The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෑස්වලින් කොමිස් ගැහුවද ! මොකද කරන්නෙ? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

September 18, 2022 • 6:37 AM

ගෑස්වලින් කොමිස් ගැහුවද ! මොකද කරන්නෙ? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි.
  • රජයට සැපයුම් කරන වැඩේ නිසානෙ මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ.
  • නැතිනම් ඌ වෙන තැනකට බිස්නස් එක ගෙනියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කියලා.

මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි.

ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා.

ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි.

එහෙම නොකර කෙළින්ම නිගමනවලට එන එක ප්‍රොෆෙෂනල් නැහැ.

මේ ලිපිය කියවන්න. ඒකෙ විස්තරය තියෙනවා.

 

කොමිස් කියන්නෙ බිස්නස්වල සාමාන්‍ය දෙයක්. මාකටිංවලදි තමන්ට බිස්නස් ගේන එකාට සලකන එක සාමාන්‍ය තත්වයක්. ධනේශ්වර නිෂ්පාදනයෙදි හා සේවාවන්වලදි මේක ඉතා සාමාන්‍යයි. නිෂ්පාදනයට වඩා බ්‍රෑන්ඩ් එකත්, ඊටත් වඩා මාකටිනුත් වෙළඳපොළේදි ප්‍රමුඛයි.

 

සරල උදාහරණයක් ගත්තොත්, ඉන්ෂුවරන්ස් පොලිසි එකක් විකිණුවාම රජයට අයත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම පවා රක්ෂණ නියෝජිතයාට විශාල කොමිෂන් එකක් ගෙවනවා.

රජයට සැපයුම් කරන වැඩේ නිසානෙ මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. රජයේ නීති අනුව කොමිස් ගන්න බැහැ. හැබැයි මාකටිං අනුව කොමිස් දෙන්නම ඕනැ.

මොකද, බිස්නස් එක රැකගන්න නම් බිස්නස් එක ගේන එකාව සතුටු කරන්න ඕනැ. නැතිනම් ඌ වෙන තැනකට බිස්නස් එක ගෙනියනවා. කොමිස් ජාවාරම්වලට මග විවෘත වෙන්නෙ එහෙම. ඕක පාලනය කරන්න ඉතාම අමාරුයි.

 

මේවට විසඳුම රජය බිස්නස් කරන එකෙන් අයින් වෙන එක. උදාහරණයක් විදියට ගෑස් වෙළඳපොළ නිදහස් කරලා, ඉල්ලුමට සාපේක්ෂව වැඩි සැපයුමක් තිබෙන තරගකාරී පරිසරයක් හැදුවා නම්, ලිට්‍රෝ එකට කොමිස් ගහලා වැඩි මිලට විකුණන්න බැහැ. රජයේ සමාගමක් නොවෙයි නම් ලිට්‍රෝ එක ප්‍රමුඛ වෙන්නෙත් නැහැ.

 

හැම රටකම ධනේශ්වර වෙළඳපොළේ සේල්ස් කොමිෂන්ස් තියෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ රජයට සැපයුම් කරද්දියි.

කොමිෂන්ස් නොගෙන ඉන්න තරම් අවංක රජයේ නිලධාරීන් ලංකාවෙ නම් හොයාගන්න අමාරුයි. වක්‍රව හරි වාසි ගන්නවා.

ඖෂධ වෙළඳපොළ හොඳ උදාහරණයක්. සැපයුම් කරන අයගේ සිට නිර්දේශ කරන අය දක්වාම විවෘතවම වාසි බෙදනවා. ටයි දාගත්ත ඖෂධ වෙළඳ නියෝජිතයන් රජයේ රෝහල්වල විවෘතවම ගැවසෙනවා.

රජය කරන්නට ඕනැ වෙළඳපොළ නියාමනය විතරයි.



මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...