The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

පොහොට්ටුව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 5, 2022 • 8:40 AM

පොහොට්ටුව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනස් මත දරන වැසියන් සිටින ප්‍රජාවක සියලු දෙනාගේ පැවැත්ම සඳහා තීරණ ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රයයි.
  • එම නිදහස දැන් එහි නැති බව පසුගිය සතියේ අපට පෙනිණි.
  • ජාතික රාජ්‍යයේ සිට ජනරජය දක්වාත් සමාජවාදයේ සිට ධනවාදය දක්වාත් ඒවා අතර අඛණ්ඩ කොන්ටිනුඅම් පුරාවට විවිධ අදහස් ඇති සැමට එහි අවස්ථාව තිබේ.
  • වෙනස් මතය ප්‍රකාශ වෙන්නේ වචනයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවශ්‍ය නොවේ.

වෙනස් මත දරන වැසියන් සිටින ප්‍රජාවක සියලු දෙනාගේ පැවැත්ම සඳහා තීරණ ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රයයි. එය උල්ලංඝනය කරන තැන ප්‍රජාතන්ත්‍රයක් කොහෙද!

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රයේ දේශපාලන ක්ෂේමභූමිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මෙයට පෙර එසේ පැවතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම නිදහස දැන් එහි නැති බව පසුගිය සතියේ අපට පෙනිණි. වෙනස් මත දරන සැමට පොහොට්ටුවේ නිදහස තිබේ.

ජාතික රාජ්‍යයේ සිට ජනරජය දක්වාත් සමාජවාදයේ සිට ධනවාදය දක්වාත් ඒවා අතර අඛණ්ඩ කොන්ටිනුඅම් පුරාවට විවිධ අදහස් ඇති සැමට එහි අවස්ථාව තිබේ.

මහින්ද රාජපක්ෂ කියන “සැලුන් දොර” කතාවේ සැබෑ අර්ථය එයයි.

 

අනෙකුත් කිසිදු පක්ෂයක එම බහුත්වය නොමැත. ඒවා කිසියම් එක් ආන්තික මතවාදයක් දරන අයගෙන් පමණක් සමන්විත සිරගෙවල් වැනිය. සිරගෙදර දොර ඇරෙන්නේ එක පැත්තකට පමණී. එක්කෝ ඇතුළේ. නැත්නම් එළියේ.

 

පොදුජන පෙරමුණු පාක්ෂිකයා යනු නිදහස අගයන සාමකාමී වැසියෙකි.

ප්‍රජාතන්ත්‍රයේ ගැටෙන්නේ වචනයෙනි. තර්කයෙනි. සරදමෙනි. මතවාදී ගැටුම යනු එයයි.

වචනයෙන් ඔබ්බට ගොස් කායිකව අතින් පයින් ගැටීම ප්‍රජාතන්ත්‍රය නොවේ. මන්ද එවිට ප්‍රතිවාදියාගේ පැවැත්ම නැතිවෙන නිසාය.

වචනයෙන් ගැටීමෙන් ප්‍රතිවාදියා නැති වන්නේ නැත. වෙනස් මතය ප්‍රකාශ වෙන්නේ වචනයෙනි.

 ප්‍රතිවාදියා නැති කර දැමූ විට කතා කරන්නට ප්‍රතිවාදියෙකු නැත. ප්‍රතිවාදියාටත් පැවතීමේ සමාන අයිතියක් තිබේ.

f31 1652109497 1652119922
අරගලකරුවන් උත්සාහ කළේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් නැති කිරීමටයි. ගෙදර යවා නිවසත් සමග පුළුස්සා දැමීමටයි. සංවාදයෙන් ඉවත් කිරීමටයි. සමාජ මාධ්‍යයෙන් අහෝසි කිරීමටයි. ඊනියා අරගලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රයට ගැසූ ඇසිඩ් ප්‍රහාරයකි.



පොදුජන පෙරමුණු පාක්ෂිකයා දරුණු මර්දනයකට ලක් විය. ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමී වැනි ෆැසිස්ට් පක්ෂ විසින් එම භීෂණය දියත් කෙරිණි.

සරත් ෆොන්සේකා සහ තවත් බිහිසුණු චරිත යොදවා ප්‍රේමදාසගේ සජබයත් එයට සහාය දුණි.

වෛරයෙන් පිරුණු කාදිනල්ගේ සුදු ලෝගු හමුදාව කුරුස යුද්ධයේ මෙන් පොදුජන පෙරමුණු පාක්ෂිකයා තළා පෙළා දැමීය.

කළු ලෝගු හමුදාව පරපීඩක ත්‍රස්තයන් ආරක්ෂා කළේ අත්පුඩි ගසමිනි.

“ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියමින් නිර්මාල් දේවසිරි වැනි ඊනියා උගතුන් එම භීෂණය සාධාරණය කළේය.

අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට විමල්-ගම්මන්පිල වැන්නවුන් මෙන්ම වියත්මග විකුණා පාර්ලිමේන්තුවට පැමිණි නාලක-චන්න වැනි ඇතැමුන් පොදුජන පෙරමුණු පාක්ෂිකයා පාවා දී සතුරාට එකතු විය.

 

ඒ අතර රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක් තිබුණු බවට සාධාරණ සැකයක් මතුවන්නේ ඇතැම් හමුදා නායකයන් කැරැල්ල පාලනය කිරීමට නිසියාකාරව කටයුතු නොකර සිටීම නිසාය.

 

නමුත් “ළඟ නොව දුර බලන්න” යන බුදුවදන අනුව යමින් සියලු හිරිහැර දරාගනිමින් අනාගතයේ මහා ඛේදවාචකයක් ඇතිවීම වළක්වා ගැනීමට පොදුජන පෙරමුණේ නායකත්වය සමත් විය.

ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ වියරු ව්‍යායාමය අසාර්ථක විය. ප්‍රජාතාන්ත්‍රික නිදහස නැවතත් අපට ලැබී තිබේ. ඕනෑම අයෙකුට විවෘතව අපගේ අදහස් ප්‍රකාශ කිරීමට හැකිය. ලිවීමට හැකිය.

අපගේ පාක්ෂිකයන් බොහෝ දෙනෙකුට සිදු කළ බලවත් අසාධාරණයට වන්දි ලබා දිය යුතුය. එම අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටුකරනු පිණිස ප්‍රජාතන්ත්‍රය උල්ලංඝනය කළ සියලු දෙනා හට නිසි දඬුවම් පැමිණවිය යුතුය.

 

ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කිරීම අතිශය වැදගත් වන්නේ සමාජයේ සියලු දෙනාගේම නිදහස සහ අයිතීන් ආරක්ෂා වන්නේ එවිට පමණක් නිසාය. ප්‍රජාතන්ත්‍රය කරන හැටි උගත යුත්තේ පොදුජන පෙරමුණෙනි. පොදුජන පෙරමුණු පාක්ෂිකයෙකු වීම පිළිබඳව නිහතමානීව සතුටු විය හැක්කේ ඒ නිසාය.

 

කොපමණ මර්දනය කළත් නැවතත් ඒ මඩෙන්ම ඉහළට එසවී සෘජුව සිටිනා නිර්මල නෙළුම් පොහොට්ටු මෙන් වෙමු. ප්‍රජාතන්ත්‍රය යනු පිපුණු නෙළුමක් නොවේ. ප්‍රජාතන්ත්‍රය යනු පිපිණු නෙළුම නමැති අවසාන දර්ශනය ඇත්තේ අප ඉදිරියේ බව සිහිගන්වමින් හැමදාම “පිපෙමින් තිබෙන” නෙළුම් පොහොට්ටුවකි.


ධර්මය අපට මග වේවා!


(2022 සැප්තැම්බර් 3 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්ව ඇකඩමියේ ආරම්භක සම්මන්ත්‍රණයේ මා විසින් කළ ආරාධිත දේශනයේ මුඛ්‍ය කරුණු කිහිපයකට ටීකාවක් ලෙස ලියූවකි. )



ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ ග්‍රන්ථ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

2022 සැප්තැම්බර් 5

eranda.ginige@gmail.com


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොට්ටුව - (එරන්ද ගිනිගේ) | The Leader