The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කිසිම වරදක් නොකළ අඬන බබ්බු - එරන්ද ගිනිගේ

T

The Leader Desk

August 17, 2022 • 9:52 AM

කිසිම වරදක් නොකළ අඬන බබ්බු - එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක ඇත්ත අත්දැකීමක් වුණත් නැතත් පොලිටිකල් ප්‍රොපගැන්ඩා එකක් වුණත් නැතත් එයින් කියවුණේ කිසියම් තරුණයෙකුගේ වේදනාව.
  • ඉස්කෝලේ යනකාලේ අතිමහත් බහුතරයක් යොවුන් වයසේ තරුණයන් ඒ අත්දැකීමට මුහුණ දීලා ඇති.
  • නුගේගොඩ ක්ලාස් ඇරිලා 183 බස් එකක් නැතුව පරණ බස් හෝල්ට් එකේ සෑහෙන්න වෙලා හිටගෙන ඉඳලා තියෙනවා.
  • ඒ කාලෙත් වැස්සේ තෙමීගෙන 154 ක් එනකල් බෞද්ධාලෝක මාවතේ හිටගෙන ඉඳලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලය පටන් ගන්න දවස්වල.

ඒක ඇත්ත අත්දැකීමක් වුණත් නැතත් පොලිටිකල් ප්‍රොපගැන්ඩා එකක් වුණත් නැතත් එයින් කියවුණේ කිසියම් තරුණයෙකුගේ වේදනාව. ඒක කියෙව්වම මට මතක් වුණා තරුණයෙකු විදිහට මමත් බස් එකක් නැතුව අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි හිටපු අවස්ථා.

ඉස්කෝලේ යනකාලේ අතිමහත් බහුතරයක් යොවුන් වයසේ තරුණයන් ඒ අත්දැකීමට මුහුණ දීලා ඇති. වැස්ස කාලෙට අපේ ගෙවල් පැත්ත යටවෙනවා. වතුරේ බැහැගෙන පයින් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා ඕන තරම්. බස් එකට සල්ලි නැතුව වැස්සේම මොරටුවේ ඉඳන් අඟුලානට පයින් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. සීසන් එකට යන්න රතුපාට සීටීබියක් එනකල් රාවතාවත්තේ පැය දෙක තුන හිටගෙන ඉඳලා තියෙනවා.

නුගේගොඩ ක්ලාස් ඇරිලා 183 බස් එකක් නැතුව පරණ බස් හෝල්ට් එකේ සෑහෙන්න වෙලා හිටගෙන ඉඳලා තියෙනවා. සෙනග නිසා ෆුට්බෝඩ් ගිහිල්ලා වැටිලා අතපය ලෙලි ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ කිසිම අවස්ථාවක මට හිතිලා නැහැ ඊට වඩා වෙනස් දෙයක් මට හිමිය කියා.

මොකද හැමදාම එහෙම වෙන්නේ නැහැ කියලා මම දන්නවා. හැමදාම වහින්නේ නැහැනේ. හැමදාම CTB බස් නැති වෙන්නෙත් නැහැනේ. තියෙන දවසට වගේම නැති දවසටත් ඒකට මුහුණ දුන්නා මිසක් මට හැමදාටම හිමි විය යුතු වරප්‍රසාදයක් ගැන මට හිතුණේ නැහැ.


ලෝක සත්‍යයට මුහුණ දෙන්න අපිට ආත්ම ශක්තියක් තිබුණා. වරදක් කරලා නැහැ කිය කිය ලෝකයා ඉදිරියේ නහයෙන් ඇඬුවේ නැහැ. මගේ මුල්ම රස්සාව ගුරුපත්වීමක්. පත්තරේ දැන්වීමකට අයැදුම් කරලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා තනියම ලබා ගත්තේ.


ඒ පාසල කොළඹ තියෙන සුපිරිම ජාත්‍යන්තර පාසලක්. මම තමයි ඉතිහාසයටම තෝරාගත් ලාබාලතම ගුරුවරයා. කැම්පස් එකෙන් අවුට් වුණු අලුත. උසස් පෙළ ජීව විද්‍යාව ඉගැන්නුවේ.

ඒ පාසලේ දරුවන් ලංකාවේ ධනවත්ම පවුල්වල උදවිය. ඔවුන් පාසලට ආවේ ලංකාවේ තියෙන හොඳම වාහනවලින්. මම රස්සාවට ගියේ බස් එකේ. සමහර දවස්වලට පානදුරේ ඉඳලා යන ස්ටාෆ් වෑන් එක අල්ලගන්න පුළුවන් වුණා. නැත්නම් බොහෝ දවස්වල බස් තුනක යනවා බස් තුනක එනවා. ගුරුවරු වුණාට හවස පහ වෙනකල් වැඩ කරන්න ඕනා. 

 
 
මම ඉතාම ආසා කරන වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ඒ ශිෂ්‍යයෝ මට අදටත් ආදරෙයි. ඒ කාලෙත් වැස්සේ තෙමීගෙන 154 ක් එනකල් බෞද්ධාලෝක මාවතේ හිටගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ අද වගේ ලස්සන බස් හෝල්ට් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණේ අර අඟලේ එල් බාර් වලින් ගහපු ඒවා. නමුත් මට කවදාවත් හිතිලා නැහැ මගේ ශිෂ්‍යයන් සුපිරි වාහනවල යනකොට මම බස් එකේ යනවා වගේ හීනමානයක්.


මම වැඩ කළේ මගේ තරමට. මම දන්නවා ඒ කාලේ මගේ පඩියෙන් මට වාහනයක් ගන්න බැහැ කියලා. හැම තරුණයෙකුටම වගේ මටත් බයික් එකක්වත් ගන්න සිහිනයක් තිබුණා. නමුත් ගෙදර වියදම් එක්ක වාහන ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් බයික් වාහන තියෙන මිනිස්සු එක්ක මට කවදාවත් ඉරිසියාවක් හිතුණේ නැහැ. උපාධිධාරියෙක් විදිහට මට අනිවාර්යෙන් වාහනයක් හිමි වෙන්න ඕනා කියලා උද්දච්චකමක් තිබුණේ නැහැ. 
 
මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා විතරයි. වාහනයක් ගන්න ගෙවල් හදන්න තව කාලයක් යනවා කියලා මම දැනගෙන හිටියා. එහෙම ප්‍රායෝගික ලෝක අවබෝධයක් මට තිබුණා. හැබැයි ඒ වෙනුවෙන් මම මහන්සි වුණා.

Depositphotos 65596567 m 2015

ආණ්ඩුවෙන් දෙනකල් හරි අරගලයකින් දිනා දෙනකල් හරි මම ආඩපාලි කිය කිය හිටියේ නැහැ. ඊට පස්සේ මම මැදපෙරදිග රස්සාවක් හොයාගත්තා. එහෙ කොහොමත් මෙහෙ තරම්වත් බස් නැහැ. නගරෙට යන්න එන්න බස් දුවන්නේ සෑහෙන්න කාල පරතරයකින්. සමර් එක කාලේ තාර පාරේ ගිනිගහන කාන්තාරේ මම ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා බස් නැතුව. සපත්තුවේ අඩිය රස්නෙට දියවෙලා පාරට ඇලෙනවා. කීයෙන් කීදෙනාද එහෙම අත්දැකීම් විඳලා තියෙන්නේ.

ඒ වුණත් මට හිතිලා නැහැ එහෙම වෙන්න වරදක් මම කරලා නැහැ කියලා. මගේ පඩියට ඒ රටේ වාහනයක් ගන්න බැරි බව මම දැනගෙන හිටියා. සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇවිල්ලා තමයි ෆිනෑන්ස් කරලා මුලින්ම කාර් එකක් ගත්තේ. එහෙමයි මිනිස්සු පියවරෙන් පියවර ජීවිතය ගොඩනගා ගන්නේ.


“අනේ මම වරදක් කරලා නැහැ” කිය කිය වරප්‍රසාද ඉල්ලලා බබ්බු වගේ ඉකි ඉකි ගාලා අඬලා නැහැ. ඔබට යමක් ඕන නම් ඔබ එයට මහන්සි විය යුතුයි. ඔබවත් මමවත් විශේෂ නැහැ. ඔය අරගලය කියන විකාරය කරපු බොහෝ අයට තියෙන්නේ එන්ටයිටල්මන්ට් මානසිකත්වය. ඔවුන් හිතාගෙන ඉන්නේ විශ්වය කැරකෙන්නේ ඔවුන් වටේ කියලයි.



හැමදේම එකපාරටම ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ කරන රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් හෝ දියුණු වෙන්න නම් ඔබම මහන්සි වෙන්න ඕනා. අලුත් දැනුම එකතු කරගන්න ඕනා. කුසලතා දියුණු කරගන්න ඕනා.

අනික මොනවා ලැබුණත් ඒ කිසිම දෙයක් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕනා. අමාරු කාල එනවා. අමාරු කාල යනවා. සමහර වෙලාවට අපේම ක්‍රියා නිසා. සමහර වෙලාවට අපේ පාලනයෙන් තොර හේතු නිසා. ලෝකයේ අනිත්‍ය ස්වභාවය, විපරිණාම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය තේරුම් ගන්න එක තමයි නියම අරගලය.

ධර්මය අපට මග වේවා!



කම්ප්ලීට් සිස්ටම් චේන්ජ් එකක් ! : ඉරානයෙන් පාඩමක් - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
 

2022 අගෝස්තු 17


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...