The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 1, 2022 • 5:21 AM

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට ඡන්දය නොදෙන බව සජිත් දන්නවා.
  • අන්තිමට එහෙම කරපු තමන්ගේ පක්ෂයටත් ද්‍රෝහී වුණා.
  • ඔවුන් විසින් ඔය ඩලස් ඇතුළු කණ්ඩායම නන්නත්තාර කරනවා.
  • එරන්ද ගිනිගේ සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති උපදේශක 2022 සැප්තැම්බර් 1 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට ඡන්දය නොදෙන බව සජිත් දන්නවා. ඔහු ඉදිරිපත් වෙලා පැරදුණා නම් බලුදත වගේ තියෙන ඔහුගේ පක්ෂ නායකත්වයත් නැති වෙන්න පුළුවන් කියා ඔහු දන්නවා.

ෆොන්සේකා දාලා රනිල් බේරුණා වගේ ඩලස්ව දාලා සජිත් බේරුණා. ඒ සරල උපක්‍රමය තේරුම් ගන්න බැරි ඩලස්ලා හදන දේශපාලන බලවේග නිකම් විහිළු පමණයි.

ඒකට එකතු වුණෙත් නාලක ගොඩහේවා, චන්න ජයසුමන, චරිත හේරත්, ගුණපාල රත්නසේකර වැනි පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලන ළදරුවන්. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ ඔවුන්ගේ මහලොකු හැකියාවක් නිසා නොවෙයි. ඒ වෙලාවේ වියත්මග බෝඩ් එක දාගෙන කවුරු ඉල්ලුවත් මිනිස්සු ඡන්දය දෙන රැල්ලක් තිබුණේ.

ඔවුන් ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පාවිච්චි කරලා. අන්තිමට එතුමාට ද්‍රෝහී වුණෙත් ඔවුන්මයි. ප්‍රතිපත්තියක් තියෙන වෘත්තිකයන් නම් කිසිවෙකුට ඡන්දය නොදී සිටිය යුතුව තිබුණා.

ඔවුන්ට වඩා හොඳ අපේක්ෂකයන් ඕන තරම් හිටියා. ඒ අයට අවස්ථාව නොදී තමයි පොහොට්ටුව විසින් මොවුන්ට නොමිනේෂන් දුන්නේ. අන්තිමට එහෙම කරපු තමන්ගේ පක්ෂයටත් ද්‍රෝහී වුණා. පාර්ලිමේන්තුවට ආවම හිතනවා මහා ලොකු කෙරුම්කාරයෝ කියලා.

 

ඩිලාන් පෙරේරා ඩලස්ව ඇන්දුවා. ජී ඇල් කියන්නේ නිකම් ෂෝ පීස් එකක් විතරයි. ඔවුන් විසින් ඔය ඩලස් ඇතුළු කණ්ඩායම නන්නත්තාර කරනවා. සජිත් තරම්වත් දේශපාලන මොළයක් නැති ඩලස් විසින් ගෝඨාභය ප්‍රධාන ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් තුනක් දරා තිබෙනවා. එහෙම ඉඳලා අපිට බණ කියනවා සාමූහික වගකීම ගැන.

 

නාලක කියනවා ප්‍රතිපත්තිමය කරුණු නිසා රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්න බැහැ කියා. එතකොට සජිත් ප්‍රේමදාසව අගමැති කරලා ආණ්ඩු හදන්න පුළුවන් මොන ප්‍රතිපත්තියෙන්ද කියා අපි අහනවා. නිකම් අතාර්කික හිස් කතා.

ඒක නෙවෙයි වුණේ. කට්ටිය ලෙසටම රැවටුණා. සජිත්ගේ ගුණ්ඩුවට අහුවුණා. සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න යෝජනා කරපු මහා පරාර්ථකාමී මිනිස්සුන්ට අඩුම ගානේ තමන්ගේ පක්ෂය තුළවත් එකතු වෙලා වැඩකරන්න බැහැ. මොන විහිළුද නාලක!

ලස්සනම වැඩේ තමයි වියත්මග සම්මන්ත්‍රණවල පන්සිල් ගැනීමට විරුද්ධ වුණු අය එක්ක චන්න ජයසුමන එකට දේශපාලන බලවේග හැදීම. අර්බුදයක් ආවම සතුරාට එකතු වෙන මහා ජාතික නායකයෝ…

ධර්මය අපට මග වේවා!

කිසිම වරදක් නොකළ අඬන බබ්බු - එරන්ද ගිනිගේඑරන්ද ගිනිගේ
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 සැප්තැම්බර් 1


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...