The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

'හොරු සමග හොරු' එකතු වී 'වීරයා' ඝාතනය කළහ - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

August 29, 2022 • 11:13 AM

'හොරු සමග හොරු' එකතු වී 'වීරයා' ඝාතනය කළහ - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය සාපේක්ෂතාවාදයට අනුකූලය.
  • වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, මොනරවිල, කැප්පෙටිපොළ, එදිරිල්ලේ රාල යනාදි පුද්ගලයෝ සිංහල ජනතාවගේ වීරයෝ වන විට (එදිරිල්ලේ රාල නම් එක් විටෙක සිංහල ජනතාවගේ ම පරම සතුරෙකු ලෙස කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ) එවකට රට පාලනය කළ පාලකයන්ගේ සහ පාලකයන්ගේ බත් බැළයන්ගේ පරම සතුරෙකි.
  • තවත් විටෙක ඔහු තොරා පත් කළ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගයේ ම සතුරෙක් ලෙස සැලකිණ.
  • ඊනියා වාමවාදිහු ද ‘අවසන් දෙමළා ඝාතනය කරන තෙක් මේ සටන අත් නොහරින්නෙමියි’ දිවුරා පොරොන්දු වූයේ පිරිසකගේ වීරයෙකු වූ ඒ ප්‍රභාකරන් තමන්ගේ පරම සතුරෙකු ලෙස සලකමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනිවාර්ය කරුණකි. එය සාපේක්ෂතාවාදයට අනුකූලය.

වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, මොනරවිල, කැප්පෙටිපොළ, එදිරිල්ලේ රාල යනාදි පුද්ගලයෝ සිංහල ජනතාවගේ වීරයෝ වන විට (එදිරිල්ලේ රාල නම් එක් විටෙක සිංහල ජනතාවගේ ම පරම සතුරෙකු ලෙස කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ) එවකට රට පාලනය කළ පාලකයන්ගේ සහ පාලකයන්ගේ බත් බැළයන්ගේ පරම සතුරෙකි.

උතුවන් කන්දේ සරදියෙල් හෙවත් සූර සරදියෙල් බොහෝ පිරිසකට වීරයෙක් වන විට එවකට රට පාලනය කළ පාලකයන්ගේ සහ ඔවුන්ගේ බත් බැළයන්ගේ පරම සතුරෙක් විය.

ඊනියා නිදහසෙන් පසු බිහිවූ පාලකයන් අතුරෙන් විශේෂිත පුද්ගලයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සිංහල ජාතිවාදින්ගේ වීරයෙක් වන විට ජාතිවාදි නොවන සිංහල ජනතාවට ඔහු සතුරෙක් විය. එමෙන්ම ජාතිවාදී වන හෝ නොවන සියලු දෙමළ ජනතාවගේ සතුරෙක් විය. තවත් විටෙක ඔහු තොරා පත් කළ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගයේ ම සතුරෙක් ලෙස සැලකිණ.

භල්ලුකගේ සොහන - (වායාම 18 : සුජිත් අක්කරවත්ත)

එංලන්තයේ මහා රාජිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමට තැත් කළැයි චෝදනා ලද රෝහණ විජේවීර ලාංකිය ජන කොටසකගේ වීරයෙක් වන විට සමස්ත පාලක පෙළැන්තියේ ම සතුරෙක් විය.

ආර්. පේමදාස එක් ජන කොටසකගේ ඉටු දෙවියෙකු වන විට තවත් පිරිසකගේ සතුරකු විය; ම්ලේච්ඡ ඝාතකයෙකු විය. රන්ජන් විජයරත්න ද එසේ ම විය.

ශ්‍රී ලාංකීය බහුතර දෙමළ ජනයාගේ වීරයෙකු වූ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් බහුතර සිංහල ජන පිරිසකගේ පරම සතුරෙක් විය.

ඊනියා වාමවාදිහු ද ‘අවසන් දෙමළා ඝාතනය කරන තෙක් මේ සටන අත් නොහරින්නෙමියි’ දිවුරා පොරොන්දු වූයේ පිරිසකගේ වීරයෙකු වූ ඒ ප්‍රභාකරන් තමන්ගේ පරම සතුරෙකු ලෙස සලකමිනි.

යුද්ධය අවසන් කළා යැයි පුරාජේරු පවසමින් තමන් සතු බලය වඩ වඩාත් තර කරගත් රාජපක්ෂ සනුහරය එක් පිරිසකගේ පූජනීය, වන්දනීය චරිත ගොන්නට එකතු වන විට තවත් පිරිසකගේ (ජාති, කුල ආගම් හෝ වෙනත් බෙදීම් රේඛාවකින් තොර) සතුරු සනුහරයක් බවට පත්විය.

 

මේ ආකාරයට ගත් විට සතුරා ද මිතුරා ද සාපේක්ෂ සාධක ද්විත්වයක් මිස තනි පුද්ගල සාධකයක් නොවේ ය යන්න ඉතා මැනවින් පැහැදිලි ය. මෙබඳු තනි පුද්ගල සාධක මර්දනය කිරීම, එසේත් නොමැති නම් අවනත කරගැනීම වෙනුවෙන් රාජධි රාජ සමයේ සිට මේ දක්වා ම විවිධ ක්‍රමවේද භාවිත කළේ ය.

 

එය: වරදාන, වරප්‍රසාද, තාන්න-මාන්න, මුදල් සහ ස්ත්‍රී ශරීර යනාදිය ප්‍රදානය කිරීමේ සිට අතුරුදන් කිරීම් මෙන්ම ඝාතනය කිරීම් දක්වා වූ ක්‍රමවේද දක්වා පැතිරිණ. එය කෙතරම් ම්ලේච්ඡ ද යන්න සිංහලයාගේ ඉතිහාස කතාවේ ආරම්භය දක්වා ම දිව යයි. එම ක්‍රමවේදය වර්තමානයේ ද ඒ ආකාරයෙන් ම පවතී; අනාගතයේ ද පැවතෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.

ඊට ආසන්නතම උදාහරණය රන්ජන් රාමනායක නමැති පුද්ගල සාධකය යි.

වසර කිහිපයකට 2017 හෝ 2018පෙර ලියුම්කරු FACEBOOK හි පළ කළ පෝස්ටුවක්

ඔහු 2017 වසරේ අගෝස්තු මස 21වන දින අරලියගහ මන්දිරයේ සිට පැමිණ කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම ප්‍රකාශය ‘‘අධිකරණයට අපහාස කළා’’ ය යන චෝදනාව යටතේ නඩුවක් ගොනු කර, ඔහුට විරුද්ධ සාක්ෂි ඉදිරිපත් කර, 2021 ජනවාරි 12වන දින ඔහු වැරැදිකරුවකු බවට තීන්දු කළේ ය. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත සිවු වසරක සිර දඬුවමක් නියම කළේ ය.

චූදිතයා එක් නඩුවකින් නිදහස් වන්නට ආසන්නව තිබිය දී පෙර චෝදනාව මත ම ගොනු කර තිබූ  තවත් නඩුවක් වෙනුවෙන් වරද පිළිගත් බැවින් 2022 ජුනි 07වන දින ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර පහක අත්හිටවු සිර දඬුවමක් දක්වා ලිහිල් කළේ ය. ඒ, ඔහු 2022 මාර්තු 26වන දින අධිකරණයට අපහාස කළා ය යන චෝදනාව පිළිගැනීම හේතුවෙනි.

මෙම තත්ත්වය මෙසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ පසු රංජන් නිදහස් කරන්නැයි විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ලැබිණ. එම ඉල්ලීම් සත්‍ය වශයෙන් ම රංජන් රාමනායක නම් දේශපාලන සත්වයා කෙරෙහි ආදරයෙන් හෝ අනුකම්පාවෙන් කළ ඉල්ලීම් ද යන්න ගැටලු සහගත ය.  

 මෙබඳු ඉල්ලීමක් කළා යැයි දුටු පළමු මොහොතේ ම රංජන් රාමනායක නම් ‘‘වීරයා’’ කිසිවකුගේ අනුකම්පාවට යටත්ව නිදහස් නොවිය යුතු බව ලියුම්කරු සඳහන් කළේ එබැවිනි.

තවත් ආකාරයකින් පවසන්නේ නම් ඔහු වරදක් කළ බව පිළිගනිමින් සමාව අයදින්නේ නම් එය ඔහුගේ ‘‘වීරත්වය’’ සැහැල්ලුවට ලක්කිරීමක් වන බැවිනි.

නමුත් fecebook ප්‍රජාව ද, විවිධ වෙබ් අඩවි ද, විද්‍යුත් සහ රුපවාහිනි මාධ්‍ය තුළ ද, බහුතර ප්‍රජාව ද අදහස් කළේ රංජන් රාමනායක නිදහස් කළ යුතු බව ය.

 

දැන් ඔහු ‘‘සිර ගෙදරින් නිදහස්’’ කර ඇත. එහෙත් සැබැවින් ම ඔහු නිදහස් ද...? නැත... ඔහු මේ වන විට එළිමහන් සිරකරුවෙකි; අත්තටු කපා දැමූ කුරුල්ලෙකි. තවත් ආකාරයකින් පවසන්නේ නම් මෙරටේ වෙසෙන සමස්ත දේශපාළු පෙළැන්තිය ම එකතු වී රන්ජන් සමග සුදුවක් කෙළිති. සුදුවට අදාළ තුරුම්පු සියල්ල සුදුවට අවතීර්ණ වන්නට පෙර ම දේශපාළුවෝ අතර බෙදාගෙන ඇත. රංජන් අතට පත්වී ඇත්තේ බාල්දු කොළ ය. මොන කොළයක් ඇද පිටියට විසි කළ ද සිදුවන්නේ බාල්දු වීම ය.

 

රංජන්ට එසේ බාල්දු වීමට සිදුව ඇත්තේ අහම්බයකින් නොව මේ මජර දේශපාලන තන්ත්‍රය විසින් කරනු ලැබ ඇති සටකපට උපක්‍රමවල පලයක් ලෙසිනි. ඔහුට ප්‍රජා අයිතිය අහිමි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ සමාව දි ඇති නිසා බව මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණ.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව හිමි වූයේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද හිමිවන බව ද එම පුවත්වල ම සඳහන් කර තිබිණ.

එසේ නම් විධායක බලැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ බලප්‍රකාර රංජන් රාමනායකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව නියම නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ සමාව ලබා දී ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න රංජන් පමණක් නොව රටවැසි සියලු දෙනා ම නැවත නැවතත් අවබෝධ කරගත යුතු සිද්ධියකි.


රංජන් බඳු පුද්ගල චරිත දේශපාලකයෝ භාවිත කරන්නේ බත්පතක තිබෙන රම්පෙ, කරපිංචා, ගොරක කැබලි සහ සියඹලා ඇට මෙනි. මෑත දේශපාලන ඉතිහාසයේ මේ ආකාරයට ‘‘පාවිච්චි’’ කළ චරිත බොහෝ ය. එක් චරිතයක් නම් උපුල් ශාන්ත සන්නස්ගල ය. තවත් චරිතයක් නම් සුනිල් පෙරේරා ය. ජනප්‍රිය පුද්ගලයන් මතු නොව විවිධ තනතුරු හෙබවූ සහ හොබවන චරිත ද මේ ආකාරයට ‘‘පාවිච්චි’’ කෙරේ. ඒ සඳහා තවත් උදාහරණයක් ගෙනහැර දක්වන්නේ නම් හිටපු විගණකාධිපති එස්. සී. මායාදුන්නේ ද ඉතිහාසයට එක් වී හමාර ය. මේ සියලු චරිත දේශපාලන පක්ෂ වෙනුවෙන් අවභාවිතා වූ චරිත ය. රන්ජන් ද එහි ප්‍රබල චරිතයකි.


2015 වසරේ පැවති මහ මැතිවරණයේ දී රන්ජන් නමැති සාධකය පාවිච්චි කරමින් එවක බලයට පත්වු ආණ්ඩුව ලකුණු රැස් කරගත් පසු 2019 වසරේ දී ද රංජන් ඒ ආකාරයෙන් ම ජනප්‍රිය චරිතයක් ලෙස ස්ථානගත වී ගම්පහ දිස්ත්‍රික්යේ වැඩිම මනාප ලබාගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයා බවට පත්විය; ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ද පොහොට්ටු පක්ෂයේ ද සතුරකු වන විට සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් අතර පමණක් නොව බහුතර ප්‍රජාවකගේ වීරයා විය.

අද ඔහු ජනාධිපති සමාව ලැබ සමාජයට අවතීර්ණව සිටිය ද ඔහුට වීරයෙකු විය නොහැකි ය. ඒ, ඔහුට සමාව දී තිබුණ ද සත් වසරක් ඉක්ම යන තෙක් දේශපාලනයේ නිරතවිමට නොහැකි බැවිනි. එනම් මැතිවරණ සඳහා තරග කළ නොහැකි බැවිනි. නමුත් දේශපාලන වේදිකාවේ අදහස් දැක්වීමට නොහැකි යැයි කිසිදු ස්ථානයක සඳහන් වී නොමැත. එහෙත් ඔහුගේ මුවට ද විලංගු දමා ඇති බව සිර ගෙදරින් නිදහස්ව පැමිණ පැවැත්වූ පළමු පුවත්පත් සාකච්ඡාවෙන් ම පසක් කරගත හැකි විය.

රංජන්ට සිර දඬුවම් නියම කළේ එදා මෙදා තුර ලංකාවේ බිහිවූ තුච්ච, අධම, වංචනික, දූෂිත රාජ්‍ය පාලනයක් යටතේ ය. මේ මොහොතේ අර්ධ සමාවක් හෝ ලැබි ඇත්තේ ද එකී පාලනය තව දුරටත් පවත්වාගෙන යන්නට රාජපක්ෂ සනුහරයට පොරොන්දු දී ඇති පාලන තන්ත්‍රයක් යටතේ ය. මේ දෙපාර්ශ්වය ම හොරු ය. රංජන් එදා තිත්ත ඇත්ත ලෙස පැවසුවේ ද එය ම ය.

 

එසේ නම් හොරු කිසිදු දිනක හොරකමට එරෙහි වන්නන්ට ලිහිලක් නොදෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. දැන් සිදුව ඇත්තේ එය යි. එනම් හොරු, හොරු එකතුව රංජන් නමැති පුද්ගල සාධකයට නිදහස ලබා දී ඇත. එහෙත් මුවගුළු ලා ඇත. ඔවු... කැමති මොහොතක කුමන හෝ හේතුවක් පදනම් කරගනිමින් යළි සිරගත කිරීමට අවශ්‍ය පරිදි පිඹුරුපත් සකසා ඇත.

 

රන්ජන් ජනාධිපති සමාව ලැබ නිදහස් වනවාට ලියුම්කරු විරුද්ධ වූයේ මේ අකරතැබ්බයට රංජන් මුහුණ දෙන බව කල් තියා ඉව වැටුණු බැවිනි. ඔහු නිදහස්වීම සම්බන්ධයෙන් සිල්ලර තර්ක ඉදිරිපත් කරන, තාවකාලික ස්වයං වින්දනයක් ලබන සියලු ජනයා පිළිබඳ මේ මොහොතේ අනුකම්පා කරනවා හැර අන් කළ යුතු කිසිවක් ම නැත.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/08/29


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හොරු සමග හොරු' එකතු වී 'වීරයා' ඝාතනය කළහ - (ජයසිරි අලවත්ත) | The Leader