The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

පාන් මිල වැඩිද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 7, 2022 • 7:29 AM

පාන් මිල වැඩිද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිරිඟු පිටි මිල වැඩි වෙන්නේ ඇයි?
  • (හිනා) ඒ දවස්වල තොරතෝංචියක් නැතුව “රට ඉවරයි රට ඉවරයි” කිය කිය ටික්ටොක් දාපු රසික ජයකොඩි දැන් ‘තනිකමේ සැපය’ ගැන කසාද නොබැඳපු තරුණියන්ට ලොවෙත් නැති උපදෙස් දෙනවා… (ප්‍රාණ හිනා) ඔවුන්ට උවමනා වුණේ ගෝඨාභය සහ ආණ්ඩුව වට්ටන්නයි.
  • මේ ඔබ අත්විඳින්නේ ඇත්ත ජීවන වියදමයි.
  • (එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ ග්‍රන්ථ කර්තෘ හිටපු ජනාධිපති උපදේශක 2022 සැප්තැම්බර් 7 eranda.ginige@gmail.com කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



තිරිඟු පිටි මිල වැඩි වෙන්නේ ඇයි? තිරිඟු පිටි ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවිය යුතු නිසාය.

ඩොලර් සඳහා විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවිය යුත්තේ ඇයි? රුපියල පා කළ නිසාය.

රුපියල පා කළේ ඇයි? “රුපියල පා කරන්න” කියා විපක්ෂය මැරෙන්න හදපු නිසාය.

 “IMF යනු යනු යනු” කියා ඇද්වොකාටා මහා ආර්ථික ඔස්තාර්ලා පොළොවේ පස් කෑ නිසාය.

 “ගාන කීය වුණත් කමක් නැහැ අපිට සල්ලි දීලා හරි ගන්න බඩු ගෙනැත් දීපල්ලා” කියා උද්ඝෝෂණය කළ කොළඹ ප්‍රභූ ධනවතුන් නිසාය.

කොරෝනා වසංගතයෙන් යම්තම් හිස ඔසවන කොටම එක පාරටම සියල්ල යථා තත්ත්වයට පත් විය යුතු යැයි සිතා පාන් ගෙඩිය කෝටුවේ ගසාගෙන අරගල කළ අමනයන් නිසාය.

“බැංකු හරහා ලංකාවට ඩොලර් එවන්නට එපා” කියූ ජවිපෙ/ජාජබ දුෂ්ටයන් නිසාය.

ගැටලුවක් විද්‍යාත්මකව තාර්කිකව තේරුම්ගෙන ඉවසීමෙන් විසඳා ගැනීමට ප්‍රඥාවක් නොමැති ලක්ෂ පහක් පමණ වන අරගලකරුවන් නිසාය.


ජනපති ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවේ දීර්ඝකාලීන සැලසුම් අනුව ගියා නම් මෙලහකට අපි ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පටන් අරගෙන.


සැලසුම තිබුණේ IMF කොන්දේසිවලට යට නොවී අපිම අපේ උත්සාහයෙන් සහ කැපකිරීම්වලින් ගොඩ ඒමයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සැලසුම් කළේ එම ප්‍රතිපත්තියේ සිටයි.

ඔවුන් මේ රටේ මිනිස්සුන්ව විශ්වාස කළා.


එහෙම කළා නම් අද වෙනකොට අපි ගොඩ ගිහිල්ලා. රුපියල පා කරන්න වෙන්නෙත් නැහැ. ණය ශේණිගත කිරීම්වලින් වැටෙන්නෙත් නැහැ. සංචාරකයන් ඇවිල්ලා ඩොලර් සංචිතත් හැදිලා. භාණ්ඩ මිල වෙළෙන්දන්ට ඕන විදිහට වැඩි කරන්න දෙන්නෙත් නැහැ. ඒ ඔක්කොම නැති කළේ හර්ෂ ද සිල්වා වැනි විපක්ෂයේ තක්කඩියන්.


ඔවුන් තමයි ජනතාවට බොරු කියලා පාර්ලිමේන්තුවේ කිඹුල් කඳුළු හලලා සමාජ මාධ්‍යයේ වෛරය වපුරලා මේ අර්බුදය විසඳන්න දුන්නේ නැත්තේ.

IMF එකේ කොන්දේසි දැක්ක ද සිල්වා පුටුවෙන් වැටුනලු! (හිනා)

ඒ දවස්වල තොරතෝංචියක් නැතුව “රට ඉවරයි රට ඉවරයි” කිය කිය ටික්ටොක් දාපු රසික ජයකොඩි දැන් ‘තනිකමේ සැපය’ ගැන කසාද නොබැඳපු තරුණියන්ට ලොවෙත් නැති උපදෙස් දෙනවා… (ප්‍රාණ හිනා)

ඔවුන්ට උවමනා වුණේ ගෝඨාභය සහ ආණ්ඩුව වට්ටන්නයි. ජනතා දුක විකුණලා ආණ්ඩු බලය අල්ලගන්නයි.


විමල් ගම්මන්පිල වාසු ගෙවිඳු මෙන්ම ඩලස් නාලක චන්න ආදීන් එදා උඩරට අදිකාරම්වරුන් මෙන් මෙදා ජනපති සහ ආණ්ඩුව සතුරාට පාවා දුන්නා. වල් ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වා වගේ කොටි ඩයස්පෝරාවට අරගලය රජමගුලක් වුණා!



අරගල නායකයන් කෝටි ගණන් වටින ගෙවල් ගන්නකොට බස් කෝච්චිවලින් ආව කොල්ලෝ පාන් කියාගන්න බැරිව හිරගෙවල්වල කූරු ගනිනවා. රන්ජන් රාමනායක නිදහස් වෙනවා!

“ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ජනතාවට නීතිය කඩන්න පොළඹවපු මහාචාර්යවරු දැන් නැවත නලින් ද සිල්වාගේ ජීවිතේ ඇද හොයනවා.

දැන් ඉතින් ඔබලා තෝරාගත් මග යා යුතුයි. ඔබලාගේ දුක අවියක් කරගෙන ඔබලාව රැවටූ අයගේ ගෙවල් ගිනි තියන්න යන්න එපා. එයින් අමාරුවේ වැටෙන්නෙත් ඔබම පමණයි.

 IMF එක කියන පදේට නටන්නම වෙනවා. පාන් ගෙඩිය දාහට ගියත් මිල පාලනය කරන්න දෙන්නේ නැහැ.

 ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල අසූහාරදහට නැග්ගත් ඩොලරයේ අගය පාලනය කරන්න දෙන්නේ නැහැ.

සහනාධාර ආර්ථිකය ඉවරයි. කථම්! ටා ටා! ගුඩබායි!

මේ ඔබ අත්විඳින්නේ ඇත්ත ජීවන වියදමයි.

අපේ පැත්තේ ආණ්ඩු හැමදාම කළේ ඒ බර ජනතාවට නොදැනෙන්න කොහොම හරි ආර්ථිකය මෙහෙයවන එකයි.
 
ගෝඨාභය හැදුවේ මේ ආනයන උගුලෙන් නිදහස් වෙලා දෙපයින් හිටගන්න රටක් හදන්නයි. ඒක ඔබලාට හොඳ වැඩි වුණා. 
 

බදු අඩු කරපු එකටත් බැන්නා! හොරා කෑවා කිව්වා.

වසංගතයෙන් පණ කෙන්ද බේරුණා විතරයි ටිකක් ඉවසන්න බැරි වුණා.

ජාතික නායකයන් නැවත කාලෙකට බිහිවෙන්නේ නැහැ.

ඔබේ කර්මයේ ආදීනවය ඔබට විඳින්නම වෙනවා.


ධර්මය ඔබට මග වේවා!


ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ ග්‍රන්ථ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 සැප්තැම්බර් 7

eranda.ginige@gmail.com

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාන් මිල වැඩිද? - (එරන්ද ගිනිගේ) | The Leader