟතාවයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීමය.


කොහොම නමුත් ඒ යුධ ජයග්‍රහණ උන්මාදයෙන් වශී වූ රාජපක්ෂ රෙජිමය ඇතුලු චෞර කල්ලිය අමු අමුවේ ජනතා අපේක්ෂාවන් දූෂණය කළ බව, මේ රටේ කිරිසප්පයන් පවා සක්සුදක් සේ දන්නා සත්‍යයකි. එකී වරදටද ජනතාව ඔවුන්ට පාඩම් කියාදී හමාරය.

දැන් අද රටේ තත්ත්වය අන් කවරදාකවත් නොවූ තරමටම භයානකය. පීඩාකාරීය සහ අර්බුදකාරීය. ආයුධ වලින් හා සොල්දාදුවන්ගෙන් යුද ජයග්‍රහණ ලබාගැනිමට හැකියාව ඇතත්, රටේ ආර්ථිකය වගේම සාමාන්‍ය ජන ජීවිතය ඇද වට්ටවා ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම එසේ සිදුකළ හැක්කක් නොවෙන්නේය.එය අතිශය අමාරු සහ දුෂ්කර කාර්යයකි. අදාළ ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රමාණික දැනුමැත්තන්ගේ එකමුතුවෙන් නිර්මාණය කරනු ලබන සැලැස්මකට අනුව සිදුකළ යුත්තකි. එය තනි පුද්ගලයකුට හෝ කිහිප දෙනෙකුට සිදුකළ නොහැකි බව අපි ඉතිහාසය පුරා උගත් පාඩමකි.
 
 
දැන් අද රටේ තත්ත්වය අන් කවරදාකවත් නොවූ තරමටම භයානකය. පීඩාකාරීය සහ අර්බුදකාරීය. ආයුධ වලින් හා සොල්දාදුවන්ගෙන් යුද ජයග්‍රහණ ලබාගැනිමට හැකියාව ඇතත්, රටේ ආර්ථිකය වගේම සාමාන්‍ය ජන ජීවිතය ඇද වට්ටවා ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම එසේ සිදුකළ හැක්කක් නොවෙන්නේය.එය අතිශය අමාරු සහ දුෂ්කර කාර්යයකි. අදාළ ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රමාණික දැනුමැත්තන්ගේ එකමුතුවෙන් නිර්මාණය කරනු ලබන සැලැස්මකට අනුව සිදුකළ යුත්තකි. එය තනි පුද්ගලයකුට හෝ කිහිප දෙනෙකුට සිදුකළ නොහැකි බව අපි ඉතිහාසය පුරා උගත් පාඩමකි.  

ඒ නිසාම මේ මොහොතේ රටම මුහුණ පා සිටින මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ වීමට නම්, පක්ෂ බේද අතහැර සියලුදෙනා පොදු අරමුණකට අත්වැල් බැද ගතයුතු යැයි කීම අතිශය සාධාරණය. කෙසේ වෙතත් ඇතැම් දේශපාලන ව්‍යපාර විසින් සමාජගත කරනු ලබන ලාභ හෝ බාල දේශපාලන සටන් පාඨ රටේ මිනිසුන්ට මේ මොහොතේ උවමනා නැත. නමුත් 1994 සිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා සහ විශ්වාස කරමින් සිය දේශපාලනය මෙහෙයවන ජවිපෙ පවා මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ, එදා වගේම අදටත් පරණ පාරේම බව පැහැදිලිය.

මුල සිට අග දක්වා යුද්ධයට පිටුපා සිටි එජාපය අදටත් යුද විරෝධීය. නමුත් වැරදුන තැන් ගැන විමසිලිමත්ය. එයින් උගත් පාඩම් ද බොහෝමය. අද මේ රටේ ජනාධිපති වී සිටින්නේ ද ඒ යූඑන්පී නායකයාය. පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය නොකියවූ පාඩම් පොත ද මෙයමය. එනිසා දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම පසෙකලා එයම සිය වාසියට හරවා ගැනීමට තැත්කරන සජබයට, එදා එජාපයට අත් වූ ඉරණම, හෙට දවසේ අත් නොවේ යැයි කාට හෝ සහතික දිය හැකි ද?

PHOTO 2022 08 17 11 26 05

නමුත් එදා මුලින් යුද විරෝධී බව පෙන්වූ ජවිපෙ යුද්ධයේ අග භාගයේ දී 'බරඅවිවලින් පහර දෙන්න' යැයි රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා එකතු කරමින් තමනුත් යුධ ජයග්‍රහණයේ කොටස් කරුවකු බව සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට යාම ද සමාජය අතිශය පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කළ බව අමතක නොකළ යුතුය. ජවිපෙ අදටත් නූගත් පාඩම එයමය.
 
එදා මුලින් යුද විරෝධී බව පෙන්වූ ජවිපෙ යුද්ධයේ අග භාගයේ දී 'බරඅවිවලින් පහර දෙන්න' යැයි රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා එකතු කරමින් තමනුත් යුධ ජයග්‍රහණයේ කොටස් කරුවකු බව සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට යාම ද සමාජය අතිශය පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කළ බව අමතක නොකළ යුතුය. ජවිපෙ අදටත් නූගත් පාඩම එයමය.  

ඔවුන්ට අදටත් දේශපාලන නාඩිය හසුවන්නේම නැති පාටය. එවිට ඔවුන්ගේ මාලිමාවට ද ප්‍රදීපාගාර ආලෝකයේ දිශාව මග හැරෙනු ඇත.

- එම්ටීඑස් මොහොට්ටි

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...