The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ගෝර්බචොෆ් : රතු යුටෝපියාවේ ලෙන් දොර බිඳ දැමූ ප්‍රජාතන්ත්‍රවාදියා

T

The Leader Desk

September 4, 2022 • 3:14 PM

ගෝර්බචොෆ් : රතු යුටෝපියාවේ ලෙන් දොර බිඳ දැමූ ප්‍රජාතන්ත්‍රවාදියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම නාට්‍ය කරුවෙකු නාට්‍ය බූමිකාව සහ එහි චරිත වර්ගයා භෞතිකව නිර්මාණය කිරීමට පෙර කතාවස්තුවේ සහ චරිත වර්ගයාගේ සාරය සිත තුල මවාගනී.
  • පුනරුදයෙන් ඉක්බිති යුරෝපයේ ඇතිවූ ජාතිකවාදී නැගීම විසින් ඇතිකල පලමු ලෝක යුද්ධය සහ ඒ හරහා රුසියානු හා ජර්මන් කළාපවලට එල්ල කල බලපෑමේ ප්‍රතිවිරුද්ධ ජර්මානු හා රුසියානු ජාතිකවාදයේ හැඟීම්බර දේශපාලන ප්‍රතිචාරය වූකලී නාසිවාදය සහ බොල්ෂෙවික්වාදයයි.
  • රුසියාව ඇමරිකානු අනෙකා සමඟ සිය බලය පෙන්වීමේ නිරවි අජඨාකාස සංදර්ශන සඳහා සහ සීතල යුද්ධයට ඇවැසි යුධ සූදානමට අවශ්‍ය අතිරික්තය උද්දරනය කරගත්තේ කුසගිනි, රට වැසියාගෙ ශ්‍රමය අමානුෂික ලෙස සූරාගනිමිනි.
  • "බොල්ෂෙවික්වාදය" යනු අන් කවරක්වත් නොව රුසියානු දිළින්දන්ගේ ශ්‍රම අතිරික්තය නැවත ඒකරාශී කරගහැකි ආකාරයෙන් ශ්‍රම කොල්ලය සමාජවාදය ලෙසින් වෙස්ගන්වාගත් රුසියානු ෆැසිස්ට්වාදයයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඕනෑම නාට්‍ය කරුවෙකු නාට්‍ය බූමිකාව සහ එහි චරිත වර්ගයා භෞතිකව නිර්මාණය කිරීමට පෙර කතාවස්තුවේ සහ චරිත වර්ගයාගේ සාරය සිත තුල මවාගනී.

යථා ලෝකය සම්බන්ධයෙන් එය වෙනස් වන්නෙ යථා ලෝකයේ සහ තත්‍ය මිනිසාගේ සාරය පූර්වයෙන් නිගමනය කරන කිසිවෙකුත් නොමැති වීමත් ඒවායේ පූර්ව නිගමන ලබා දෙන්නේ නිශ්පාදන බලවේගවල ප්‍රගමනයේ හා පසුබැසීම්වල බෞතික වටපිටාව විසින් වීමත්ය..

 

ඒ අනුව ගත්කල ලෝක ඉතිහාසය යනු හොඳ හෝ නරක මිනිසුන් විසින් රචිත හා රඟ දක්වන නාටකයක් නොව නිශ්පාදන බලවේගවල ඒ ඒ කාලවකවානුවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඒ ඒ  බූමිකාවන් හා පෞර්ෂයන්  යොදා ගැනීමක් පමණි. කොටින්ම සාරාර්ථයෙන් ගත් කල ඉතිහාසය තුල ඉතිහාස නිමැවුම් කරුවන්ගේ පුද්ගල ස්ව්ච්චන්දතාවය අදාලම නැත.




"බොල්ෂෙවික් වාදය" සහ "නාසිසිවාදය" යන ප්‍රස්තුතයන් දෙකම සම්භවය ලබන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ බලපෑමට සමානවම හසුවූ නිශ්චිත කළාපයකදීය..

පුනරුදයෙන් ඉක්බිති යුරෝපයේ ඇතිවූ ජාතිකවාදී නැගීම විසින් ඇතිකල පලමු ලෝක යුද්ධය සහ ඒ හරහා රුසියානු හා ජර්මන් කළාපවලට එල්ල කල බලපෑමේ ප්‍රතිවිරුද්ධ ජර්මානු හා රුසියානු ජාතිකවාදයේ හැඟීම්බර දේශපාලන ප්‍රතිචාරය වූකලී නාසිවාදය සහ බොල්ෂෙවික්වාදයයි.



fgdgdfrrඓතිහාසිකව ගත්කල හිටලර් හෝ ස්ටාලින් යනු කිසිසේත්ම ඉතිහාස අහම්බකාරක නොවේ.

හිට්ලර් නග්න නාසී කෲරත්වය වසාගැනීමට මතුපිටින් තවරාගත් වාක්‍ය පාඨය ජාතික සමාජවාදය නැමති යුටෝපියානු වාග්‍යාලංකාරයයි..එය රුසියාවේදී බොල්ෂෙවික් සමාජවාදය නැමති යුටෝපියානු  අලංක්‍රෝක්තියෙන් හැඩ ගන්වා තිබින.

තේමාව කුමක් උවත් අන්තර්ගතයේ කම්කරුවන් මිරිකා උද්දරනය කෙරෙන ශ්‍රම කොල්ලයක් අධිනිශ්ච්චය වේ නම් එය නග්න පැසිස්ට් වාදයයි.

ඓතිහාසිකව ගත්කල හිටලර් හෝ ස්ටාලින් යනු කිසිසේත්ම ඉතිහාස අහම්බකාරක නොවේ.

ඔවුන් ජර්මානු සහ රුසියානු ජාතිය ඇමරිකන් විරෝධී උත්කෘෂ්ඨයකට නැංවීමේ ව්‍යාපෘතියේ රුදුරු අවමානුෂික කරනය උදෙසා පහලවූ සමාන ඉතිහාස නිමැවුම්ය.



රුසියාව ඇමරිකානු අනෙකා සමඟ සිය බලය පෙන්වීමේ නිරවි අජඨාකාස සංදර්ශන සඳහා සහ සීතල යුද්ධයට ඇවැසි යුධ සූදානමට අවශ්‍ය අතිරික්තය උද්දරනය කරගත්තේ කුසගිනි, රට වැසියාගෙ ශ්‍රමය අමානුෂික ලෙස සූරාගනිමිනි.



රුසියානු කම්කරුවන්ට පෙන්වූ අනාගත කොමියුනිස්ට් දේශය වනාහී පූජකයා අනුගාමිකයන්ට (වර්තමානයේ කනකර අතගාගනිමින් ) මරණයෙන් මතු පෙන්වන ස්වර්ග රාජ්‍යයේම තවත් අත් පිටපතක් පමණි.

දිළින්දන් ආශීර්වාද ලද්දෝය..මක්නිසාද යත් ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය...නිලධාරීන්ට හෝ ධනපතියන්ට එවන් නොපෙනෙන අනාගතයේ පවතින ස්වර්ගයක් අවශ්‍ය නැත....මන්ද, ඔවුන් දැනටමත් ජීවත්වෙන්නේ කම්කරු දාහයෙන් ගොඩ නැංවූ ජීවමාන ස්වර්ගයකය.



"බොල්ෂෙවික්වාදය" යනු අන් කවරක්වත් නොව රුසියානු දිළින්දන්ගේ ශ්‍රම අතිරික්තය නැවත ඒකරාශී කරගහැකි ආකාරයෙන් ශ්‍රම කොල්ලය සමාජවාදය ලෙසින් වෙස්ගන්වාගත් රුසියානු ෆැසිස්ට්වාදයයි.



හිට්ලර් යනු මිලියන හතකට අධික මිනිසුන් ප්‍රමාණයක් සචේතනිකවම මරාදැමූ ලොව විසූ දරුණුම ඝාතකයාය.

ස්ටාලින්ද ඊට නොදෙවෙනිව සංඛ්‍යාලේඛන පවා නැති ඊටත් අධික පිරිසක් අභිරහස් ලෙස ඝාතනය කල ඝාතකයෙකි.

වෙනෙකක් තබා ඔහුගේ මධ්‍යම කාරක සබාවේ කිසිවෙකුට හෝ වත් ස්ටාලින්ගේ සාහසික ඝාතනයන්ගෙන් ගැලවීගත නොහැකි විය.

මාක්ස්ට අනුව ෆැසිස්ට්වාදය යනු ප්‍රාග්ධනයේ අවපාතයන් ඇතිවන යුගකාරක හේතූන් මත ඇතිවී පසුව අහෝසිවීයන ඛේදජනක ඉතිහාස කාලපරිච්චේදයන්ය.
ඒ අනුව ජර්මන් නාසි රාජ්‍යය තමන්ම ඇරඹූ අධම යුද්ධයන් ආපිට හැරවී ස්වභාවිකවම විනාශවිය.

නිශ්පාදන බලවේගවල දියුණුව මගහැර සමාජවාදයට කෙටිමං සෙවු බොල්ෂෙවිකයන්ට අවසානයේ සම්මුඛ වූයේ තත්‍ය කටුක ඉතිහාසයමය.

 

රුසියානු කම්කරුවන් දශක ගනනාවක් තිස්සේ කරන ලද මහා කැපකිරීම්වල අවසාන පළය ලෙස ඔවුන්ට සම්මුඛ වූයේ කොමියුනිස්ට් ස්වර්ගයක් නොව බඩගිනි අපායකි.



සෝවියට් සමාජවාදී යුටෝපියාවේ අවසානය යනු ව්‍යුහ ගත දුෂ්ඨ අවමානුෂික මිත්‍යාවක අනිවාර්ය තාර්කික අන්තය මිසක ස්ටාලින් යන පුද්ගල කේවලත්වයේ ගැටළුවක් නොවේ.

මෙහිදී ස්ටාලින් මත වරද පැටවීම යනු සමස්ත ලෙනින්වාදී අසාර්ථකත්වය සෝධනය කිරීමට මේ මොහොතේ උත්සාහකරන ස්ටාලිං නැමති කේවල අංශුව වැරදි සහගත ලෙස අධිනිශ්ච්චය කිරිමකි.


xfgdr

අවසානයේ බොල්ෂෙවික් ලිං කටට ඉහලින් ලෝකය දුටු ගෝර්බචොෆ්ට සාර් පාලනය නැවතුන තැන් සිට කලයුතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරා ආපසු යාමට සිදුවිය. රුසියානුවන්ට වසා තිබූ ලෝකයේ අගුළු හැර විවෘත කර දීමට සිදුවිය.


මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් රුසියානු විප්ලවයේ ලෙනින්ට පමණක් දෙවෙනිවූ ට්‍රොස්කිගේ "පාවාදුන් විප්ලවය" නැමති කෘතියේ අවසාන චේදය උපුටා දක්වමි.

දෛවෝපගතව කුලාකයන්ටත් වඩා කුලාකයන් වූ නිලධාරී තන්ත්‍රයේ සොහොන් කොතෙහි පහත දැක්වෙන සමරු සටහන අනාගත දිනෙක කොටා තිබෙනු ඇත...
"මෙහි මිහිදන් කර ඇත්තේ තනිරටේ සමාජවාදය පිළිබඳ න්‍යායයි"


(ප්‍රියශාන්ත රාජපක්ෂ)
න්‍යායාත්මක දේශපාලන විශ්ලේශක

Priyashanthadewndara@gmail.com

WhatsApp Image 2022 09 05 at 7.22.46 AM

 

 

 

 

 


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...