රෝගියා එය ගන්නේ වෙදකමේ තියෙන කිසියම් පාරභෞතික බලයක්, පිරිත් බලයක්, දේවබලයක්, හාස්කමක් වැනි දෙයක් අර සත්තුන්ගේ මස්මාළු කෑමෙන් නැති වෙනවාය යන විශ්වාසයෙනි.
යන්තර පළඳින අයටත් එහෙම සත්තුන්ගේ මස්මාළු නොකා ඉන්නටය කියා උපදෙස් දෙනවා.
කෑවොත් කිල්ලට අහු වී යන්තරේ බලය නැති වෙන බව ඔවුන් විශ්වාස කරනවා. 
සතෙකුගේ මස් කෑල්ලක් නැතුව වේලක් කන්න බැරි ඇතැම් නෝනාමහත්තුරුන් පිළිකුත්තුව දේවාලයට යනවා කියා ඊට පෙර මාස තුනක් මස්මාළු කෑමෙන් යස අගේට වැළකී සිටිනවා.
මේ සියල්ලෙන්ම කරන්නේ සත්තුන්ගේ මස්මාළු කෑමෙන් ආතුරයා වැළැක්වීමයි.
නිකම්ම මස්මාළු නොකා ඉන්න කීවාට මිනිසුන් එසේ කරන්නේ නැහැ.
ශරීරයට අහිතකර රසායනික සංයෝග සාන්ද්‍ර වෙලා තියෙනවා සත්තුන්ගේ මස්මාළුවල. ඒවා විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. සත්තු මරනකොට ඇතිවෙන බිය සහ වේදනාව නිසා ඔවුන්ගේ ශරීරයේ හැදෙන රසායනික සංයෝග විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. ඒ වගේම සත්තුන්ගේ මස්මාළු ඉවීමේදී නිපදවෙන අහිතකර රසායනික සංයෝග විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
සමාජයේ සාතිශය බහුතරයකට මේ විද්‍යාත්මක කාරණා තේරුම් ගන්න තරම් දැනුමක් නැහැ. එක්කෝ දැනුම වැඩි නිසා තේරුම් ගන්න බැහැ (හිනා).
විද්‍යා කියන්නේ “දැනගැනීම”
සත්තුන්ගේ මස් රසට කුඩා කල සිට දිව හුරුවෙච්ච සාමාන්‍ය මිනිසුන්ට මේවා කිව්වාට ඒ අහිතකර රසායනික අඩංගු මස්මාළු නොකා ඉන්නේ නැහැ. ඒ නිසා සරල සමාජයට මේ විද්‍යාත්මක කාරණා තේරුම් කරන්න යන එක තේරුමක් නැහැ.
මගේ ශරීරය කියන්නේ එකම “රසායනික ප්‍රතික්‍රියාවලියක්” පමණක් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
ඇහැට පෙනෙන මැක්‍රෝ ලෙවල් එකේ එහෙම ක්‍රියාවලියක් නොපෙනුනාට මයික්‍රෝ ලෙවල් එකේ හැම මොහොතේම රසායනික සංයෝග හැදෙනවා කැඩෙනවා නැවත හැදෙනවා.
මේ රසායනික ක්‍රියාවලිය හැරෙන්න මේ ශරීරයේ “ආත්මයක්” වැනි අමතර දෙයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ. තිබෙන්න අවශ්‍යත් නැහැ. සියල්ල පැහැදිලි කරන්න පුළුවන් ආත්මයක් නැතිව.
මේ රසායනික ප්‍රතික්‍රියාවලියට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය තමයි “ආහාර” කියන්නේ. අපි කන දේවලින් තමයි මේ ශරීරය නිරන්තරයෙන් හැදෙන්නේ. කෑවේ නැත්නම් මේ රසායනික ප්‍රතික්‍රියාවලිය කරගන්න බැරිව නවතිනවා.
ඒකට තමයි මරණය කියන්නේ.
ඊට පස්සේ තවත් රසායනික ප්‍රතික්‍රියාවලියක් පටන් ගන්නවා. හැදි හැදී කැඩි කැඩී යනවා. මේකට සංසාරය කියනවා.
මයික්‍රෝ ලෙවල් එකේදී මස්ද මාළුද හාල්ද තෙල්ද කියලා නැහැ. සියල්ල රසායනික සංයෝග. තවත් පහළට බෙදුවොත් පරමාණු. තවත් පහළට බෙදුවොත් උප පරමාණුක අංශු. කොච්චර බෙදුවත් ඔච්චර තමයි.
බෙදලා බෙදලා අන්තිමට මුකුත් නැති වෙන්නත් පුළුවන්. නතින්ග් ඉස් සම්තින්ග්.
උඩට එන්න එන්න තමයි ඒ පොදු භූතයන් සංයෝග වෙලා හදන රසායනික ක්‍රියාවලිය වෙලා රූප හැටියට පෙන්නේ. ඒ අතර එක ලෙවල් එකකදී ඇතැම් සංයෝග ශරීරය කියන රසායනික ක්‍රියාවලියට හොඳයි. සමහර ඒවා නරකයි. උදාහරණයක් හැටියට සර්ප විෂ කියන රසායනික සංයෝගය ශරීරයේ සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවලිය බිඳිනවා. ඒ නිසා ඒක නරකයි කියනවා.
“ශරීරය” කියා හඳුන්වන රසායනික ප්‍රතික්‍රියාවලියට හොඳ වගේම නරක සංයෝග තියෙනවා සත්තුන්ගේ මස්මාළුවල. සිංහල වෛද්‍යවරු විසින් රෝගීන්ට මස්මාළු නොකා ඉන්න කියන්නේ අර නරක රසායනික සංයෝගවලින් වළක්වන්න බව පැහැදිලියි. එතකොට ශරීරයේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවලිය හොඳට වෙනවා. විරේක කරනවා කියන්නේ අර නරක සංයෝග හැකිතරම් ශරීරය නමැති ක්‍රියාවලියෙන් ඉවත් කිරීමයි.
දැන් ඔබ හිතනවා ඇති එතකොට එළවලු පළතුරු ධාන්‍යවල හොඳ වගේම නරක සංයෝග නැතිද කියා. තියෙනවා. නියඟලා අලයේ කාබෝහයිඩ්රේට් වගේම අධික විෂත් තියෙනවා. කෑවොත් මැරෙනවා. ඒ නිසා කන්නේ නැහැ.
විෂ කියා අප හඳුන්වන සංයෝග නැති හෝ ඉතා අවම එළවළු පළතුරු ධාන්‍ය තමයි අපි කන්න තෝරාගෙන තිබෙන්නේ. සිංහල වෙදකමේ තියෙන්නේ ශාකසාර ඖෂධ.
මේ ආකාරයට අපිට පුළුවන් සිංහල වෙදකමේ සහ යන්තර මන්තර ආදියේ කියන සත්තුන්ගේ මස්මාළු නොකා ඉන්නය කියන කාරණය තේරුම් ගන්න.
නමුත් මේවා තේරුම් කරනවාට වඩා ඉතාම පහසුයි සත්තුන්ගේ මස්මාළු කෑවොත් වෙදකමේ බලය නැතිවෙනවා කියා රෝගියාට කියන එක.
විශේෂයෙන්ම මේ රටේ මිනිසුන් සමග විද්‍යාත්මක තාර්කික සංවාද කරන්න යන එක කාලය කා දැමීමක්. යන්තරේ කියලා බෙල්ලේ එල්ලා ගත්තට ඇත්තම යන්තරේ තමයි මේ “රසායනික ක්‍රියාවලිය” කියන යන්ත්‍රය.
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc Genetics, Microbiology, Biochemistry
eranda.ginige@gmail.com
2022 සැප්තැම්බර් 17
යන්තරේ බල නසන මස්මාළු - (එරන්ද ගිනිගේ)
T
The Leader Desk
September 17, 2022 • 11:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රෝගියා එය ගන්නේ වෙදකමේ තියෙන කිසියම් පාරභෞතික බලයක්, පිරිත් බලයක්, දේවබලයක්, හාස්කමක් වැනි දෙයක් අර සත්තුන්ගේ මස්මාළු කෑමෙන් නැති වෙනවාය යන විශ්වාසයෙනි.
- කෑවොත් කිල්ලට අහු වී යන්තරේ බලය නැති වෙන බව ඔවුන් විශ්වාස කරනවා. සතෙකුගේ මස් කෑල්ලක් නැතුව වේලක් කන්න බැරි ඇතැම් නෝනාමහත්තුරුන් පිළිකුත්තුව දේවාලයට යනවා කියා ඊට පෙර මාස තුනක් මස්මාළු කෑමෙන් යස අගේට වැළකී සිටිනවා.
- සත්තු මරනකොට ඇතිවෙන බිය සහ වේදනාව නිසා ඔවුන්ගේ ශරීරයේ හැදෙන රසායනික සංයෝග විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
- මගේ ශරීරය කියන්නේ එකම “රසායනික ප්‍රතික්‍රියාවලියක්” පමණක් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



