The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩලස්ට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 20, 2022 • 5:34 AM

ඩලස්ට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට තමයි ඩලස්, ද්‍රෝහී වෙනවා කියන්නේ.
  • ඔබව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාව ගරු මහින්ද රාජපක්ෂ ජනපතිව එදා ඉවත් කළෙත් එහෙමයි.
  • ඔබ ඇතුළු පිරිසක් “ස්වාධීන” වෙනවා කියා කළේ එයයි.
  • නමුත් හැම මිනිහම ඔබේ වචනවලට රැවටෙන්නේ නැති බව ඔබ දැනගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකට තමයි ඩලස්, ද්‍රෝහී වෙනවා කියන්නේ.

ඔබේ සෝබන වචනවලින් මොන අයිසින් ගෑවත් ඔබ කළේ ද්‍රෝහීකමක්.

ඔබ නිතරම කතා කරන්නේ ඔබ ගැන අධිමානයකින්.

ඔබේ සුචරිත සූචක වදන් නිකම් හිස් කියුම් විතරයි. වඩා වැදගත් වෙන්නේ ක්‍රියාවයි. ක්‍රියාවෙන් ඔබ පෙන්වූයේ ඔබේ බියගුළු නිවටකමයි.

ඊනියා අරගලය යනු තනිකරම රෙජීම් ඡේන්ජ් ව්‍යාපෘතියක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒක මම නම් මුල ඉඳලම කිව්වා.

dsfde

 ඔබව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාව ගරු මහින්ද රාජපක්ෂ ජනපතිව එදා ඉවත් කළෙත් එහෙමයි. මේවා ගැන ඔබ නොදන්නවා නම් ඔබ දේශපාලන තොත්ත බබෙක් වෙන්න ඕනා. ඒක වෙනම කතාවක්.

මම දන්නේ නැහැ ඔබ මේ ව්‍යාපෘතියේ කුමන්ත්‍රණකරුවෙක්ද කියා.

නමුත් ඔබ ඉතාම නිවට වැඩක් කළා.

සාහසිකයන් විසින් මේ රටේ ප්‍රජාතන්ත්‍රය උල්ලංඝනය කරන කොට ඔබ කළේ ඔවුන්ගේ පැත්තට ෂේප් වීමයි. ඔබ ඇතුළු පිරිසක් “ස්වාධීන” වෙනවා කියා කළේ එයයි.

fgdrt


ඔබ, විමල්, ගම්මන්පිල, චරිත, නාලක, ගෙවිඳු, වාසුදේව වැන්නවුන් කළේ කෙහෙල්මල් ප්‍රතිසංස්කරණවාදයක් නොවෙයි. ආර්ථික අර්බුදයක් අස්සේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න යනවා නම් ඔබ දේශපාලන බබෙක්ටත් අන්ත වෙන්න ඕනා.

නැහැ. ඔබ ලෝක කපටියෙක්, ඩලස්. කපටියා කියන්නේ ඔබ මිටි නිසා නොවෙයි. ඔබලාගේ උපාය වුණේ අර එන මර්ධනයෙන් ගැලවෙන්න මර්ධකයාගේ පැත්තට සූක්ෂමව සෙට් වීමයි.

ඔබ වැනි අයට මේ දවස්වල අපි කියන්නේ “පැනික් බයියො” කියලා. ඔබ තමයි පැනික් බයියන්ගේ පිකාසෝ. ඔබේ ඒ බියගුළු නිවට ක්‍රියාව මේ රටේ බහුතරයකට නොවැටහෙන්න පුළුවන්. නමුත් හැම මිනිහම ඔබේ වචනවලට රැවටෙන්නේ නැති බව ඔබ දැනගන්න.

ඔබලාට තිබුණු තනතුරු නැති වුණාය කියා ඔබ දැන් නාහෙන් අඬනවා. නාලක ෆේස්බුක් එකේ අඬනවා. ඔබ අගමැතිට නෝක්කාඩු හසුන් ලියනවා.

ද්‍රෝහීන්ට කවුද ඩලස්, තනතුරු දෙන්නේ! ද්‍රෝහීන්ට කවුරුවත් කැමති නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව ඔබට දිගටම කැබිනට් ඇමතිකම් දුන්නා.

ඔබ ක්‍රීඩා ඇමතිකම දරුවා. ඔබ විදුලිබල ඇමතිකම දැරුවා. ඔබ ජනමාධ්‍ය ඇමතිකම දැරුවා. නමුත් අමාරුම මොහොතේ ඔබ සියලු පව් ගෝඨාභයගේ පිටට දාලා කුරුසේ තියලා ඇණ ගැහුවා.

විදුලිබල ඇමති හැටියට අවුරුද්දක් හිටපු ඔබ විදුලි අර්බුදය ගැන අපිට බයිලා කියනවා. ජනමාධ්‍ය ඇමතිකමේ හිටිය ඔබ ආණ්ඩුවේ සන්නිවේදනය හොඳ නැහැ කියලා බයිලා කියනවා.

හරියට අර කර්මාන්ත ඇමතිකමේ හිටිය විමල් අවුරුදු දෙකකට පස්සේ දේශීය කර්මාන්ත දියුණු කරන්න කියලා බයිලා කියනවා වගේ තමයි.

 බලශක්ති ඇමතිකමේ හිටිය ගම්මන්පිල තෙල් පෝලිම් හැදුවා වගේ තමයි.

තමන්ට බාර දුන් රාජකාරිය හරියට නොකර ගෝඨාභයගේ රාජකාරිය ගැන විනිශ්චය කරනවා. අනිපබය.


ඔබලාගේ බියගුළු නිවට පාවාදීම නිසා තමයි ආණ්ඩුව දේශපාලනිකව අස්ථාවර වෙන්නේ. ඔබලාගේ තිබෙන පුද්ගලික ඇරියර්ස් කවර් කරගන්න ගිහිල්ලා අන්තිමට මේ රටේ 69 ලක්ෂයක් බහුතර ජනතාව නිදහස් හා සාධාරණ ඡන්දයෙන් තෝරාගත් නීත්‍යානුකූල ජනපතිවරයාට සිද්ධ වෙනවා තමන්ගේ ධූරය දන් දීලා මේ රට මහා ව්‍යසනයකින් බේරා ගන්න. ඒ අපරාධයට පාර කැපුවේ ඔබ සහ ඔය බියගුළු නිවට පැනික් බයියෝ ටික.


කිසිම වරදක් නොකළ ඒ මනුස්සයට රටට එන්න ආරක්ෂාව නැතුව ඉන්න කොට ඔබ ඔබේ තනතුරු ඉල්ලලා අඬනවා. ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද, ඩලස්!

ඔබේ ක්‍රියාව නිසා හිස් වූ ජනපති පුටුවට ඔබ තරග කළා. තමන්ගේ පක්ෂයේ නායකයා බලහත්කාරයෙන් ඉවත් කරලා එතනට පනින්න ඔබ හැදුවා. ලැජ්ජාවක් තියෙනවා නම් එහෙම කරයිද!

අන්තිම අසාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තුච්ඡ ලෙස නිර්මාණය කළ ඒ කළු අවස්ථාව ඩැහැගන්න ඔබ උත්සාහ කළා. ඊට වඩා ද්‍රෝහී වෙන්න පුළුවන්ද මිනිහෙකුට.

 ඔබේ පට්ට දාර්ශනික වාම සුචරිත සුදු රෙද්ද රෝල් කරලා…

yg

හොඳ වෙලාවට ඔබ ජනපති නොවුණේ. ඔහොම නහයෙන් අඬන බබෙක් මේ වෙලාවේ ජනපති වුණා නම් මළකෙලියක් වෙන්නේ.

මොනවා වුණත් පොහොට්ටුවේ අනෙක් මන්ත්‍රීලට තිබුණා සදාචාරය ගැන අවබෝධයක්. ඔවුන්ට වඩා උසස් යැයි පෙන්වාගන්න හදන ඔබට වඩා ඒ මන්ත්‍රීවරුන් උදාරයි.

ස්වාධීන කියලා අහවල් එකක් දේශපාලනයේ නැහැ. ස්වාධීන වෙන්න ඕන නම් ඔබයි ඔබේ පැනික් බයියො ටිකයි දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනා. දේශපාලනය කරනවා නම් දැන්වත් කොන්ද කෙලින් තියෙන මිනිහෙක් වෙන්න, ඩලස්.

තමන් විසින් සිදු කළ ක්‍රියාවට එන විපාකයට බය නැතුව නාඬා මුහුණ දෙන්න.

ඒ කුසලානයේ බර ඔබ දරාගන්න.

සමස්ත දේශපාලන කඳවුරක් අස්ථාවර කරලා ඔබට බැහැ මුකුත් වුණේ නැහැ වගේ සුපුරුදු විදිහට ඉන්න.

හොඳම දේ තමයි ඔබ ගිහිල්ලා සිරිසේනට එකතු වෙන්න. ඔහුත් හොඳ ද්‍රෝහියෙක්නේ.


ධර්මය ඔබට මග වේවා!

eranda G(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2022 අගෝස්තු 20

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...