The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

අරගලය සහ ණයට ගත් කේතලය - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

September 2, 2022 • 6:11 PM

අරගලය සහ ණයට ගත් කේතලය - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන් කේතලය ලබා ගන්නා විටද එය පළුදු වී තිබිණ.
  • එනම්, මා ඔබට පළුදු වූ කේතලයක් ලබා දී තිබෙන බවයි.
  • මර්දනයේ ආඛ්‍යානය ෆ්‍රොයිඩ්ගේ ණයට ගත් කේතලය පිළිබඳ විහිළුවද ඉක්මවා යන තරමේ හාස්‍යජනක ස්වරූපයක් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අරගලකරුවන් කිහිපදෙනෙකු ත්‍රස්ත විරෝධී පණත යටතේ රඳවා තබාගැනීම ගැන ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුව ඉදිරිපත් කරන ලද හේතු දැක්වීම තුළ ගැබ්ව තිබේ.
  • මෙය ලියන මා මෙන්ම කියවන ඔබවද එසේ අත්අඩංගුවට ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන් කේතලය ලබා ගන්නා විටද එය පළුදු වී තිබිණ.

ඉහත කියමන් තුන මුළුමනින්ම එකිනෙකට පරස්පරය. නමුත්, මේ පරස්පර හේතු දැක්වීම් නිසාම ඒවායින් සඟවන්නට උත්සාහ දරන කාරණය වඩාත් සනාථ වේ. එනම්, මා ඔබට පළුදු වූ කේතලයක් ලබා දී තිබෙන බවයි.

මේ දිනවල ආණ්ඩුවේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් අරගලය සහ අරගලකරුවන් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන කියා පෑම්ද මෙවැනිය.

අරගලකරුවන් යනු කොණ්ඩා සහ රැවුල් වවාගත් කුඩුකාරයින්, ගංජාකාරයින් සහ අරාජකවාදීන් ය; ඔවුන් හිංසාකාරීව හැසිරෙමින් පොදු දේපළවලට සහ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකොට රාජ්‍ය බලය ලබා ගැනීමට ප්‍රයත්න දරා තිබේ; ඔවුන් කිසියම් පක්ෂයකට අයත් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීන් පිරිසකි; ඔවුන් ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි නාන තටාකයේ ස්නානය කොට රටේ කීර්ති නාමයට කැළලක් සිදු කර තිබේ.


මෙවැනි අසංගත හේතු දැක්වීම් රාශියක් ගෙන හැර දැක්වීමෙන් සනාථ වන්නේ ඒවායින් සඟවන්නට ප්‍රයත්න දැරෙන කාරණයම මිස අන් කිසිවක් නොවේ. එනම්, අරගලකරුවන් වෙත රාජ්‍ය මර්දනයක් දියත් කොට තිබේය යන්නයි.


නොඑසේනම්, මෑතකදී දයාන් ජයතිලක ලියා තිබූ පරිදි රාජ්‍ය බලය ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ සංවිධානාත්මක පිරිසක් තීරණාත්මක මොහොතේදී එම අදහස අතහැර දමා ජනාධිපති මන්දිරයේ ස්නානය කිරීමට තීරණය කළාය වැනි කතාවක වෙනත් අරුතක් තිබිය හැකිද?



මර්දනයේ ආඛ්‍යානය   

dfgtrt


ෆ්‍රොයිඩ්ගේ ණයට ගත් කේතලය පිළිබඳ විහිළුවද ඉක්මවා යන තරමේ හාස්‍යජනක ස්වරූපයක් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අරගලකරුවන් කිහිපදෙනෙකු ත්‍රස්ත විරෝධී පණත යටතේ රඳවා තබාගැනීම ගැන ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුව ඉදිරිපත් කරන ලද හේතු දැක්වීම තුළ ගැබ්ව තිබේ.

ඒ අනුව, වසන්ත ඇතුළු පිරිස මාස තුනක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සඳහා ජනයා පෙළඹවීම, රජය පෙරළා දැමීම අරමුණු කොටගෙන පොදු සහ පුද්ගලික දේපළවලට හානි සිදු කිරීම (!), පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන් සතු ආයුධ පැහැර ගැනීම යන වැරදිවලට ඔවුන් සම්බන්ධදැයි සොයා බැලීම සඳහාය.

මේ හේතු දැක්වීම අනුව දැන් පොලීසියට කැමති ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ හැකිය. මෙය ලියන මා මෙන්ම කියවන ඔබවද එසේ අත්අඩංගුවට ගත හැකිය.

මන්දයත්, ඒ සඳහා ඉදිරිපත් කරන හේතු දැක්වීම වන්නේ මා හෝ ඔබ කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට ඇතැයි සාධාරණ සැකයක් හෝ චෝදනාවක් පවතීය යන්න නොවේ. හුදෙක් අප එවන් ක්‍රියාවක් සිදු කොට තිබේදැයි සොයා බැලීමට තීරණය කොට තිබේය යන්නයි.



මේ තර්කය සිහියට නංවන්නේ තම ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට එක්සත් ජනපද ජනපතිවරයා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද අබූත හේතු දැක්වීම්ය.


 ඔවුන් පළමුව ප්‍රකාශ කළේ සදාම් හුසේන් සතුව සමූහ ඝාතක අවි පවතීය යනුවෙනි. ඒ සඳහා කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති වූ විට සදාම් සතුව එවන් අවි පවතීදැයි සොයා බැලිය යුතු යැයි පවසන ලදී. සැබවින්ම ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුවද එවන් අවියක් කිසිවෙකුටත් සොයා ගත හැකි වූයේ නැත.

නමුත්, කිසිවෙකුත් දැන නොසිටි සහ කිසිවෙකුටත් සොයා ගත නොහැකි වූ 'සමූහ ඝාතක අවි' නමැති අද්භූත ප්‍රබන්ධය, යථාර්තය තුළ සොයා යාමේ මෙහෙයුමක් ලෙස කුරිරු යුද්ධයක් දියත් කෙරිණ.

ශිෂෙක් මෙම ඉරාකයේ පැවතියා යැයි කියන ලද සමූහ ඝාතක අවි පිළිබඳ කතාන්තරය වත්මන් යුගයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වීමේ සංකීර්ණ ආකාරයක් බව පෙන්වා දෙයි. නොපවතින සමූහ ඝාතක අවි පිළිබඳ කතා ආඛ්‍යානය වටා සමස්ත ඇමෙරිකානු යුද මෙහෙයුම සංවිධානය කළ හැකි විය.

එසේම මෙය වත්මන් යුගයේ මාධ්‍ය මගින් සමාජ දෘෂ්ටිවාද හැඩ ගැස්වීම ගැනද නිදසුනකි.

noam chomskyනෝම් චොම්ස්කි

නෝම් චොම්ස්කි අසන වැදගත් ප්‍රශ්නයක් වන්නේ නවීන විද්‍යුත් මාධ්‍යවල බහුලත්වයක් පැවති එක්සත් ජනපදය තුළ විසූ අති බහුතර ජනතාවක් ඉරාකයේ සමූහ ඝාතක අවි පැවතියා යැයි විශ්වාස කිරීම අප තේරුම් කරන්නේ කෙසේද යන්නයි.

මාධ්‍යවල බහුලත්වයක් පැවති පමණින් අධිකාරීමය ලෙස පුවත් ප්‍රබන්ධ කිරීමේ හැකියාව අඩු වී ගොස් නැත.



මේ දිනවල ලංකාව තුළද සිදුවෙමින් පවතින්නේ රාජ්‍ය මර්දනය යුක්ති සහගත කිරීම සඳහා උපකාරී වන එවන් කතා ආඛ්‍යානයක් අධිපති මාධ්‍ය ඔස්සේ ක්‍රමානුකූලව ගොඩ නැංවීමයි.



එම කතා ආඛ්‍යානයට අනුව පළමුව සාමකාමී වූ පුරවැසි අරගලය තුළට නොදන්නා කුමන්ත්‍රණකාරී සංවිධානාත්මක පිරිසක් මැදිහත් වී හිංසාකාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගන්නට ප්‍රයත්න දරා ඇත.

සාමකාමී අරගලකරුවන් සහ ප්‍රචණ්ඩ අරගලකරුවන් යන බෙදීම මෙම කතා ආඛ්‍යානය සඳහා අවශ්‍ය වන්නකි.

 නමුත්, ඉතාම ප්‍රචණ්ඩ කුමන්ත්‍රණකරුවන් ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගනිමින් සිටින්නේ විවෘතව මහජන අවකාශය තුළ පෙනී සිටිමින් ප්‍රජාතාන්ත්‍රික විරෝධතාවල යෙදුණු ශිෂ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ය.


හේයි ජිනීවා!

දැන් මර්දනය ක්‍රියාත්මක වන්නේ උපායික දැක්මක් සහිතවය. එය ඇතැම් තෝරාගත් පක්ෂ, සංවිධාන සහ පුද්ගලයින් ඉලක්ක කරන අතර සෙස්සන් මග හැර යයි.

අරගලකරුවන්ගෙන් තෝරා ගත් කොටසක් අපරාධකරුවන් ලෙස නාමකරණය කරන අතරම, ජනපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවලට සර්ව-පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා ඇරයුම් කරයි.


මෙම උපාය තුළ එක් අතකින් ජවිපෙ සහ පෙසප අතර ඉරක් අඳිමින් තිබෙන්නේ හොඳ ළමයි සහ නරක ළමයි පිළිබඳ දෘෂ්ටිවාදී වෙනසක් ගොඩ නගමිනි. ඒ අතරම, ජවිපෙ නායකත්වය සහ එහි තරුණ/ශිෂ්‍ය අංශ අතරද එවන් සියුම් ඉරක් අඳිමින් තිබෙන බවක් පෙනේ.

 

පසුගිය අගෝස්තු 30 වනදා අන්තරය සහ බහුජන සංවිධාන එකතුවක් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය කැපී පෙනෙන ලෙසම මර්දනයේ නව උපායික තෝරා ගැනීමක් සලකුණු කරයි. එනම්, විරෝධතාකරුවන්ගේ ශාරීරික බලයට වඩා අධික බලයක් භාවිත කොට විරෝධතාකරුවන් පසුබසින විටදී පවා ඔවුන් මත ප්‍රහාරාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි.

මෙය මෙතෙක් කලක් පොලීසිය බැරියර් පසුපස සිට මහජන විරෝධතාවලට මුහුණ දුන් ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය.

මෙහි අරමුණ වන්නේ විරෝධතාකරුවන් අනපේක්ෂිත ලෙස විමතියට පත් කොට ඔවුන් ප්‍රහාරාත්මක අඩියක සිට ආරක්ෂාකාරී අඩියක් දක්වා හැරවීම විය හැකිය.

නමුත්, මෙම නව ප්‍රවේශයේ නොවැලැක්විය හැකි ප්‍රතිපලය වන්නේ සාමකාමී විරෝධතාවක් විවෘත වීදි සටනක් බවට පරිවර්තනය වීමය. එසේම, සමාජ මාධ්‍යවලටත් බාහිර ලෝකයටත් පුළුල් ලෙස විවෘත වූ අද වන් යුගයක මෙවන් දරුණු මර්දන උපායන් විසින් ඉක්මන් කෙරෙනු ඇත්තේ අරගලකරුවන් වෙත යළිත් මහජන අනුකම්පාව සහ සහාය හිමි වීමේ ක්‍රියාවලියයි.

serer
මෙය එක් අතකින් මෙරට වාමාංශයට මෙතෙක් මග හැරී තිබුණු එක් වැදගත් අත්වැලක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක්ද විය හැකිය. එනම්, කොළඹ ආශ්‍රිත ඊනියා එන්.ජී.ඕ ලිබරල්වාදී බල තන්ත්‍රය මග හැර යමින් ගෝලීය මානව අයිතීන් ව්‍යාපාර සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග වෙත සෘජුව ආමන්ත්‍රණය කිරීමට ලැබී ඇති අවස්ථාවයි.


වික්‍රමසිංහ පාලනය සමග නිහඬ අනුමැතියක් දක්වමින් මර්දනකාරීත්වය වක්‍රව ආරක්ෂා කරමින් සිටින විදේශ ආධාර ලබන ලිබරල් සංවිධානවල භාවිතය ගැන ඔවුනට ආධාර සපයන මව් සංවිධාන වෙත දැනුම්දීමටද මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකිය.

ස්වදේශික රැඩිකල් වාමාංශය සහ ගෝලීය මානව අයිතීන් ව්‍යාපාර අතර ගොඩ නැගෙන නව සම්බන්ධයක් විසින් මෙරට ප්‍රජාතන්ත්‍රීයකරණය වෙතට කලින් අප නොදැන සිටි මාවතක් ඇතැම් විට විවෘත කරගත හැකි වනු ඇත.            

sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...