The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

නො'රොක්' නොවනු පිණිස - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 3, 2022 • 7:11 AM

 නො'රොක්' නොවනු පිණිස - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය මගේ කුළුඳුල් විදෙස් ගමන විය.
  • යට කී පුහුණුව පැවැතියේ පිලිපීන එඩ්සා අරගලයේ (එඩ්සා යනු මැනිලාවේ ප්‍රධාන වීථියක කෙටි නමකි) ප්‍රතිඵලයක ලෙස ඒකාධිපති ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් හා කුප්‍රකට ඉමෙල්ඩා ආර්යාව 'ගෙදර' යැවුණු කාලයේ ම ය.
  • එම නිසා අප 'ගෙදර යැවූ' බවට කැරෙන පාරම්බෑම් ගත යුත්තේ ලුණු ඩිංගක් එක්ක ය.
  • පුහුණුවේ සම්පත්දායකයෝ ලෙස බොහෝමයක් සිටියෝ පිලිපීනයේ නිව් පීපල්ස් ආ(ර්)මි හී ක්‍රියාකාරිකයෝ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය මගේ කුළුඳුල් විදෙස් ගමන විය. කටුනායක සිට මැනිලාව දක්වා සියළු සිදුවීම් බොහෝමයක් මට මැජික් විය. යට කී පුහුණුව පැවැතියේ පිලිපීන එඩ්සා අරගලයේ (එඩ්සා යනු මැනිලාවේ ප්‍රධාන වීථියක කෙටි නමකි) ප්‍රතිඵලයක ලෙස ඒකාධිපති ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් හා කුප්‍රකට ඉමෙල්ඩා ආර්යාව 'ගෙදර' යැවුණු කාලයේ ම ය.

පිලිපීනයේ 'ගෝල්පීසය' වූයේ එඩ්සාව ය.

මාර්කෝස්ගේ වසර දාහතරක දුර්දාන්ත පාලනයත් අසීමිත දූෂණයත් සමග සසඳන විට හිටපු ජනපති ගෝඨාභය අත දරුවෙකි. එම නිසා අප 'ගෙදර යැවූ' බවට කැරෙන පාරම්බෑම් ගත යුත්තේ ලුණු ඩිංගක් එක්ක ය.


කෙසේ හෝ, මා සමග පුහුණුවට අවුත් තිබුණේ ආසියාවේ තරුණ හා ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයින් ය. එහි දී වඩා කැපී පෙනුණේ දකුණු කොරෝයාවේ චුන් දෝ-හ්වාන් ඒකාධිපති හා ග්වන්ජු අරගලයේදී ගැටුණු තරුණ තරුණියෝ ය.

පුහුණුවේ සම්පත්දායකයෝ ලෙස බොහෝමයක් සිටියෝ පිලිපීනයේ නිව් පීපල්ස් ආ(ර්)මි හී ක්‍රියාකාරිකයෝ ය. සවස් භාගයේ අපගේ කාලය ගෙවුණේ 'ලම්බනෝ' නම් කසිප්පු වැනි පානයකින් සන්තර්පණය වී ගී ගැයුමට ය.

දිගු කලක් ස්පාන්ඥ යටත් විජිතයක් ව තිබූ පිලිපීනයේ වැසියන්ගේ බහුතරයකට ස්පැනිෂ් ගිතාරුව ඔවුන්ගේ සිරුරේ ම කොටසකි. පිලිපීන දේශපාලන සටන්වල සංගීතය නෛසර්ගික සංඝටකයක වන්නේ එබැවිණි. විවිධ සංගීත ශානර අනුප්‍රාණයෙන් එම විරෝධතා සංගීත නිර්මාණ කැරෙන අතර  'රෙබෙල් රොක්' (rebel = කැරලිකාර) කියා ඔවුන්ගේ ම අනුශානරයක් ඒ කාලයේ ඉස්මතු ව තිබිණ.


Punk rock
පිලිපීනයේ රාත්‍රී සමාජ ශාලා යනු ධනවත් බලවත් වරප්‍රසාදිතයින්ට පමණක් සීමා වූ අවකාශ නොවේ. ආන්තික සාමාජ  දේශපාලන කණ්ඩායම් තමන්ගේ ම රාත්‍රී සමාජ ශාලා තනා ගෙන ව්‍යාපාරයක් ලෙසත් සාර්ථක ව පවත්වාගෙන යනු දක්නට ලැබේ.

 තමන්ගේ අනන්‍යතාවයට ම ගැලැපෙන නමකින් පවත්වාගෙන යන එවැනි ප්‍රසිද්ධ අවකාශයක වන්නේ 'ද කොන්ස්පිරසි' ( = කුමන්ත්‍රණය) ය.


වාමාංශික, වෘත්තීය සමිති, කැරලිකාර හා මෙකී නොකී ඔඩ්-බෝලයන්ට හා මිස්ෆිට්වරුන්ට සන් මිගෙල් බීර බකට්ටුවක දෙකක ගසා සංගීතයෙන් ද මත් වීම මැනිලා ටයිම්ස් පත්තරයට ප්‍රවෘත්තියක නොවේ. පිලිපීන වාමාංශිකයින් අඩියක් ගසන්නේ වට පිට බලා පාපයක් කරන ගිලිටිමය හැඟුමෙන් නොවේ.  පව් කමා කරන්නට මෙන්, පානය පහලට ගිය වහා ම උගුර කාරා, අසල පඳුරකට කෙල තලියක් ගසන ලාංකීය වාමාංශික අභිචාරය ද පිලිපීනයේ දක්නට නැත.

 

මේ පැරණි රසාංගය මගේ මතකයට මතු වුණේ මීට සති කිහිපයකට පෙර නුගේගොඩ පැවැති ඊනියා වාමාංශික දේශපාලන රැස්වීම් වේදිකාවක මැදිවිය එළිපත්තේ සිටින යුවලක කළ සංගීතමය අයිතමයක් නිසා ය.


302145036 10159603218879473 4790495888885064622 nයට කී යුවලේ කාන්තාව හැඳ සිටියා කළු ටීෂර්ටයකි. එහි මුහුණත කැලිපොනියානු හාර්ඩ්-රොක් සංගීත කණ්ඩායමක වන ගන්ස් ඇන්ඩ් රෝසස් (Guns n Roses),  හී කුළුඳුල් ඇල්බමය වූ ඇපිටයිට් ෆොර් ඩිස්ට්‍රක්ෂන් = විනාශ කරනට ඇත්තේ මහත් බඩගින්නකි) හී පිටකවරයේ අනුරුවක් මුද්‍රණය වී තිබිණ.

එය තරමක් විශාල කමිසයක් නිසා ගායිකාව සයිඩ් ගැටයක් ගසා තිබුණ අතර, ඇපිටයිට් ෆොර් ඩිස්ට්‍රක්ෂන් පාඨය තරමක් හැංගුණ ගානට තිබිණ.

 පුරුෂයා හැඳ සිටි ටීෂර්ටයේ මුහුණත ලියවී තිබුනේ ඔතෙන්ටික් ගැප් හෙවත් 'අව්‍යාජ පරතරයක්' යන්න ය.

ඉමේජරි හෙවත් රූප භාෂාවේ දේශපාලනය ගැන කුතුහලයක් ඇති මා මේ ගැන සමාජ මාධ්‍යයේ කෙටි සටහනක් තැබීමි.

මා කීවේ මේ යුවල සමහර විට නිදි වැරූ දිගු රැයකින් අනතුරු ව ප්‍රමාද ව අවදි වී, වැලේ වනා තිබූ කමිස දෙකක් හදිස්සියේ හැඳ නුගේගොඩට එන්නට හැකි බවත්, ඒ නිසා ඔවුන්ගේ ඉනෙන් ඉහල ලියැවුණු දේ බරපතල දේශපාලන පණිවිඩ ලෙස නොගත යුතු බවයි.

මගේ පෝස්ටුව කියැවීමෙන් අනතුරු ව, මගේ පෝස්ටුව ගැන ද සඳහනක් කර, මට වඩා රොක් ගැන ද දේශපාලනය ගැනද හොඳින් දන්නා සබරගමු සරසවි ඇදුරෙක් 'ජවිපෙ අහන රොක්' මැයින් ඉතා ගැඹුරු විග්‍රහයක් කළ අතර එහි අදාළ කොටස් පහත දැක්වේ:  


"මම හිතන්නේ නැහැ මම දන්නා ජවිපෙ රොක් අහනවා කියල. රොක් සංස්කෘතිය ගැන අධ්‍යනය කරනව කියල. ඒ ගැන කියවනවා කියල. ලියල තියනවා කියල. හෝ පැලවත්තේ තියනවා කියන කාර්යාලේ රොක් ඇල්බම් තියනවා කියල. එයාල කවදාවත් රොක් මියුසික් ලංකාව ඇතුලේ ප්‍රචලිත කරන්න වැඩ කරලා නැහැ......අවම වශයෙන් අර අන්තිම කොටියා මරන්න ඕනි කියල වේදිකා දෙවනත් කරලා බෑගිරි ගහපු ටිල්වින් රොක් අහනවා කියල මම හිතන්නේ නැහැ..... මින් කියවෙන්නේ නැහැ ජවිපෙට රොක් අහන්න අයිතියක් නැහැ කියල. හැබැයි ඔයාලට හිතෙන්නේ නැද්ද ගන්ස් ඇන්ඩ් රෝසස් එයාලට ගොඩක් දුරයි කියල. එයාල ඒ වේදිකාවේ දිගහැරෙන්න දෙන්නේ එයාලගේ ඇත්තම ජීවිතේ දෙයක් නෙවෙයි. ආගන්තුක දෙයක්. තමන් නොදන්නා දෙයක් උණත් තමන්ගේ වේදිකාවේ කරන්න ඉඩ දීපු එක ගැන යම් රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනි....ඇත්තටම බොක්කට වදින්නේ නැති දෙයක් යම් තැනක පවතී කියල මට හිතන්න බැහැ. මේක නිකම් ආගන්තුක සයින්ස් (signs) ටිකක් එල්ලා ගැනීමක් විතරයි. මට ඇහුණේ එයාල රනිල්ට පොඩි චන්ඩි පාට් එකක් දැම්ම වගේ එකක්. අඩෝ අපි අහන්නේ රොක් හරිද ඩෝ වගේ එකක්."

විචක්ෂණ හා සම්මතයෙන් එහා සිතිය හැකි බුද්ධිමතෙකු වූ ඔහුගේ අදහස් සමාන්‍යයෙන් හාර්ඩ්-රොක් (සංගීත අර්ථයෙන් නොව වාච්‍යර්ථයෙන්, එනම්, ගල්-වුණු) වී ඇති ජවිපෙ මනස් ද තරමක් මෙළෙක් කළ බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් වටහා ගත හැකි ය.  

තම හැබිචෝල් ඩිපෙන්සිව් වාග් ඉස්ට්‍රොක් වලින් වැළකී සබරගමු ඇදුරු පන්දුව නිදැල්ලේ යන්නට ඉඩ හැරී ය.dfgsdfgdfg

එක අතකට ඇදුරා කියන ජවිපෙට-රොක් ආගන්තුක බව රටට ද සෑම සියළු දෙනාට ම වෙස් වලාගත් ආශිර්වාදයකි.  බැරි වෙලාවත් ඒ ආගන්තුක බවින් මිදී, බොරු-සෝ එකට නොව රොක් සංගීතයේ නියම නිල අල්ලා, එය ඉන්ඩිජෙනයිස් හෙවත් දේශීයකරණය කර, ගන්ස් ඇන්ඩ් රෝසස්, "ගල්කටස් හා එරබුදු" ලෙස හාර්ඩ්-වයලන්ට් දේශපාලන ඇල්බමයක් මුදා හළහොත් වන විනාසය වටහා ගැනුමට අප වැඩි දුර යා යුතු නැත.

ගන්ස් ඇන්ඩ් රෝසස් හී ඔරිජිනල් "විනාස කරන්න ම යි බඩගින්න" ඇල්බමය නිකුත් වූ 1987 වසරට ගියා නම් හොඳට ම ප්‍රමාණවත් ය.

 මෑතක දී පාර්ලිමේන්තුව අත්පත් කර ගැනුමට වෙර දරා, එය ව්‍යර්ථ වීමෙන් පසු ව ඇති වූ කලබගෑනියේදී අතුරුදහන් වූ හමුදාවේ ගිණි අවිය බේස් ගිතාරුවක් ලෙස යොදා ගැනුමට සැලැසුමක් තිබූ බවට පැතිරෙන කතා ගොසිප විය හැක.

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
Udan

 

 

 

ජවිපෙ අහන රොක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නො'රොක්' නොවනු පිණිස - (උදන් ප්‍රනාන්දු) | The Leader