The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොත් මිල අහස උසට නැගල ද...? - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

September 14, 2022 • 11:33 AM

පොත් මිල අහස උසට නැගල ද...? - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවැත්වුව ද පොත් මිලදි ගැනීමේ දැඩි අපහසුතාවක් පැන නැගී ඇති බව බොහෝ පාඨක ප්‍රජාව නගන අඳෝනාව ය; මැසිවිල්ල ය.
  • එහි දී බහුතර පාඨක පිරිසක් පොත් ප්‍රකාශන ආයතන වෙත දොස් පවරා තිබිණ.
  • ඇතැම් පොත් ප්‍රකාශන ආයත නම් මෙවර පමණක් නොව බොහෝ සැප්තැම්බර් මාසවල ඇතැම් පොත් සඳහා අසාධාරණ මිල ගණන් සටහන් කර තිබිණ.
  • එසේ සටහන් කර ‘‘වට්ටම් 20%’’ යනුවෙන් ප්‍රදර්ශන පුවරු ද සවි කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වුව ද පොත් මිලදි ගැනීමේ දැඩි අපහසුතාවක් පැන නැගී ඇති බව බොහෝ පාඨක ප්‍රජාව නගන අඳෝනාව ය; මැසිවිල්ල ය. එහි දී බහුතර පාඨක පිරිසක් පොත් ප්‍රකාශන ආයතන වෙත දොස් පවරා තිබිණ. ඇතැම් පොත් ප්‍රකාශන ආයත නම් මෙවර පමණක් නොව බොහෝ සැප්තැම්බර් මාසවල ඇතැම් පොත් සඳහා අසාධාරණ මිල ගණන් සටහන් කර තිබිණ. එසේ සටහන් කර ‘‘වට්ටම් 20%’’ යනුවෙන් ප්‍රදර්ශන පුවරු ද සවි කර තිබිණ. ඒ ඒ කාල සීමාවල ඒ සම්බන්ධයෙන් මම, මට හැඟෙන දැනෙන දෑ සටහන් කළෙමි. නමුදු මෙවර තත්ත්වය ඊට සපුරා ම වෙනස් ය.

 

එනම් මෙවර සාපේක්ෂ ලෙස ගතහොත් පොත් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පොත් ප්‍රකාශන ආයතනවලට දොස් පවරා ඵලක් නැත. එමෙන් ම පොත් ප්‍රකාශන ආයතන ද පාඨකයා වෙත මැසිවිලි නගා, අඳෝනා පවසා හෝ වුවමනාවට වඩා කරුණු පහදා දීමට පෙලඹීම ඵලක් නැත. මන්ද එය තරමක් සංකීර්ණ ගැටලුවකි.

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත්

පොත් කර්මාන්තය සහ මුද්‍රණ කර්මාන්තය

මේ වන විට පොත් කර්මාන්තය පමණක් නොව සමස්ත මුද්‍රණ කරමාන්තය ම දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණ පා තිබේ. මන්ද මුද්‍රණ කර්මාන්තය යනු පොත් මුද්‍රණය පමණක් නොවේ. එසේ තිබිය දී මේ දිගහැරෙන්නේ එහි ‘‘පොත්’’ සම්බන්ධ කොටස පමණි.

මම මේ වන විට මේ ලක් පොළොව මත දශක පහකට අධික කාලයක් ජීවත් වූ පුද්ගලයෙක් වෙමි. එදා මෙදා තුරු අපි පරිභෝජනය කරන සියලු භාණ්ඩවල මිල නිරන්තරයෙන් ම ඉහළ ගියා මිස පහළ බැස නැත. නමුත් 2019, 2020 සහ 2021 කාලය වන තුරු අනෙක් භාණ්වලට සාපේක්ෂව පොත්වල මිල ඉහළ ගියේ ඉතා අවම වශයෙනි. එතෙක් පැවති තත්ත්වය එසේ වුව ද 2021 අවසාන කාර්තුවේ පමණ සිට පොත් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ම අමුද්‍රව්‍යයක් වන කඩදාසි මිල 2019 සිට පැවති මිල මෙන් සිවු ගුණයකටත් වඩා ඉහළ ගියේ ය. එම තත්ත්වය හේතුවෙන් පසුගිය වකවානුවේ පිටු දෙසීයක පමණ පොතක මිල අවම රුපියල් දහස ඉක්මවන තත්ත්වයට පත් විය.

එළඹ තිබෙන්නේ සැප්තැම්බර් මාසය යි. ලංකාවට සැප්තැම්බර් මාසය යනු ලාංකිය පාඨක ප්‍රජාවගේ වසත් සමය යි. එහි උත්කර්ෂවත් භාවය වඩාත් ඔප්නැංවෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙහෙයවනු ලබන, කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යි.

 

එහි විශේෂත්වය වන්නේ: එකම කාල සීමාවක් තුළ, එකම ස්ථානයකින්, ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රකාශන ආයතන සහ ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන විසින් ප්‍රකාශයට පත්කරන ලද පොත් වෙළඳපොළෙහි අලෙවි කරන මිලට වඩා අඩු මුදලකට ලැබාගත හැකි වීම ය. නමුත් මෙවර පවතින්නේ පාඨක ප්‍රජාවගේ එම බලාපොරොත්තු බිඳ වැටෙන තත්ත්වයකි. ඒ, පසුගිය වසරවලට සාපේක්ෂව ගත් විට මෙවර (2021 අවසාන කාර්තුවේ සිට මේ දක්වා මුද්‍රිත) අලෙවි කෙරෙන පොත්වල මිල පෙර පැවති මිල ගණන්වලට වඩා සිවු ගුණයකින් පමණ ඉහළ යාම ය.

 

indexඊට ආසන්නතම උදාහරණ දෙකක් ඉදිරිපත් කරන්නේ නම්: මවිසින් රචිත ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය ජනගත කෙරුණේ 2021 අප්‍රියල් මාසයේ දී ය. පිටු 504ක් සහිත එම කෘතියේ පළමු මුද්‍රණ රුපියල් 1200ක් මිල ක‍ළේ ය. එහි දෙවන මුද්‍රණය නිකුත් වූයේ 2021 ඔක්තෝබර් මාසයේ දී ය. ඒ අවස්ථාවේ පළමු මුද්‍රණයට වඩා (මුද්‍රණ වියදම අඩු බැවින්) රුපියල් 300ක් මිල අඩුකිරීමට පවා හැකි විය. මේ වන විට දෙවන මුද්‍රණය අවසන් වෙමින් පැවතිය ද තෙවන මුද්‍රණයක් කළ නොහැකි ය. ඒ, අන්කිසිවක් නිසා නොව මෙවර එම කෘතිය මුද්‍රණය කළහොත් අවම මිල රුපියල් 2500ක් පමණ මිල කිරීමට සිදුවන බැවිනි. එම වසරේ අප්‍රියල් මාසයේ ම මගේ තෙවන ප්‍රබන්ධය වන ‘‘ආදරණීය පළිගැනීමක්’’ කෘතිය ද නිකුත්විය. එහි පිටු 424කි. මිල රුපියල් 950ක් විය. නමුත් මෙවර නිකුත් කෙරෙන මගේ සිවුවන ප්‍රබන්ධය වන ‘‘මතඟනා’’ කෘතියේ පිටු 336ක් වුව ද එය රුපියල් 1250ක් මිල කිරීමට සිදු විය.

මේ ඉදිරිපත් කළේ 2019 සිට 2022 දක්වා පොත්වල මිල ඉහළ යාම පිළිබඳ පුද්ගලික අත් දැකීමකි.

මිල ඉහළ යාමට බලපාන්නේ කඩදාසි මිල පමණ ද...?

book printing

ඉහත උදාහරණ දෙකෙහිම ඉදිරිපත් කළේ පොත් මුද්‍රණය කරන කඩදාසි මිලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති පොත් මිල පමණි. නමුදු මේ වන විට කඩදාසි පමණක් නොව මුද්‍රණ කර්මාණ්තය සඳහා භාවිත කරන භූමිතෙල් ලීටරයේ සිට සියලු භාණ්ඩ පෙර පැවති මිලට වඩා තෙගුණයකින් හෝ සිවු ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය අමතර කොටස්වල මිල ඉහළ යාම ද ඒ හා සමපාත ය. ඊට අමතරව අලුත්ම තත්ත්වය යටතේ විදුලි බිල 125% ද සියලුම ප්‍රවාහන ගාස්තු 100% ද ඉහළ ගොස් තිබේ. මුද්‍රණ කර්මාන්තය සහ පොත් කර්මාන්තය සමග එකිනෙක බැඳුණු තවත් භාණ්ඩ සහ වෘත්ති කිහිපයක් ම පවතී. ප්‍රධාන ම අමුද්‍රව්‍ය කඩදාසි බව අපි සැවොම දන්නා කරුණකි.

මිට අමතරව පොත් හෝ වෙනත් දෑ මුද්‍රණය සඳහා අත්‍යවශ්‍ය: මුද්‍රණ තහඩු (Printing plates), chemical (රසායනික ද්‍රව්‍ය) සහ ink (තීන්ත වර්ග) ද 2019, 2020 සහ 2021 කාලයට සාපේක්ෂව සිවු ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. මීට අමතරව පොත් කවර ලැමිනේටින් ගාස්තු විවිධ වර්ගයට අනුව සහ යන්ත්‍රානුසාරයෙන් පොත් බැඳීමේ (Book binding) ගාස්තු ද සිවු ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. අනෙක් පසින් පරිගණක අකුරුකරණය, පිටු සැලසුම්, කවර නිර්මාණය සහ සෝදුපත්දුපත් කියවීම යනාදි වෘත්තිවල නියැළී සිටින පිරිස ද ඔවුන්ගේ අයකිරීම් යම් ප්‍රමාණයකට ඉහළ දමා ඇත. අවසානයේ මේ සියලු බර එකතුවන්නේ මුද්‍රණයෙන් නිකුත්වන පොත වෙත ය.

වගවිය යුත්තෝ කවරහු ද...?


මේ සියලු සිද්ධි අනුව සලකා බලන විට පොත් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රකාශන ආයතන වෙත දොස් පවරා ඵලක් නැත; මුද්‍රණ කර්මාන්තයේ නියැළෙන පිරිස් වෙත ද දොස් පැවරීමෙන් ඵලක් නැත. ඒ සියල්ලට වගවිය යුත්තේ මේ රටේ පාලකයෝ ය. මේ සියලු ව්‍යසන අප වෙත කැන්දාගෙන ආවේ ඔවුන්ගේ අදුරදර්ශී පාලන ව්‍යුහය යි. එහෙත් ඒ ගව රැලට මේ කිසිවක් පිළිබඳ වගේ වගක් නැත. රට මෙවන් අගාධයකට වැටී තිබිය දී පවා රටේ නායකයා පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් සඳහා පරණ ගව රැළෙන් තෝරාගත් ගවයෝ 37ක් පත් කළ අතර ඉදිරි දිනක දී තවත් කැබිනට් ඇමති ගව රැළක් ද පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

 

ඉදින් පාඨක ප්‍රජාවනි... රටේ අනාගත පරපුර: නිසි ආහාර අනුභවයකින් තොර, නිසි අධ්‍යායකින් තොර, සාහිත්‍ය කලාව පරිශීලනයෙන් තොර, විනෝදාස්වාදයෙන් තොර මිනිස් ශරීර බවට පත් කරමින් පාලකයන්ගේ බඩ වඩාගන්නා මජර ක්‍රමය අහෝසි කිරීම හැර අන් විකල්පයක් නොමැති බව වටහාගෙන, එළඹෙන මැතිවරණයක දී මේ අම්බරුවන් රැළ උනුන්ගේ ගව මඩු වෙත එළවා දැමීමේ අරමුණ ද පෙරදැරිව තමන්ට හැකි පමණින් පොතක් මිලදි ගන්නා ලෙස ආරාධනා කරමින් පොත් මිල අර්බුදයේ අංශු මාත්‍රයක් මෙලෙස  සටහන් කරමි.

 

මතු දැක්වෙන්නේ 2019, 2020 සහ 2021 කාලයට සාපේක්ෂව මේ වන විට මුද්‍රණ කරමාන්තයේ භාවිතයට ගන්නා විවිධ අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති අන්දම ය.

chart final page 0001

මෙම දත්ත සටහනට අනුව පොත් මිල ඉහළ යාම යනු අදහාගත නොහැකි, අරුම පුදුම සිදුවීමක් නොවන බව පාඨක ප්‍රජාව වටහාගනු ඇතැයි යන්න මගේ විශ්වාසය යි.


විශේෂ ස්තුතිය: රාජගිරියේ KSU මුද්‍රණාලයේ කමල් පීරිස් මහතාට සහ ග්‍රැෆිකෙයා මුද්‍රණාලයේ අනිල් ජයවීර මහතාට...!


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/09/14


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...