The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

රූකා, අපි තව සිංදු අහමුද? - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 5, 2022 • 8:52 AM

රූකා, අපි තව සිංදු අහමුද? - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ලියන පුංචි සටහනට එයාගේ උපන් දිනේ අදාල නැහැ.
  • අනික හඬ ගත්තත් ගෝලීය වෙන්න තරම් සුවිශේෂී බවක් ඒකෙ ඇත්තේ නැහැ.
  • 'අන්ඥ මුන්ඥ' කියල 'දිගන්තයේ' කියනවා.
  • ඔය කියන සදාචාරය ඇතුලේ හිටියෙත් නැහැ (එහෙම ඉන්න ඕනි කියනවා නෙවෙයි).
අකුරු ප්‍රමාණය (Font Size):

තියෙනවත් දැක්ක.

මේ ලියන පුංචි සටහනට එයාගේ උපන් දිනේ අදාල නැහැ.

මම හිතන්නේ රූකා යම් ජනප්‍රිය ආරක් ගොඩනගන්න හැදුවත්, සිංදු කීපයක් හිට් වෙලා ගියත්, එයා මාර පුරෝගාමී වැඩ්ඩෙක් කියන එකට නම් එකඟ වෙන්න බැහැ.

එහෙම පට්ට පොරක් හැටියට රූකා උඩ දමන්නේ එක්කෝ රූකා ආගමක් කරගත්ත උන් නැත්නම් මෙලෝ සංගීතයක් ඇහුවේ නැති උන්.

අඩුම තරමින් බොන් ජොවී, එරික් ක්ලැප්ටන් නැත්නම් ජෝර්ජ් මයිකල්, රිචඩ් මාක්, බ්‍රයන් ඇඩම්ස් වගේ කට්ටිය එක්ක ගත්තත් ලාංකික සංගීතයේ එයාගේ සංඥාව සනිටුහන් වෙන විදියේ ගායකයෙක් වෙන්න තවමත් එයාට බැරි උනා කියල හිතෙනවා.

 

යමක් පටන් ගත්ත වගේ ලකුණු නම් තියනවා. නමුත් ඒ පටන් ගත්ත දේ එක ඇල්බම් දෙකක් තුනක් එක්ක, යම් ශෛලියක් දක්වා ගමන් කලේ නැහැ කියල හිතෙනවා. අනික කොහොමත් එයාගේ එක සිංදුවක්වත් ලංකාවේ පොළොවෙන් එහාට ගමන් කළේ නැහැ. එහෙම ගමන් කරන්න තරම් සමාරම්භක දෙයක් එයාගෙන් එළියට ආවේ නැහැ.

 

අනික හඬ ගත්තත් ගෝලීය වෙන්න තරම් සුවිශේෂී බවක් ඒකෙ ඇත්තේ නැහැ. ඉන්ස්ට්‍රුමන්ට් පැත්ත ගත්තත් එහෙමයි. පට්ට වාදකයෙකුත් නෙවෙයි.

දැන් ක්ලැරන්ස් ගත්තොත් එක තේමාවක් යටතට ගන්න පුළුවන් නිර්මාණ ගොඩක් එයා කරලා තියනවා. එක සංගීත ආරක ඉඳිමින් (පොප්, කැලිප්සෝ, කන්ට්‍රි) ගමේ ලස්සන, නොස්ටැල්ජියාව, ආදරය සහ සතුට පදනම් කරගත්ත ගීත සිය ගණනක් එයාගේ නමින් තියනවා. එයා ඒ දේවල් වලින් ගොඩක් ඈත් උනේ නැහැ (අපි එකඟද නැද්ද කියන එක නෙවේ එතන ප්‍රශ්නේ).

රූකා 'බඹර පහස' (අනුරාගය) කියල 'ලඳේ මුලාවී' (වැරදුණ උන්ට එන්න එපා) කියනවා. 'ඉඳුනිල් ගගුලැල්' කියල අම්ම ගැන කියනවා. 'අම්ම' ගැන කියල 'මිදුලේ අතන නංගෝ' කියනවා. 'අන්ඥ මුන්ඥ' කියල 'දිගන්තයේ' කියනවා. නටන්න ඕනි නිසා බයිලා ටයිප් 'උළත් එකයි පිළත් එකයි' කිව්වා. එතනින් ගමන ඉවරයි කියල හිතෙනවා.

තේමා අතරවත් විනයක් නැහැ. ප්‍රධාන දේශපාලන ප්‍රශ්නේ ඒක. අවම වශයෙන් ලෞකික තේමාවල.

 

රූකා අනුරාගය කියන තේමාවේවත් හරියට හිටියේ නැහැ. අනුරාගය ඔස්සේ ගියාම වැරදෙනවා තමයි. උන්ට ආයේ එන්න එපා කියන එක තේරුමක් නැති කතාවක්. එයා අම්ම ළඟ හිටියෙත් නැහැ. ඔය කියන සදාචාරය ඇතුලේ හිටියෙත් නැහැ (එහෙම ඉන්න ඕනි කියනවා නෙවෙයි). දිගන්තයේ අනන්තය වෙත මින්ස්සු එක්කරගෙන ගියෙත් නැහැ. අන්තිමට මුකුත් නැහැ.

 

සංකේත බලය පාවිච්චි කරලා යූ. එන්. පී. එකෙන් චන්දෙ ඉල්ලුව එක විතරයි උණේ. ඒකත් පැරදියි.

මට රූකා කියන ලාංකික සංගීත අනන්‍යතාවක් ගැන තවමත් හිතාගන්න බැහැ. එයා තව ලෝක ගෝලයේ සිංදු ආසාවෙන් ඇහුවනම් හොඳයි කියල හිතෙනවා. අවම වශයෙන් එයාගේ යුගයේ ගෝලීය සංගීතයේ තිබ්බ සුපර් හිට්...

තවත් එයාට කාලය තියන නිසා සහ පොඩි ලව් එකක් තවමත් තියන නිසයි එහෙම ලිව්වේ.

Bon Joviගේ මේකත් අහන්න. මේ සිංදුව ෂෙයා කරන්නේ දෙවැනි පාරට. ☺️



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...