The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්

T

The Leader Desk

September 2, 2022 • 10:23 AM

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපට මෑතකදී දකින්න අසන්න ලැබෙනවා ඔබ විසින් දූ දරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරන බව.
  • කොහොමහරි මම 2002 වර්ෂය වන විට ඉන්දියාවේ භාත්ඛන්ඩේ පිහිටි ලක්නව් විශ්ව විද්‍යාලයේ සංගීත විශාරද උපාධිය ලබා ගන්නවා.
  • මම විශ්ව විද්‍යාල විෂයයන් සඳහා හෝ රැකියාව සඳහා හෝ සංගීතය තෝරා නොගත්තත් ජීවිතය සමබර කරගන්න සංගීතය තුලින් පුළුවන් බව මම තේරුම් ගත්තා.
  • ළමා ගී වලට අමතරව යුගයට උචිත ළමා ගීත නාටක පෙළක් ද චැනලයට ඇතුලත් කරන්න කටයුතු කරගෙන යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපට මෑතකදී දකින්න අසන්න ලැබෙනවා ඔබ විසින් දූ දරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරන බව. මම මුලින්ම කැමතියි දැනගන්න ඔබ සංගීතයට යොමුවුණේ කොහොමද?

 

මට මතකයි මං පුංචි කාලේ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න හරිම ආසාවෙන් හිටියා. ඒ අතරේ තාත්තා මට පොල්කටුවක් ලෑල්ලක්  කම්බි හතරක්  එකතු කරලා අමුතු භාණ්ඩයක් හදලා දුන්නා. තාත්තා ඒකට "වයලීනය" යැයි කියූ නිසා මං පොල්කටු වයලීනය කියා එය හදුන්වන්න පටන් ගත්තා. පුළුවන් විදියට පොල්කටු වයලීනයෙන් සද්දයක් උපදවාගෙන මං ඉඳහිට සින්දු කෑලිත් කිව්වා. සංගීතයට මගේ ආශාව සහ උනන්දුව තේරුම් ගත්ත දෙමාපියන් නෑදෑයකුගේ මාර්ගයෙන් පිටරටින් පුංචි වයලීනයක් මට ගෙන්වා දුන්නා. මුලින්ම වයලීනයක් අතට ගනිද්දී මගේ වයස අවුරුදු අටයි. කොහොමහරි මම 2002 වර්ෂය වන විට ඉන්දියාවේ භාත්ඛන්ඩේ පිහිටි ලක්නව් විශ්ව විද්‍යාලයේ සංගීත විශාරද උපාධිය ලබා ගන්නවා. වයස අවුරුදු එකොළහේදී මට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමාපිටිය වැඩසටහනට වයලීන වාදනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.උසස් පෙළ පන්ති දක්වා පාසල් කාලය තුළ සමස්ත ලංකා සංගීත තරඟ සඳහා ඉදිරිපත්වී ජය ලබගෙනත් තිබෙනවා. පසුව රුපවාහිනී ගී කැකුළු වැඩසටහනට සහ සිරස නාලිකාවේ පුංචි පැංචි වැඩසටහනට මා විසින්ම පද රචනා කර තනු නිර්මාණය කළ නව ගීත රැසක් ඉදිරිපත් කරන්නත් හැකි වුණා.

මම විශ්ව විද්‍යාල විෂයයන් සඳහා හෝ රැකියාව සඳහා හෝ සංගීතය තෝරා නොගත්තත් ජීවිතය සමබර කරගන්න සංගීතය තුලින් පුළුවන් බව මම තේරුම් ගත්තා.

 

සංගීත විශ්ව භාෂාවක් ...සංගීතයෙන් මිනිස් හදවත ස්පර්ශ කරන්න පුළුවන් ... සුවපත් කරන්නත් පුළුවන් …

 

ND Production YouTube චැනලයේ අරමුණ විස්තර කළොත් ...

 

ළමුන්ගේ රසවින්දනය ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ඔවුන්ගේ පරිකල්පන ශක්තිය වැඩි කිරීමටත් මම චැනලය තුලින් බලාපොරොත්තු වෙනවා. ළමා ගී වලට අමතරව යුගයට උචිත ළමා ගීත නාටක පෙළක් ද චැනලයට ඇතුලත් කරන්න කටයුතු කරගෙන යනවා. "අයිය මලෝ " මා විසින් චැනලයට එකතු කළ මුල්ම ගීත නාටකයයි. ඊට අමතරව ගායන කුසලතා ඇති දූ පුතුන්ට ඔවුන්ගේ හැකියා පෙන්වීමට අපත් සමඟ එකතු වෙන්න අවස්ථාව තියෙනවා. මේ යුගයේ සුලබව දකින්න තියෙන දෙයක් ළමයින්ට ගැළපෙන ළමා ගීත විරල වීම නිසා ඔවුන් නිතරම වඩාත් වැඩිහිටියන්ට සුදුසු ගීත තෝරා ගැනීම. ඒ තුළ ළමුන්ගේ රසවින්දනයේ සීමා කිරීමක් සිදුවෙනවා. මෙන්න මේ කියන හිඩැස පිරවීමත් ND Production YouTube චැනලයේ තවත් එක මුලික අරමුණක්.

 

චැනලයේ නිර්මාණ සඳහා පද රචනය සහ තනු නිර්මාණය ඔබ විසින්ම කරන බව සඳහන් වෙනවා... ඒ ගැනත් පුංචි සටහනක් තබමුද?

 

ඔව් ... මෙතෙක් මගේ නිර්මාණ, ගීත, ගීත නාටක, කතා මේ හැම එකක්ම රචනා කළේ මා විසින්මයි. මම දැනට වසර විසිපහක පමණ කාලයක සිට පුවත්පත් වලට ලිපි, පරිවර්තන, සහ ළමා ප්‍රබන්ද නිර්මාණය කිරීමේ යෙදී සිටිනවා. ලේඛන කලාව තුළ දිගින් දිගට රැදී සිටීමෙන් ලැබූ අත්දැකීම් මට චැනලයට නිර්මාණ බිහි කරන්න උදව් වෙනවා. ළමුන් අරමුණු කර නිර්මාණ කිරීමේදී හිතන්න දේ බොහෝයි. ඒ විතරක් නෙවෙයි එදා අපි පුංචි කාලේ සිටි ළමයා නොවෙයි අද ළමයින්. ඉතිං අනෙකුත් සියළු දේ වගේම සංගීත චිත්‍ර කලාවත් යුගයට අනුව ගලපා ගත යුතු වෙනවා.

 

අප දකිනවා නිර්මාණ සඳහා ඉතා අලංකාර සිත් ඇද ගන්නා සුළු රුප රාමු පෙළක් ද එකතු කරලා තිබෙනවා. ඔබ කොහොමද එම නිර්මාණ සඳහා දැනුම ලබා ගත්තේ ?

 

විශේෂයෙන් පන්ති ගිහින් චිත්‍ර කලාව ප්‍රගුණ නොකලත් මට තාත්තාගෙන් චිත්‍ර හැකියාව දායාද වෙලා තියෙන්නේ. චිත්‍රයක් රාමුව තුළ සමබර කරන සැටිත් වර්ණ ගලපන ආකාරයත් මා ඉගෙනගත්තේ ඔහු දිනපතා චිත්‍ර කතා අඳින සැටි බලාගෙන ඉඳලයි.

 

මෙහිදී මුලින්ම ගීතයට අනුව විශේෂ අවස්ථා හඳුනාගෙන රූප රාමු පෙළ ගස්වා ගත යුතුයි. පසුව රූප රාමු එකින් එක විචිත්‍රවත් ලෙසින් සකස් කරන්න ඕනෑ. ළමා මනසට සුදුසු චිත්‍ර, වර්ණ,හැඩතල යොදන්න මම නිතරම උත්සහ ගන්නවා මගේ රූප රාමු තුළට ළමයා හෝ වැඩිහිටියා කොටු නොකර අදාල සිද්ධිය පමණක් ඉස්මතු කරන්න තමයි මා හැමවිටම සිතන්නේ. කෙනෙකුට පෙනෙයි එකම චරිතය සඳහා මා විසින් වෙනස් රූප යොදා ඇති බව. "අයියා මලෝ" ගීත නාටකයේ මී අයියා සහ මල්ලී සඳහා සැමවිටම එකම චරිත යොදාගෙන නැහැ. සැබෑ ලෝකයේදී අපගේත් පෙණුම අවස්ථාව සහ අප සිටින ස්ථානය අනුව වෙනස් වෙනවා. හැම මොහොතකම සිදුවන මේ වෙනස අපේ පියවි ඇසට නොපෙනුනාට නිර්මාණ තුළින් ඒ බවත් තේරුම් කරන්න මා වෙර දරනවා...

 

අනික ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට සිතෙහි සිතුවමක් මවා ගෙන එය රසවිඳින්න නිදහස තියෙන්න ඕනෑ. එහෙම කළොත් අලුත්, වෙනස් විදියට හිතන්න පුළුවන් සමාජයක් ගොඩනැගේවි. 

 

කෙසේ නමුත් රූපරාමු සජිවිකරණයේදී (animation) වුවමනා තාක්ෂණික දැනුම මා ලබා ගන්නේ මගේ සැමියාගෙන්.

 

ඔබ දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරියක ලෙසින් කටයුතු කරන අතර තවත් බොහෝ සමාජ සේවා කටයුතු වලද නිරත වෙනවා. මේ අතරේ කලා කටයුතු සඳහා කාලය සොයාගන්නේ කොහොමද?

 

හැමෝම නිතරම කියන දෙයක් තමයි අපිට කාලය නැහැ කියන එක. මම හොඳින් දන්නවා පැය විසිහතරයි දිනකට තියෙන්නේ. හැබැයි හරියට කළමනාකරණය කර ගත්තොත් ඒම පැය විසිහතර පැය හතලිස් අටක් කරන්න පුළුවන්. මේ ළඟදී වර්තමාන රටේ පවතින අර්බුදයත් සමඟ මටත් වාහන තෙල් පෝලිමේ පැය තුන හමාරක් පමණ රැදෙන්න සිද්ධ වුණා. හැබැයි මම පෝලිමෙන් එළියට ආවේ ළමා ගීතයකුත් රචනා කරගෙනයි. කාලය තියෙනවා. අපි සොයාගන්න ඕනෑ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...