The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

මොහාන් සමරනායක : සතුටින් පිරි විවේක කාලයක් !

T

The Leader Desk

September 8, 2022 • 4:13 PM

මොහාන් සමරනායක : සතුටින් පිරි විවේක කාලයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකෙ පෙනුනෙ ජාතික එකයි ස්වාධීන එකයි විතරයි.
  • හැබැයි එතුමාව මුහුණට මුහුණ හම්බවුනේ 2015 න් පස්සේ අපි ජාතිකවාදී දේශපාලන කදවුර බොහෝ අඩන්තෙට්ටම් මැද්දේ දේශපාලනය කරද්දී.
  • එතුමා කතාකරපු ඇතැම් සම්මන්ත්‍රණ වල මම ඕඩියන්ස් එකේ වාඩි වෙලා හිටියා.
  • එතුමා ඒ වගේ වැඩවලට උනන්දු නැතිබව මට පසුව තේරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒකෙ පෙනුනෙ ජාතික එකයි ස්වාධීන එකයි විතරයි. මට මතකයි ඇන්ටනාවට පට්ට ගේමක් දීල TNL එක අල්ලගන්නවා ඕල්වේස් බ්‍රේක් ඩවුන් බලන්න.

සෙනසුරාදා හෝ ඉරිදා නිවාඩු දවසක උදේක මොහාන් සමරනායක මහත්තයා ලෝකෙ ගැන විස්තර කියන වැඩසටහන තමා මගේ පළවෙනි ලෝක දේශපාලන අත්පොත. මේ මිනිහා පිරටවල නායකයන්ගේ නම් ගම්, සිදුවීම් වල දින වකවානු සහ ඒවා තිබ්බ පිටරට පොත්පත් සගරා ගැන තක්කෙටම මතකෙන් කියන දිහා මං ආසාවෙන් බලන් උන්නා.

මොහාන් සමරනායක මහත්තයා ලියන දේවල් මම දිගටම කියෙව්වා. හැබැයි එතුමාව මුහුණට මුහුණ හම්බවුනේ 2015 න් පස්සේ අපි ජාතිකවාදී දේශපාලන කදවුර බොහෝ අඩන්තෙට්ටම් මැද්දේ දේශපාලනය කරද්දී.

එතුමා කතාකරපු ඇතැම් සම්මන්ත්‍රණ වල මම ඕඩියන්ස් එකේ වාඩි වෙලා හිටියා. සමහර වැඩවල මම සංවිධායක විදියට වේදිකාව පසුපස හිටියා. තවත් දේශන වල මමත් දේශකයෙක් විදියට එකම වේදිකාවේ හිටියා.

මොහාන් මහත්තයා කතාකරද්දී නිකමටවත් WhatsApp ෆේස්බුක් ඔබන්නෙ නැතුව, හැමදාම මම මුලු කතාවම අහගෙන හිටියා. සමහර කෑලී හොරාගෙන මම කියන ඒවට, ලියන ඒවට එකතුකරගත්තා.



කොරෝනා ආවට පස්සේ මම කොරෝනා ඩයරිය ලියන්න පටන්ගත්තා. ඒ දවස් වල රටේ රාජ්‍ය සන්නිවේදනය තනි අතින් ඇදගෙන ගියේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහත්තයා. සමහර දවස් වලට මාධ්‍ය නිවේදන තුනක් එලියට ආවා. ඒවා දීර්ඝයි, ඉතාම සරලයි, භාෂාවෙන් පොහොසත් සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.




ඇදිරිනීතිය ගැන පවා මාධ්‍ය නිවේදනය ආවේ මොහාන් සමරනායක කියල ගහපු සිංහල අත්සනෙන්. කොරෝනා ගැන හාංකවිස්සියක දෙයක් නොදැන හිටපු පළවෙනි මාස කීපයේ මුලු රටම දිව්වේ මේ මාධ්‍ය නිවේදනවලින්.

 දවසක් මම මොහාන් සමරනායක මහත්තයට කීවා සන්නිවේදනය ගැන හෝ රාජ්‍ය මාධ්‍ය භාවිතය ගැන හෝ ආපදා කළමනාකරණය හා සන්නිවේදනය ගැන ඉගෙන ගන්නා අයට ප්‍රයෝජනයක් වෙන්න මේ සේරම මාධ්‍ය නිවේදන එක පෙළට පොතක් කරල අච්චු ගහන්න කියල. එතුමා ඒ වගේ වැඩවලට උනන්දු නැතිබව මට පසුව තේරුණා.

ඉතින් මම මගේ කොරෝනා ඩයරිය පොතට පෙරවදන ලියන්න එතුමාට ආරාධනා කලා. කොරෝනා ඩයරිය පොත පෙරලද්දී මුලින්ම හමුවෙන්නේ ඒ පිටු කීපය.

ඊට පස්සේ හරිම අහම්බෙන් ගිය අවුරුද්දේ මම රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙලා මොහාන් සමරනායක මහත්තය ‍යටතටම යනවා. ඕනෑම තැනක මම කීවම 'මං දැන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ දෙවනිය' කියල, හැමෝගෙම පොදු උත්තරය වුනේ 'ආ මොහාන් ලොක්කනෙ දැන් අධ්‍යක්ෂ ජනරාල්, ඔයාලට හොදයි ඉගෙනගන්න'.

මේ අවුරුද්දට මට සාගරයක් තරම් කතා, උදාහරණ, උපදෙස් දීල ඇති. පරණ කතා කියල ඇති. පොත් පත් වල තිබ්බදේවල් මතක් කරල දීල ඇති. අඩුපාඩු පෙන්වල දීල ඇති. විහිලු කතා කියල ඇති. බැරිමනම් බුදුබණ අරන් ඒකෙන් හරි තත්වය ගැන විශ්ලේෂණයක් කරල ඇති.



මැයි නම වෙනිදගෙන් පස්සේ සමහර පරගල කාරයෝ මොහාන් මහත්තයගෙ ගේ ගිණිතියන්න හෙව්වා. ගහනවා මරණවා කියල කතාකරල තර්ජනය කලා. එතුමා දෙපාරක් කොළඹින් එලියෙ තැනකට ගිහින් හැංගිලා හිටියා. ඒ මදිවට එක ටීවී චැනල් එකක් පිටු හයක් දිග ලියුමක් එව්වා නඩු දානවා කියලා.



සමහරු මාධ්‍ය අයිඩී එක පරක්කුවුනත් කුණුහරපෙන් මැසේජ් එවන්නේ මොහාන් මහත්තයට. ඒ සේරමට උත්තර දුන්න හැටි, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෞරුෂය ආරක්ෂාකරපු හැටි, වඩාත් සංස්කෘතික මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් දිනපතා සටන්කරපු හැටි මම හැම දවසකම දැක්කා.

පත්තරේ ඉදල, ගුවන් විදුලිය හරහා, රූපවාහිනියෙන් එලියට ඇවිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩකරල, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය සේරම ජනාධිපතිවරු එක්කත් වැඩකරල, වේදිකා දාහක විතර දේශපාලන කතාත් කරල එකතුකරගත්ත මහා සමාජ දැනුම් සම්භාරය අනිවාර්යයෙන්ම පොතකට දෙකකට ලියන්න කියල එතුමාගේ ෆෙයාවෙල් එකේ කතාව පවත්වමින් මම ඉල්ලා සිටියා.

අපරාදෙ ලංකාව ලොකු රටක් වුනානම් මොහාන් මහත්තයගෙ ගමන එකතුකරල කවුරුහරි ලස්සන Netflix Documentary එකක් හදන්න තිබ්බා.

SLPP Leadership Academy එකේ ප්‍රධාන දේශනය පවත්වන්න අපි ආරාධනා කලේ මොහාන් මහත්තයට. පවතින ගෝලීය දේශපාලන අර්බුදය හමුවේ ලංකාව කලාපීය නායකත්වය තහවරු කරගන්නේ කොහොමද කියන එක ගැන ව්‍යක්ත කතාවක් කලා. මං දැක්ක කවුද මාධ්‍ය වේදියෙක් ට්වීට් කරල අහල තිබ්බා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දේශපාලන පක්ෂයක ඇකඩමියක කතාවක් කලාම ලංකාවේ මාධ්‍යවේදීන් අපක්ෂපාතීව කටයුතු කරන්නෙ කොහොමද කියල.

මොහාන්ගෙ සිට ඒ මාධ්‍යවේදියා දක්වා වූ පරම්පරා දෙකක කාලය තුල අපේ රටේ මාධ්‍ය සංස්කෘතියේ ඇතැමුන්ගේ බුද්ධිමය පිරිහීම ගැන ඊටත් වඩා උදාහරණ මොකටද?

මොහාන් සමරනායක මහතාට සතුටින් පිරි විවේක කාලයක් පතමි!

(මිලින්ද රාජපක්ෂ)
අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

 o123 2

o123 3

o123 4o123 1

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...