The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රැජිණට ලියුමක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 10, 2022 • 3:09 PM

රැජිණට ලියුමක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශ්චාත් යටත් විජිත ලෝකයක් ඇතුලේ හැදුන වැඩුන සහ පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය (Commonwealth Literature) අධ්‍යනය කරන්න අනිවාර්ය කෙරුනු ලෝකෙක අපිට රැජිණ කියන්නේ අර්චන වස්තුවක්.
  • ආර්ථික පරායත්ත බව සහ මානසික පරායත්ත බව නිසා ගොඩක් වෙලාවට අපිට අපේම කියල දෙයක් ගොඩනඟාගන්න බැරි උණා.
  • තාමත් එයාලගෙන් ගැලවිල්ලක් නැහැ.
  • නිදහස් කියල කිව්වට ආර්ථික පරායත්ත බව සහ මානසික පරායත්ත බව එහමමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



පශ්චාත් යටත් විජිත ලෝකයක් ඇතුලේ හැදුන වැඩුන සහ පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය (Commonwealth Literature) අධ්‍යනය කරන්න අනිවාර්ය කෙරුනු ලෝකෙක අපිට රැජිණ කියන්නේ අර්චන වස්තුවක්. අල්ලන්න බැරි එහෙත් අල්ලන්න ආශා කරන වස්තුවක්.

ඒ වගේම ලෝකයේ සෙලෙබ්‍රටි පවුල් අතරින් බ්‍රිතාන්‍ය රජ පවුල අංක එක.

පවුලක් නැති අපි හැමෝම ඒ පවුල දිහා බලන් හිටිය. මම කියන්නේ මේ දුප්පත් කොදෙව්වේ අපි විතරක් නෙවෙයි. ලෝකයේ සල්ලිකාර වංසක්කාර එවුනුත් ඒ දිහා බලන් හිටිය.



මට දුක රජ පවුලේ කුණු මාකට් කරලා සල්ලි හොයපු ටැබ්ලොයිඩ් උන් ටික ගැන. මුලින් ඩයනා. පස්සේ මේඝන්. ඔය පවුලේ කුණු මාකට් වුණේ උණු කැවුම් වගේ. අදටත් එහෙමයි. ඒකට හේතුව අර අර්චන බව. එයාල තමයි දේවල් මෙන්න මේ වගේ වෙන්න ඕනි කියල පරිපුර්ණත්වයේ හැඟීමක් අපිට දුන්නේ. ඉතිං දේවල් ඒ විදියටම සිද්ද වෙනවද කියල අපි යතුරු හිලෙන් බලන් ඉන්නවා.



ඔය නිදහස කියන එකෙන් පස්සේ අපේ මුලින් උත්සාහය උනේ රජ පවුලෙන් සහ ඒ අධිරාජ්‍යයෙන් ගැළවෙන එක. අපි ඒකට කියන්නේ නිර්-යටත්විජිතකරණය කියල (de-colonization). ඒක යම් සටන්කාමී ප්‍රවණතාවක්. ඒ කරලා අපේම අනන්‍යතාවක් ගොඩ නගාගන්න හදපු එක (new identity) මුල් වකවානුවේ දකින්න ලැබුණා.

ආර්ථික පරායත්ත බව සහ මානසික පරායත්ත බව නිසා ගොඩක් වෙලාවට අපිට අපේම කියල දෙයක් ගොඩනඟාගන්න බැරි උණා. ඊට පස්සේ තුන්වෙනි ලෝකේ රටවල් සාහිත්‍යමය වශයෙන් අපේ දුක එයාලට කිව්වා. ලිව්වා (writing back to the Empire).

පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය කියන්නේ ඒ වගේ ලියුම් එකතුවකට. ඒ ලියුම් වලටත් හරි උත්තරයක් එයාල දුන්නේ නැහැ. ඒ ලියුම් වලට උත්තර එන එක පරක්කු උණා (purloined letters).

දැන් නම් අපේ රටේ අය කියන්නේ අපි සුද්දටම යටත් වෙලා හිටියනම් ඉවරයි කියල. පරණ බ්‍රිතාන්‍ය කිරීටයේ පාස්පෝට් එහෙමත් නොස්ටැල්ජික විදියට ෂෙයා වෙනවා මම බලාන. තාමත් එයාලගෙන් ගැලවිල්ලක් නැහැ.  

කොහොමත් රැජිණගේ කාලෙත්, ඊට කලිනුත් අපිට කොන්ද නමල එයාලට ''එහෙයි'' කියන්න පොඩිකාලේ ඉඳන් උගන්නල තිබ්බේ. වැඩවසම් කාලෙත් එහෙමයි. බ්‍රිතාන්‍ය කාලෙත් එහෙමයි. දැන් වැඩේ තියෙන්නේ සුද්දෝ ගියාට පස්සෙත් එහෙම වෙලා තියන එක. නිදහස් කියල කිව්වට ආර්ථික පරායත්ත බව සහ මානසික පරායත්ත බව එහමමයි.



රැජින ඔයා දන්නවද? ඔයාල මෙහෙ ඉතුරු කරලා ගිය ඔයාලගේ අනුප්‍රාප්තික ස්වදේශික පාලකයෝ ටික නම් නලලමලේ උන් ටිකක්. දැන් දැන් පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක් අර ඔයාල කඩල ගිය කොන්ද කෙළින් කරගන්න හදනවා. හැබැයි පන්න පන්න උන්ගේ කොන්දට පොලු පාරවල් දෙනවා. ජාති බේදයක් නැහැ. හැමෝටම නෙලනවා. දෙමළ සිංහල මුස්ලිම් කියල වෙනසක් නැහැ.  



උන් නිදහස් වෙන්නෙත් නැහැ. නිදහස් වෙන්න හදන කෙනෙකුට දෙන්නෙත් නැහැ. නිදහස කියල දෙයක් උන් දන්නෙත් නැහැ. දන්නේ සූරගෙන කාල සාක්කු පුරවගන්න විතරයි.

සිංහ කොඩියට මුවාවෙලා උන් අපිව පික් පොකට් ගහනවා රැජිණ.  

අනේ රැජිණ, ඔයා නැති උනාට පස්සේ මේ ලියුම ලියන්නේ උත්තරයක් නැති බව දැන දැනම. අනේ බලන්නකෝ, සුද්දෝ නැති උනාට පස්සේ ඔයාලගේ අනුප්‍රාප්තික කුද්දෝ ටිකක් මේ දූපත අල්ලාගෙන ඉවරෙටම ඉවර කරනවා.

ඉතිං රැජිණ, ඔයා නම් සුවදායී මරණයක් අත්කර ගත්ත කියල ලියල තියනව දැක්ක. තරහා ගන්න එපා මේ අපේ ජීවිත නම් එච්චර සුවදායී නැහැ. මේ අවුල් වෙලාවේ ආයෙත් පශ්චාත් යටත් විජිත ලියුමක් ලියනවා කියල හිතන්නත් එපා.

ඔයා සුවෙන් අවසන් ගමන් යන්න. අපි අපේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නම්.

ඔය කුද්දන්ගේ ආයුෂ කෙටියි රැජිණ!

Adieu!

Photo © Denis O'Regan 1983 (From David Bowie)

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැජිණට ලියුමක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader